එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ පත්වීම හා එම ධූරයේ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්,එබැවින් එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා,කතානායක,මැතිවරණ කොමිසමේ සභාපති, පාර්ලිමේන්තු මහලේකම්,නීතිපති ඇතුළු අට දෙනෙකි.
නීතීඥ විරාන් කොරයා මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු යෝජනා නාමාවලියේ නොසිටි සරත් ෆොන්සේකා පත් කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීමක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 19 අ වගන්තීන් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බවද පෙත්සම්කරු කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් ජයසිංහ, ඔබ හරියට හරි. (නි)
අපේ කාලේ අපි අහලා තිබුනේ මේක භද්‍ර කල්පය කියල. ඊට පස්සේ වෙද මහත්තයෙක් කස්තුරි කල්ප යෝගේ කියල ගහපු ගමන් නාග සලන් වෙන බේතක් හැදුව.දැන් මේ විකල්ප කාරයෝ හදන එක ඊටත් වඩා බල සම්පන්න එකක්ද? මේ ගොල්ලෝ ජෝකර්ලා නිකං ලෙඩ දානවා වගෙයි මට නම් පේන්නේ.ඕන බම්බුවක් කර ගන්න කියලා ගණන් ගන්නේ නැතුව ඔහොම යාන්! (බ)
ඔය ලිස්ට් එකේ ඉන්න කට්ටිය අරන් බලමුකෝ. ඒ උදවියට වඩා මෙතුමාගෙන් මේ වෙලාවේ රටට වැඩක් ගන්න පුලුවනිනම් ඔය කියන ප්‍රශ්නයට වඩා එය වැදගත් නේද? අනෙක ලිස්ට් එකේ නොසිටි කී දෙනෙක් දැන් පාර්ලිමේන්තුවට යවලද? ඒ එකම එක්කෙනා මෙතුමා උනා නම් අපිත් විරුද්ධයි. අනෙක් අතට මෙතුමාගේ ඡන්දෙන් දිනලා ගත මන්ත්‍රී කම අහෝසිකරපු එකට සහ එතුමා රටට කරපු සේවයට ගරු කිරීමක් ලෙස හෝ මෙය සුදුසු නොවේද? අනෙක පත් කල මන්ත්‍රී ලිස්ට් එක තිබෙන්නේත් මෙවැනි උදවිය පාර්ලිමේන්තුවට ගැනීමට බව අමතක උනාද? (ර)
එජාප කෙනෙක් ඇත්තෙම නැද්ද? (නි)
මොකක්ද මේ අයට තියන අමාරුව (හේ)
මෙතනට ෆොන්සේකා ගෙනාවේ ඇයි කියලා අපි දන්නවා. බලාගෙන ඉන්න මේ රටට වෙන්නේ මොකක්ද කියලා (නි)
එස් එෆ්ගේ නම ඇහෙනකොටත් සුළුදිය පහවෙන කොටසක් ඉන්නවා තාම රටේ. එතුමාට බාරදෙන්න ඕනෑ පොලිසිය. මේ රටේ ඉන්න හොර නඩේ සුද්ද කරලා දාන්න (නි)
මම හිතා හිටියේ විකල්පයේ ඉන්නේ මොළේ තියෙන හොඳ මහත්මා ගති තිබෙන අය කියලා. (නි)
මොකද මේ ගොඩක් අයට ෆොන්සේකා මහත්මයාව දකිද්දී ඇඟ ශීතල වෙලා, වෙව්ලලා උන අරගෙන බඩේ අමාරුව හැදෙන්නේ?(අ)
බංකොලොත් කේන්ද්‍රයට හොර සල්ලි එන්නතක් ලැබිලා වගේ.(අ)
බංකොලොත් දේශපාලකයන් ඔහොම තාම(අ)
ෆොන්සේකාට ඇත්තටම අකමැති මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)
රවී,එයත් යාහපාලානේ ගෙන්න කඩේ ගියකෙනෙක් නමුත් එම පත්වීම නීත්‍යානුකුල නොවන යහපාලනයට පටහැනි නිසා ඔහු නීතියේ පිහිට පතනවා ඇති.(අ)
සරත් ෆොන්සේකා යනු වැඩකාරෙකි, ලොවම පිළිගත් වැඩකාරෙකි. ඔහු තැනකට එනවාට ,හොරු ,හොරා කාපු අය බොරු චෝදනා නගපු අය ඔහුට බයය. නොකළ එකා ඔහුට කැමතිය, ඒ මන්ද?. පසුව ඔහුගෙන් රටට වෙන සේවය කොතක්දැයි සිතීමට හැකිනිසා. (අ)
වීරයන්ට අපි බයයි මල්ලියේ.... (නි)
රවී එයා නොවේ ඔයානේ කඩේ යන්නේ (බ)
එජාපෙට ඡන්දේ දීපු අපි කැමතිනම් ෆොන්සේකා මහතාට මන්ත්‍රී ධූරය දෙන්න කොහොවත් ඉන්න එකෙක්ට තියෙන අමාරුව මොකක්ද ? (බ)
ලිස්ට් එකේ නම නැතුව බැසිල් රාජපක්ෂ පත්කරන වෙලාවෙ මහින්දට විරුද්ධව සරවනමුත්තුලා උසාවි ගියේ නැත්තෙ මරණ බයට වෙන්න ඇති නේද ? අනේ අනේ... (බ)
මොනවා හරි ලැබෙන්න ඇති , ෆොන්සේකාට විරුද්ධව උසාවි යනවට , කාගෙන් හරි (බ)
ආනන්ද මහතා එදා පොන්සේකා මහතා කවුරුවත් ඉදිරියට ගත්තේ නැහැ එතුමා ගේ ගති ගුණ දන්නා නිසා එජාපෙ කෙනෙක් නිසා. නමුත් පැන්ෂන් යන්න සුමාන දෙකක් තියෙද්දී සිනියරිටි පැත්තක දාල පොන්සේකා මහතාව හමුදාපති කළේ ගොඨභය මහතා විසින්. වැඩි දුර විස්තර වලට යුද හමුදාවට අයත් නිල වෙබ් අඩවිය බලන්න . අද පොන්සේකා මහතා ට මුල මතකද නැහැ. ගොඨා නැතිනම් අද පොන්සේකා මහතා කියන්නේ කවුද කියලා වත් දන්නේ නැහැ .(අ)
නාමල් මෝඩ කතා කියන්නඑපා (බ)
මෙයා විතරක් නෙවෙයි පැරදුණු කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න හොඳ නැහැ (ම)
එදා එතුමා හමුදාපති වෙනකොට බයවුනේ ප්‍රභාකරන්. දැන් (බ)
මේක වැරදි ... කාවහරි පැරදුනාම අාපහු එනේක නවත්වන්න ඕනේ (බ)
ෆොන්සේකාට නැවත නැවත බලයට එන්න හොදයි. හැබැයි මහින්දට නරකයි.(ම)
මෙතුමාට යන්න වුනොත් වෙල් විදානේ කමටත් අවනම්බුවක් .(බ)
ෆොන්සේකා මහතාට මම සුබ පතමි. (බ)
ෆොන්සේකා මහතා අපේ රටේ අංක එකේ ජාතික වීරයෙක්. එතුමාට ඉතිහාසයේ තියෙන නම කාටවත් මකන්න බැහැ. එතුමාට ජයෙන් ජය! (නි)
ගෙදර යවනු (බ)
එයාට මොකද්ද තියන අමාරු ව .....එයත් කඩේ යනවද? (බ)
අපි බලමුකෝ මේ නීති විරෝධී පත්වීම කොහොම අනුමත කරයිද කියල (බ)
විජේදාස මහත්තය ඔය ගැන කිව්වා ගණන් ගත්තේ නැහැ (බ)
දැන් සමහරු කෙළින් එන්න බය නිසා බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා (නි)
හිස්වූ අසුනට සුනේත්‍රා නෝනව පත් කරනවා නම් හොඳයි (බ)
මොනවා වුණත් ඔය මනුස්සයාගේ තිබුන අපරිමිත ධෛර්යයෙන් තමයි යුද්ධය කෙළවර වුණේ. ඔය අද කවුරු ළකුණු දාගත්තත් ඔය මනුස්සයා නොහිටින්න යුද්ධ කරනවා බොරු. එම ගෞරවය ඔහුට දිය යුතුමයි. (නි)
එන්ජීඕ සල්ලිවලට මොනවා හරි කරන්න එපැයි. (බ)
කිෂානිගේ ගායනයට විරුද්ධව කමෙන්ට්ස් දාන ඔය හීනමාන කාරයෝ දන්නේ නැති වුනාට ඒ කට්ටිය ඩාන්ස් දාන සිරි සඟ බෝධි රජ මාලිගාවේදී කියන විකෘතියත් ඔය නාට්‍යයේම එකක් ,අනෙක දන්නෝ බුදුන්ගේ කියල පටන් ගත්තට මේක අනුරාධපුරය ගැන කරන වර්ණනාවක්. ඔහේ කනා බල්ලන් ගහන වගේ ආණ්ඩුවට තියෙන විරෝධය අහිංසක කෙල්ලක් පිටින් යවන. නියම බෞද්ධයෝ! (බ)
බොහොම හොඳයි! මේ කට්ටියට වෙන වැඩ නැති නිසා මේවගේ වැඩකටවත් ට්‍රයි එකක් දාල බලන්න! (බ)