IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ෆොන්සේකා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරයේ මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



අදහස් (0)

ෆොන්සේකා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

ජයන්ත Thursday, 25 February 2016 09:11 AM

දැන් මේ කට්ටියට මතකම නැතුව ඇති අර දියවන්නාවේ ඉන්න ඇමති ගණන එහෙම නේද? යහපාලනය තියෙන නිසා ගානේ ප්‍රස්නයක් නැතුව ඇති නේද ? මොකද දැන් මේගොල්ල නඩත්තු කරන්නේ ලංකාවේ බදු මුදලෙන් නෙමෙයිනේ. (ර)

:       0       0

අසංක Thursday, 25 February 2016 09:13 AM

අප සියලු දෙනාගේම උණුසුම් සුබ පැතුම් ! ඔබ තුමා නිසා තමයි අද අපි යුද බිය නැති නිදහස් රටක ජීවත් වන්නේ. අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාට තෙරුවන් පිහිටෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ! තව චිරාත් කාලයක් ලක් මවට සේවය කිරීමට ලැබේවා ! (ර)

:       0       0

සුමාල් පෙරේරා Thursday, 25 February 2016 09:42 AM

දැන්වත් ලැබුණු ඇමති වරප්‍රසාදයෙන් රටට වැඩක් කරන්න ෆීල්ඩ් මාෂල්තුමා. (ර)

:       0       0

නන්දලාල් ප්‍රංශය Thursday, 25 February 2016 09:45 AM

මෙය ඉතාමත් වැදගත් අවස්ථාවක් යහපාලන රජයට. කෙසේ උනත් මීට වඩා බලතල ඇති ඇමතිකමක් මෙතුමාට දෙන්නයි තිබුනේ. (ර)

:       0       0

සත්‍යපාල Thursday, 25 February 2016 10:00 AM

මාස 13 ට ඇමතිකම් පැටවූ ගහපු විදිහට මේ ආණ්ඩුව තව අවුරුදු 4 හිටියොත් අර මොන රේඩියෝවද අහන්නේ කියලා ගෙට තට්ටු කරලා අහල එෆ් එම් නලිකා වලින් සල්ලි දෙනවා වගේ මේ ගෙවල්වල නිකන් ඉන්න අපිටත් ඇමතිකම් ලැබෙයි. (ර)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 25 February 2016 09:55 AM

අවංක සේවයක් ගැන අපි බලාපොරොත්තු වෙමු. (ර)

:       0       0

ගොඩෆ්‍රී Thursday, 25 February 2016 10:20 AM

ගරු සරත් ෆොන්සේකා මහතානෙනි ඔබට අහිමිවූ සියලුම දේ නැවත ලැබීඇත. ලැබී ඇති තනතුරේ අදහස එලෙසෙම ඉටුකරාවි යැයි බලාපොරොත්තුවෙමු. රටක බර කරට ගෙන සටන් වැදී, දිනු ඔබට මෙහි ඇත්තේ මොන සටනක්ද කියා මට සිතිනි. ඔබට ජයම වේවා කියා පතමි.! (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 25 February 2016 10:23 AM

අපිත් මේ තරම් කාලයක් බලගන හිටියේ සංවර්ධනය ඇති වෙන්නේ කවදද කියලා. දැන් පටන් ගනිමු. (ර)

:       0       0

පාටලී Thursday, 25 February 2016 10:43 AM

අපිටත් ඇමතිකමක් දෙන්න බැරිදෝ.... (ර)

:       0       0

සුරනිමල Thursday, 25 February 2016 10:49 AM

මේවා දෙන්නන් වාලේ දෙන ඇමතිකම් . මිනිහෙකුගේ දක්ෂකම් අනුව එපැයි ඇමතිකම් දෙන්න. (ර)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 25 February 2016 10:50 AM

අපි බලන් හිටියේ පහුගිය කාලේ වෙච්චි අපරාධවලට දඩුවම් දෙන අමාත්‍යාංශයක් ලබා දෙයි කියලයි. (ර)

:       0       0

සමන් Thursday, 25 February 2016 10:52 AM

ඔබ තුමා අවංක දක්ෂ නිලදාරියෙක්. කරන වැඩේ කැපවීමෙන් අකුරටම ඉටු කරන කෙනෙක්. ඔබෙන් හොඳ සේවයක් අපි බලාපොරොත්තු වෙනවා. (ර)

:       0       0

ජයරත්න Thursday, 25 February 2016 11:59 AM

අපි බලාපොරොත්තු උනේ එතුමාගෙ දක්ෂතාවයෙන් සහ පලපුරුද්දෙන් රටට වටිනා සේවයක් කිරීම සදහා නීතිය හා සාමය පිලිබද ඇමතිකම භාර දෙයි කියලා. එහෙම කලොත් ඔය අල්ලන්න බැහැ අල්ලන්න බැහැ කිය කිය ඉන්න අපරාධ ටිකත් ඉක්මනින්ම අල්ල ගනී. (ර)

:       0       0

රවී රණතුංග Thursday, 25 February 2016 12:02 PM

ඔබ තුමාට ජයවේවා.!

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 25 February 2016 12:21 PM

ජයරත්න, ඔබ හරි. මෙතුමාට නීතිය හා සාමය පිළිබඳ ඇමතිකම දෙන්න තිබුනේ (නි)

:       0       0

ඇසළ Thursday, 25 February 2016 12:46 PM

දන්නා කෙනෙක් ලියනවද දැනට ඉන්න සියළු ඇමතිවරු ගණන කීයද කියලා. ගිනස් පොතට දාන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 25 February 2016 12:58 PM

අපි දන්නා විදියට පුරප්පාඩු වුණේ ඉඩම් ඇමතිකම. මේක එතකොට පැටවූ ගහපු ඇමතිකමක්ද? කමක් නැහැ. මහින්ද මහත්තය නෙමෙයිනේ දෙන්නේ. යහපාලනයෙන්නේ. තාම තිහක් නැහැනේ. ඒක හින්දා කමක් නැහැ (නි)

:       0       0

අරවින්ද Thursday, 25 February 2016 01:11 PM

සුබ පැතුම්! (නි)

:       0       0

කපිල Thursday, 25 February 2016 01:45 PM

දැන්වත් වැඩක් කරලා පෙන්වන්න (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 February 2016 03:46 PM

සතුටුයි. ඉතාමත් සතුටුයි. එහෙත් "නීතිය සහ සාමය" සම්බන්ධ ඇමතිකම ලැබුනා නම් රටට විශාල සේවයක් කරන්න තිබුනා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 February 2016 03:57 PM

ජයරත්න, ඔබගේ අදහසටම තමයි මගෙත් තියෙන්නේ. අපේ "දේශප්‍රේමි උපාසක මහත්තුරු" විසින් ලෝකයේ බැංකු වල පුරවා තිබෙන ධනස්කන්දය ඇති අපේ රටේ දුප්පත්කම සහමුලින්ම තුරන් කරන්න. ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට මාසයක් හොඳටම ප්‍රමාණවත්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 February 2016 03:58 PM

වැඩ ඇරිලා ආ ගමන් දැක්කේ හදවතට සතුටුම සුබ ආරංචියක්. දෙවියන්ට ස්තුති වේවා! (නි)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 03:51 AM

පළාත් තුනක් නොව මුළු රටම සංවර්ධනය කරන්න එතුමාට දුන්නනම් නොව වටින්නේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 February 2016 08:51 AM

අනේ වැඩක් නැහැ , මෙතුමාගෙන් යමක් රටට කරගන්නනම් අඩුම තරමේ සාමය සහ නිතිය ඇමති කමවත් දෙන්න ඕන. (ර)

:       0       0

කමල් Thursday, 25 February 2016 08:52 AM

සුදුසුකම් නොබලා තනතුරුදීම තාම නැතිවෙලා නැනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site