පසුගිය රජයෙන් කළ අසාධාරනකම් වත්මන් රජය මගින් නිවැරදි කර ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන් සරත් ෆෝන්සේකා මහතාට සාධාරණය ලැබි තිබෙන බවත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබි ඇති අවස්ථාවේ රටේ සංවර්ධනය සදහා ශක්තිය යොදවන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ පැවසූහ.
ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතාමල්වතු මහ විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගැනිමට පැමිණි අවස්ථාවේ උන් වහන්සේ මේ බව පැවැසුහ.
තන්හාව, ඊර්ෂ්‍යාව, බලයට ඇති කෑදරකම, කුහකකම බලය ගිලිහුණු පිරිස් එකතුව හදන්නට යන පක්ෂයේ පිරි ඇති බවත් තමන් එදා නව පක්ෂයක් සැදුවේ දූෂිත ඒකාධිපති පාලනයට විරුද්ධව බවත් මේ ආකාරයෙන් යටිකුට්ටු වැඩ කර කකුලෙන් ඇදිමට නොවන බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම හිතාගෙන ඉන්නේ සරත් මහත්තයා හින්දා යුද්ධය දිනුව කියලා. 2009 ට කලිනුත් සරත් මහත්තයා හිටියනේ. යුද ජයට වෙච්ච එකම වෙනස යෝෂිතගේ හමුදාවට එක්වීම. (නි)
අද වන විට රටේ බහුතරයක් වලිගය පාගාගෙන වගේ. මහින්ද වගේම රට රකින්න සරතුත් අසිමිතව කැපවුණා. නමුත් හැමදේම ඉවරයි අපේ හමුදා කොල්ලො නැත්නම් (නි)
දහම්, නිකන් මෝඩ කතා කියන්න එපා. සරත් මහත්තයාගේ 30 වසරක අත්දැකීම්, නොසැළෙන අධිෂ්ටානය, බෝම්බ ප්‍රහාරයෙන් පසුව ලැබූ නව පන්නරය තමයි යුධ ජයග්‍රහණයට මුලික හේතුව. (නි)
රටේ ගසාකාපු ධනස්කන්දය නැවත ජනතා සතුකරලා දැඩි දඬුවම් දෙන්න. අපේ රටේ තව අවුරුදු ගානකට අසරණ මිනිසුන්ට සහන සළසන්න ඒ මුදල හොඳටම ප්‍රමාණවත්. (නි)
එස්.එෆ්. යුද්ධ කළේ හොඳ නායකත්වයක් යටතේ. ඒකයි අපි අද හුස්ම ගන්නේ. (නි)
තිලක් ඩුබායි, පසුගිය රජය මුදල් කාබාසිනියා කලා කියමුකෝ, නමුත් එම සංවර්දනයෙන් බිදක් අද තියනවද. (හේ)
අපි දේශපාලන පක්ෂ බදාගෙන දඟලන්නෙමු. ඒ අතර දේශපාලුවෝ ජනයා රවටමින් සුර සැප විඳිති. (හේ)
අපේ ඉතිහාසයේ රාජ්‍ය නායකයෝ කිහිප දෙනෙක්ම යුද්ධය ඉවර කරන්න හිටපු හමුදාපති වරුන්ට උපදෙස් දුන්නා. නමුත් ෆොන්සේකා මැතිතුමාට විතරයි යුද්ධය ඉවරකරන්න පුළුවන් උනේ. මෙතුමා දුෂණයෙන් තොර පුද්ගලික කාරනා මත තීරණ නොගන්න කෙනෙක් නිසා, ඕන වැඩක් හරියට කරන්න පුළුවන් කියලා මම හිතනවා. (ර)
දහම් ඔබ හරි. (ර)
සංවර්දනයට පෙර ඔහුට මේසයක් පුටුවක් දෙන්න (හේ)
රට බේරාදුන් මහින්ද නිසා ඔබ අද දේශපාලනය කරනවා. (ර)
හැමෝටම ප්‍රශ්නෙ යුධ වීරයා මහින්ද රාජපක්ෂ ද සරත් ෆොන්සේකා ද කියන එක. එතකොට නාවික හමුදාව සහ ගුවන් හමුදාව යුද්ධ කළේ නැත්ද? පොලීසිය දායක වුනේ නැත්ද? ජීවිත පරිත්‍යාග කළේ නැත්ද? ඒ දේවල් අමතක කිරීම මොන තරම් අකෘතඥද? (බ)
තිලක් ඩුබායි.ලක්ෂයක් ගෙවන්නේ බිලින් වලින්ද? (බ)
මේකෙන් කරන්න පුළුවන් කෙහෙල් මලක් නැහැ දෙනවනම් ඔහුට ආරක්ෂක ඇමතිකම දීපල්ලා (බ)
හොරු අල්ලන්න පුළුවන් ඇමති ධුරයක් මෙතුමාට දෙන්න. (ර)
ඇත්තම කියල තන්හාව, ඊර්ෂ්‍යාව, බලයට ඇති කෑදරකම, කුහකකම, බලය ගිලිහුණු පිරිස්, ජනතාව ප්‍රතික්ෂේප කරපු, මේ එකතුව සේරම ඉන්නවා දියවන්නාවේ දැන් ඇමති කමුත් අරගෙන. ලැජ්ජයි, හිරිකිතයි, අප්පිරියයි නේද. (බ)
රට ඉබිගමනේ ගියත් කමක් නැහැ හොරා නොකා , දේසපාලුවෝ පිනුම්ගසන්නේ මායිම් ගමේ දුප්පත් ගොවියාගේ සහ අරාබිකරයේ වැඩ කරන අපේ අයගේ මුදලෙන්. (ර)
අපිට ඕනේ වුනේ ඔබතුමා මුදල් ඇමැති හෝ අධිකරණ වෙනවා දකින්න. එහෙම වුනානම් හොරු එකෙක්වත් නැහැ. හැබැයි මේ ආණ්ඩුවේත් ඉන්නවා ගොඩක් ඉරිසියා කුහක මිනිස්සු. පරෙස්සමින්. (බ)
රන්මලී වගේ හිතන කට්ටියත් එහෙනම් ලංකාවේ තාම ඉන්නවා? (ර)
ඒත් ඉතින් ෆොන්සේකා මහින්ද බලයට එන්න කලිනුත් හිටියනේ. ඉතින් මොකද රට නිදහස් කරගන්න නොහැකි වුණේ? (නි)
සරත් ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, බඩු මිල ඉවසාගෙන හිටි මිනිස්සු සහ නිර්භීත යුද සෙබළු (පැනලා ගිය අය නෙවෙයි) තමයි යුද්ධය දිනාගන්න වැඩියම ක්‍රියා කලේ. (ර)
එදා මේක සිංහලයන්ගේ රට. එය රැකීමේ ශක්තිය අපිට තිබෙනවා. (නි)
රටේ ගසාකෑ ධනස්කන්දයට වන්දි ගෙවන්නේ ඔබ සහ අපියි. අපේ රටේ උපදින දරු පරම්පරාවයි. (නි)
බණ්ඩාර කුවේට්. මම අවූරුදකට රුපියල් ලක්ෂයකට වඩා බදු ගෙවනවා. අපිට අයිතියක් තිබෙනවා අපෙන් ගසා කන මුදල් වලට වුනේ මොකද කියලා දැන ගන්න. ජෙනරාල් තුමනි හොරු ගසා කාපු දනස්කන්දය නැවත ජනතා සතු කරලා දැඩි දඩුවම් දෙන්න. (ර)
එතකොට ජේආර් ජනාධිපතිතුමාගේ කාලේ අර පරිප්පු දාපු එක නවත්වල ඇයි හමුදාවට කියන්න බැරිවුනේ වඩමාරච්චි ගහගෙන ගියපු කාලේ ප්‍රබාකරන් අල්ලන්න කියල. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ යුධ වීරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. සරත් ෆොන්සේකා එක සොල්දාදුවෙක් පමණි. සරත් ෆොන්සේකා මැතිතුමනි දැන්වත් ඔය කට පියාගෙන ඉන්නවද. (බ)
කතාව නම් ඉතාමත්ම කාලෝචිතයි. එමෙන්ම බල තණ්හාව නිසා රටේ සංවර්ධනය පසෙකලා, ජාතික ධනය කාබාසිනියා කරමින්, සුඛෝපභෝගී ජිවිත ගතකළ අපේ රටේ හිටපු සමහරුන්ගේ දුෂිත පාලනය සමයේ සිදුකළ සියලු වංචා ආදිය ගැනත් මෙතුමාට මනා දැනීමක් තිබෙන බවත් අප සියලු දෙනාම අමතක නොකළ යුතුයි. (නි)
අතුල. ඔබ හරි. කම්බා හොරු අල්ලාවි කියන බියටයි වැඩක් නැති ඇමති කමක් දෙන්නේ. (බ)
ඒ කතාවනම් හරි.(හේ)
පෙරට වඩා රට ගොඩගැනීමට ශක්තිය ලැබේවායි හදවතින්ම පතමි (නි)
අපිත් ඒ අදහසට එකඟයි (නි)
රට බේරාගත්තට ඔබතුමාට බොහොම ස්තුතියි. එත් ඒකට පහුගිය ආණ්ඩුව එනතුරුම හිටියේ ඇයි..? (නි)
ඒ කතාව නම් ඇත්ත (නි)
තිලක් මහත්තයෝ බොරු කියන්න එපා මම දන්නවා ඔබ තුමා කව්ද කියලා. (ර)
මේවා දැක්කහම හිනා යනවා. තවම ඇස් පාට කරගෙන ඉන්නේ. (ර)
තිලක්-ඩුබායි, පාගාගත් වලිගය දැන්වත් අතහැර ගන්න. රටේ ආර්ථිකයට වෙලා තිබෙන දේ පේනවා නේද අවුරුද්දකට? ලෝක ආර්ථික අර්බුදයක් තිබුණු 2013-14 කාලේ ලංකාවේ කිසි කරදරයක් මිනිසුන්ට නැහැ. පසුගිය වර්ෂයට විදෙස් යෝජනා 97%කින් කඩා වැටිලා. ආයෝජකයෝ ඩොලර් මිලියන 2000 අරන් ආපසු ගිහිල්ලා. දැන් ආණ්ඩුව අාපසු ජනතාවට බදු බර පටවනවා. මේවට වගකියන්න ඕනෑ තිලක්-ඩුබායිලා වගේ අය. (නි)
තිලක් ඩුබායි හීනෙන් නැඟිටලා වගෙයි (නි)
ඩුබායි තිලක් කියන්නේ අර මහ බැංකු වංචාව ගැනද? (නි)
අදහස හොඳයි. ඒත් කණගාටුයි, එතුමා හොඳ සිවිල් පාලන ක්‍රමයකට නොවෙයි, හමුදාවේම ඇමතිකමකට. මෙතුමාට ඉවසීමේ ගුණය, සිවිල් සමාජ කළමනාකරණ හැකියාව නැහැ. ඒ බව දැනටත් ඔප්පුවෙලා තිබෙනවා. (නි)
කවුරු යුධ හමුදාපතිකම කළත් සතුරා වැනසීමේ නියෝගය ලැබිය යුත්තේ දේශපාලන නායකත්වයෙන්. කොටියා විනාශ කිරීමේ අවශ්‍යතාවය එදා බලයේ සිටි කට්ටියට තිබුනේ නැහැ. එමෙන්ම සිංහලය රැක ගැනීමේ අවශ්‍යතාවය අද බලයේ සිටින කට්ටියට ඇත්තෙත් නැහැ. යුධ විරුවන් විරසක නොවුණා නම් මේ රට විදේශිය රූකඩයක් වෙන්නේ නැහැ. (නි)
අනේ ෆොන්සේකා මහත්තයො, පසුගිය රජය සමයේ මාතර නවනගර සැළැස්මට අනුව කඩපු පාරවල් ටික කොහොමහරි කමක් නැහැ හදලා දෙන්න කියන්න. (නි)
පහුගිය රජය කාලේ පටන්ගත් වැඩ තවම ඉබි ගමනේ යනවා. මම දැක්කා ගාල්ල -උඩුගම පාර දැන් අවුරුදු 2ක් තිස්සේ තවම ගල් දානවා සමහර තැන්වල. කරාපිටියේ පැත්තේ හදන පාරක් කාණුත් කොන්ක්‍රීට් කරලා මාසයක් යන්න කලින් නැවත සැරයක් පළල් කරමින් කොන්ක්‍රීට් කරනවා. එකවර කරන්න තිබුණා වැඩේ. මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න. විශාල මුදල් අපතේ හැරීමක්. (නි)