පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරයේ මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරයේ මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කට්ටියට මතකම නැතුව ඇති අර දියවන්නාවේ ඉන්න ඇමති ගණන එහෙම නේද? යහපාලනය තියෙන නිසා ගානේ ප්‍රස්නයක් නැතුව ඇති නේද ? මොකද දැන් මේගොල්ල නඩත්තු කරන්නේ ලංකාවේ බදු මුදලෙන් නෙමෙයිනේ. (ර)
අප සියලු දෙනාගේම උණුසුම් සුබ පැතුම් ! ඔබ තුමා නිසා තමයි අද අපි යුද බිය නැති නිදහස් රටක ජීවත් වන්නේ. අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාට තෙරුවන් පිහිටෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ! තව චිරාත් කාලයක් ලක් මවට සේවය කිරීමට ලැබේවා ! (ර)
දැන්වත් ලැබුණු ඇමති වරප්‍රසාදයෙන් රටට වැඩක් කරන්න ෆීල්ඩ් මාෂල්තුමා. (ර)
මෙය ඉතාමත් වැදගත් අවස්ථාවක් යහපාලන රජයට. කෙසේ උනත් මීට වඩා බලතල ඇති ඇමතිකමක් මෙතුමාට දෙන්නයි තිබුනේ. (ර)
මාස 13 ට ඇමතිකම් පැටවූ ගහපු විදිහට මේ ආණ්ඩුව තව අවුරුදු 4 හිටියොත් අර මොන රේඩියෝවද අහන්නේ කියලා ගෙට තට්ටු කරලා අහල එෆ් එම් නලිකා වලින් සල්ලි දෙනවා වගේ මේ ගෙවල්වල නිකන් ඉන්න අපිටත් ඇමතිකම් ලැබෙයි. (ර)
අවංක සේවයක් ගැන අපි බලාපොරොත්තු වෙමු. (ර)
ගරු සරත් ෆොන්සේකා මහතානෙනි ඔබට අහිමිවූ සියලුම දේ නැවත ලැබීඇත. ලැබී ඇති තනතුරේ අදහස එලෙසෙම ඉටුකරාවි යැයි බලාපොරොත්තුවෙමු. රටක බර කරට ගෙන සටන් වැදී, දිනු ඔබට මෙහි ඇත්තේ මොන සටනක්ද කියා මට සිතිනි. ඔබට ජයම වේවා කියා පතමි.! (ර)
අපිත් මේ තරම් කාලයක් බලගන හිටියේ සංවර්ධනය ඇති වෙන්නේ කවදද කියලා. දැන් පටන් ගනිමු. (ර)
අපිටත් ඇමතිකමක් දෙන්න බැරිදෝ.... (ර)
මේවා දෙන්නන් වාලේ දෙන ඇමතිකම් . මිනිහෙකුගේ දක්ෂකම් අනුව එපැයි ඇමතිකම් දෙන්න. (ර)
අපි බලන් හිටියේ පහුගිය කාලේ වෙච්චි අපරාධවලට දඩුවම් දෙන අමාත්‍යාංශයක් ලබා දෙයි කියලයි. (ර)
ඔබ තුමා අවංක දක්ෂ නිලදාරියෙක්. කරන වැඩේ කැපවීමෙන් අකුරටම ඉටු කරන කෙනෙක්. ඔබෙන් හොඳ සේවයක් අපි බලාපොරොත්තු වෙනවා. (ර)
අපි බලාපොරොත්තු උනේ එතුමාගෙ දක්ෂතාවයෙන් සහ පලපුරුද්දෙන් රටට වටිනා සේවයක් කිරීම සදහා නීතිය හා සාමය පිලිබද ඇමතිකම භාර දෙයි කියලා. එහෙම කලොත් ඔය අල්ලන්න බැහැ අල්ලන්න බැහැ කිය කිය ඉන්න අපරාධ ටිකත් ඉක්මනින්ම අල්ල ගනී. (ර)
ඔබ තුමාට ජයවේවා.!
ජයරත්න, ඔබ හරි. මෙතුමාට නීතිය හා සාමය පිළිබඳ ඇමතිකම දෙන්න තිබුනේ (නි)
දන්නා කෙනෙක් ලියනවද දැනට ඉන්න සියළු ඇමතිවරු ගණන කීයද කියලා. ගිනස් පොතට දාන්න. (නි)
අපි දන්නා විදියට පුරප්පාඩු වුණේ ඉඩම් ඇමතිකම. මේක එතකොට පැටවූ ගහපු ඇමතිකමක්ද? කමක් නැහැ. මහින්ද මහත්තය නෙමෙයිනේ දෙන්නේ. යහපාලනයෙන්නේ. තාම තිහක් නැහැනේ. ඒක හින්දා කමක් නැහැ (නි)
සුබ පැතුම්! (නි)
දැන්වත් වැඩක් කරලා පෙන්වන්න (නි)
සතුටුයි. ඉතාමත් සතුටුයි. එහෙත් "නීතිය සහ සාමය" සම්බන්ධ ඇමතිකම ලැබුනා නම් රටට විශාල සේවයක් කරන්න තිබුනා. (නි)
ජයරත්න, ඔබගේ අදහසටම තමයි මගෙත් තියෙන්නේ. අපේ "දේශප්‍රේමි උපාසක මහත්තුරු" විසින් ලෝකයේ බැංකු වල පුරවා තිබෙන ධනස්කන්දය ඇති අපේ රටේ දුප්පත්කම සහමුලින්ම තුරන් කරන්න. ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට මාසයක් හොඳටම ප්‍රමාණවත්. (නි)
වැඩ ඇරිලා ආ ගමන් දැක්කේ හදවතට සතුටුම සුබ ආරංචියක්. දෙවියන්ට ස්තුති වේවා! (නි)
පළාත් තුනක් නොව මුළු රටම සංවර්ධනය කරන්න එතුමාට දුන්නනම් නොව වටින්නේ. (බ)
අනේ වැඩක් නැහැ , මෙතුමාගෙන් යමක් රටට කරගන්නනම් අඩුම තරමේ සාමය සහ නිතිය ඇමති කමවත් දෙන්න ඕන. (ර)
සුදුසුකම් නොබලා තනතුරුදීම තාම නැතිවෙලා නැනේ. (ර)