ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තම දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරිත්වය ජාත්‍යන්තරයට විහිදුවමින් පක්ෂ කාර්යාල ආරම්භ කිරිමට සුදානමින් සිටි.
ඔහු ඒ වෙනුවෙන් විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරිමේ ප්‍රථම අදියර වශයෙන් ලබන ඉරිදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ මිලානො නුවර ශ්‍රි ලාංකිකයින් ඇමතිමට නියමිතය.
මිලානෝ නුවර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සංවිධායකයින් පවසනුයේ ඉරිදා සවස 4.30ට වියා සලමෝනේ අංක 84 දරන ස්ථානය ඒ සදහා වෙන්කොට ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් පටන් ගත්තත් හොඳයි. හැබැයි හැමදාම බොරු කරන්න බැහැ. (නි)
දම්මික ලාබාල වෙන්න පුළුවන්. ඒත් ඔබට බලාගන්න බැරි වේවිද ?(නදී)
රටේ යහපත පමණක් මුල් කර පිළියෙළ කළ කරුණු ප්‍රජාන්තරවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කර ඒවා ඒ අයුරෙන්ම ක්‍රියාත්මක කරන බව ජනතාව හමුවේ ප්‍රකාශ කරන්න.ජනතාව රවට්ටන්න එපා.ඔබ ජනරාල් ඩිගොල් මෙන් අවංක උතුම් දේශපාලයෙක් සේ ඉතිහාසයට එක් වනවා ඇත. (නි)
දේශපාලනය නොකරපු ජෙනරල් සරත් ෆොන්සේකා වගේ නිහතමානී,අවංක,කෙළින් වැඩකරන,වංචා දුෂණ නැති නායකයෙක්ගේ අවශ්‍යතාවය ලංකාවට දැනිලා තියෙන්නේ.අනාගත දරුවන් වෙනුවෙන් රටක් ඉතිරි කරන්න ඕනෑ නිසි අපි එතුමාට සහයෝගය දෙන්නේ. (නි)
එයා ගැන අපි හොදට දන්නවා (නි)
වංචා දුෂණ වලට ඉඩ නොදෙනවා වගේම වංචා දුෂණ කළ අයට දැඩි දඩුවම් කරන්න ඕනෑ කියන මතයෙයි අපි ඉන්නේ.ලංකාව විනාශ කළ අයට අනිවාර්යෙන්ම දඩුවම් කරන්න පුළුවන් කොන්දක් තිබෙන එකම නායකයා ජෙනරල් සරත් ෆොන්සේකා පමණි. (නි)
ජයා මහත්තයෝ..මේක නිල් කන්නාඩියක් නෙමෙය්..මේක සාපේක්ෂතාවාදයේ කන්නාඩිය.මම දෙයක් දිහා බලන්නේ දෙයකට සාපේක්ෂව..මේ රජය දිහා බලන්නෙත් මෙතුවක් පැවති රජයන්ට සාපේක්ෂව..මේ රජය මේ රටට යම් දෙයක් කරලා තියෙනවා..යුද්දය අවසන් කිරීම විශේෂයි. අඩුපාඩු තිබුනත් යම් සංවර්ධනයක් අනෙකුත් රජයන් හා සාපේක්ෂව බැලුවොත් රටට කෙරෙනවා..හොරු නැති වංචා කාරයෝ නැති රටක් ලෝකේ කොහෙවත් නැහැ.මේ බන කියන අයට හැන්ද අතට දුන්නනම් බෙදන හැටි බලාගන්න තිබුන අඩු පාඩු නැතුව..ඔය බයිලා අපි එදා ඉදන් අහල තියෙන බයිලා (ස)
ගොඩක් ය හිතනවා මෙතුමා හොඳ වැඩ කාරයෙක් කියල......එක යුද්දෙට හරි. මම එක 100% පිලිගන්නවා. එත් එක දේශපාලනේට හරි ගියේ නෑ....එහෙම හරි ගියානම් මෙතුමා මේවගේ අනාතවෙනවද? ගොඩක් කට්ටිය තාමත් හීන මවනවා...නැත්නම් ඇත්ත තේරුම් ගන්න බෑ. මෙතුමා අපරාදේ කලයි සල්ලි නාස්ති කරනවා. (දී)
ඉතාලි සහෝදර සහෝදරියනි ,ප්‍රවේසමෙන් අන්තිමේදී ඔයාලටත් කලවැද්දෝ කියල ආමන්ත්‍රණය කරවී.(දී)
ෆොන්සේකා මහතාට දිග ගමනක් යන්න තියෙනවා කියනවා බොහෝ දෙනෙක් . ඔය ස්කයිප් එකෙන් කතා කරලා ඉතාලි ෆිඅට් කාර් එකක් අඩුවට ගන්න බලන්න ගමන දුර නිසා . එකෙන්වත් යන්න . නිකන් ඉන්න වෙලාවට ෆොන්සේකා මහතාට කඩේ යන අයට එකෙන්ම කඩේ යන්නත් පුළුවන් (දී)
මහත්තයෝ, පළමුව ලංකාවේ ඉන්න අය දිනා ගන්න.සමීක්ෂණ කරන්න. විද්වතුන් එකතු කරන්න.සැළසුම් ප්‍රතිපත්ති හදන්න. සම්පත් හඳුනා ගන්න.ඉලක්ක ගත වැඩසටහන් ඉදිරිපත් කරන්න.හැමෝම ආණ්ඩුව වට්ටන්න පොර කනවා.නමුත් ඒ එක්කෙනෙකුටවත් විකල්ප වැඩසටහනක් නැහැ.මම කියන්නේ 2000 වර්ෂයේ යූ.එන්.පී. එක යලි පුබුදමු ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලයි. (නි)
ලංකාවේ ඉන්න කුහකයෝ මෙතුමාව යළිත් නවත්වන්න පුළුවන් (නි)
දවල් හීන කියන්නේ නමක්ද?නැත්නම් අදහස් ලියු පුද්ගලයාද ඔය කියන කලවැද්ද ?මේ වගේ මෝඩ ඉදිරියට එන්න බැරි අය හැමදාම කැලයේම තමයි ඉන්න ඕන. (නදී)
ජයා මහත්තයෝ ඔබ දන්නා පරිදි මෙතුමා කෙලින් වෙඩ කරන අවංක දුෂිත නොවූ කෙනෙක් නම් . මොකද මෙයාගේ දුව බැන්ද බැනා දනුන තිලකරත්න තවම හැංගිලා ඉන්නේ . තමන්ගේ මාමා (ෆොන්සේකා ) එක්ක . කොමිස් ගහල යුද උපකරණ ගෙනාපුවා අසුවෙලා නේද ? කරුණු නොදෙන එක එකාට කඩේ යන්න එපා ජයා මහත්තයෝ (දී)
පොන්සේකා මහත්තයට හොඳ ඉතාලියම තමා. එහෙ ඉන්නවා හොඳ කට්ටියක් සාමාජිකයන් හැටියට බඳවා ගන්නට. එතුමාට පස්සේ පුළුවන් ලංකාවේ දිනන්න බැරි වුණොත් ඔය නාපොලි හරි වෙරෝනා පැත්තේ ඡන්දය ඉල්ලන්නට (නි)
ඔබට ජයවේවා(දිල්)
තිලක් ඉක්මනටම ලංකාවට අවොත් හොඳයි... (දිල්)
සුබ නැකතින් පටන් ගනිමු වැඩේ.ගමන සුභයි, ජය නියතයි (නි)
ඔය එක එක රටවලට ගිහින් බොරු එහෙම කියනවා නෙමෙයි මොකද සමහර අයට සල්ලි එන මග දැක්ක ම කරන්නේ මොකක්ද කියල අමතක වෙනවා (දී)
මෑතක් වෙනකල් ගෙදර බුදුන් දෙවියන් ට පහලින් දේශප්‍රේමි නායකයන්ගේ ෆොටෝ තියල වන්දනාමාන කල මගේ අම්ම තාත්තටත් දැන් රටේ වෙනස තේරිලා තියෙන්නේ.රට කොහෙට ද ගමන් කරන්නේ කියලා පැහැදිලි පින්තූරයක් තියෙන්නේ.ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ වටිනා කම දැන් තේරිලා තියෙන්නේ.අපි කාලයට එදා දීල බලන් ඉමු.(දිල්)
අචිනි, ලියන හැම වෙලාවේම කල්පනාවෙන් ලියන්න.ලංකාවේ ඔක්කොම කුහකකෝ නොවේ (නි)
බන්දුල පෙරේරා, කවදාද ඔයා නිල් කණ්ණාඩිය ගළවන්නේ? (නි)
යු .එස්.ඒ. තමයි යු.එස්. ඒ. (නි)
හොරෙන් කට්ටි පැනපු නිතිවිරෝධිව රටින් පිටමන් වුනු අය තමා වැඩිහරියක්ම ඉන්නේ ඒ අය ඔබතුමාගේ පක්ෂයට වැඩි වැඩියෙන් බඳවාගන්න.ඒක වඩා හොඳයි. (දී)
අමාලි, ඔයටයි වැරදිලා තියෙන්නේ. ඔයා හරියට ඔය සිදුවීම කියවල බලන්න. ඔයා හිතන හොරු, මිනීමරුවෝ ඔක්කොම ඉන්නේ පාර්ලිමේන්තුවේ. අවංක කොන්ද කෙලින් අයගෙන් සමහරු හිරේ, එක්කෝ හැංගිලා, සමහරු හංගලා, එක්කෝ බයකරලා. නැතිනම් රටෙන් පැනල ගිහිල්ල. (දී)
ඒක කරන්න එතුමාට අයිතියක් තිබෙනවා (නි)
මොකක් කරන්නත් කලින් මහත්තයෝ, දේශපාලනය ගැන හොඳ දැනීමක් තියෙන රටේ වපසරියවත් හරියට දන්නා දෙන්නෙක්වත් පත් කරගන්න. (දී)
නියම වැඩේ. දිගටම ඔහොම කරගෙන යන්න (දී)
ඉතාලියේ කලවැද්දෝ නැතුව ඇති, ඔහොම යන්,.(අ)
ඔය කට්ටිය කිසිම දෙයකට කලබල වෙන්න එපා, ඔය මිනිහ යන්නේ ඊළගට ලගට පිස්සන් කොටුවට, (දී)
කොහොම ඉන්න තිබුන සිංහලයෙක්ද? කරුමෙක මහත. පෙර පිනකට සිරි කොතට ගියේ නෑ ඊයේ පෙරේදා...ඉක්මනට පවා ඉවර වේවා කියා පතමි. (දී)
1977 පසුව විනාශ වුන අපේ රටේ විනය නැවත ඇති කර දෙන්න .දැනට සිටින අයගෙන් එය කල හැක්කේ ඔබට පමණක් බව අපගේ අදහසයි . (දී)
ජනාදිපතිවරණයේදී ජේනෙරල් ට බැනපු මගේ භාර්යාව රටේ විනාසය බලන් එන්න බැරි වෙලා දැන් ජේනරල් සරත් ෆොන්සේකාගේ රැස්වීම් හොයනවා යන්න.අපි කිව්වට බැහැ ,(දී)
මේ වගේ අදහස් අපේ අහිංසක මහත්තයට දෙන්නේ කවුද අප්පා... (දී)
පොන්සේකා, මහත්තය මොනවා කලත් එතුමාට ලැබේන්න තියන චන්ද තවත් අඩු වෙනවා. (දී)
ෆොන්සේකා මහත්තයෝ හිමින් යමු. දිගු ගමනක් යන්න පුළුවන්.(අ)
මෙතන ප්‍රතිචාර දමන අය වයසක උදවිය නොවේ නම්, තව අවුරුදු 5 විතර යනකොට පෙනේවි ෆොන්සේකාට වෙන දෙය. (නි)
සහෝදර වරුනි....... මගේ දැනීමේ හැටියට ෆොන්සේකා මහත්තය දේශපාලන වශයෙන් මියගිහින් ඉවරී . මම කියන දේ වැරදිනම් කියන්න. එතුමාගේ දේශපලනයේ ඔයින් එහාට දියුණුවක් දකින්න ලැබෙන්නේ න. මේ පිලිබඳ විශ්ලේෂණ අගය කරම (අ)
මෙහෙමත් නරි නාටක කෝලම් (අ)
පොන්සේකා නෙවෙයි කවුරු අවත් තිලක් බයට ගෙදර එන්න ලැබෙන්නේනම් නැහැ ගෙදර වියදම අනුව..කම වේලකට 1500ක්..මාසෙට කෑම වියදම විතරක් 135000ක්..තව අනෙක් ඒවාට කොහොම ඇත්ද?. රටේ හොරු අල්ලන්න කලින් ගෙදර හොරාව අල්ල ගන්න..ගෙදර කට්ටිය තිලක් ඩුබයිව අන්දනවා වගේ මට පෙන්නේ..(දිල්)
ලංකාවේ දේශපාලනය කරන්න තහනම් උනාට පිටරට තහනමක් නෑනේ !!(දී)
ෆොන්සේකා මහතාගේ සිහින ලෝකයේම තවත් අපේ සිංහලුන් කොටසක් සිහින මවනවා. සියලුම සිහින නැගිටිනවිටම සිහිනම පමණකි. (නි)
ඩී එස් සේනානායක මහතාගෙන් පසුව රට ජාතිය වෙනුවෙන් බිහිවූ එකම නායකයා ඔබයි.තෙරුවන් සරණත් දෙවියන්ගේ ආශිර්වාදයත් ඔබට ලැබෙනවා.ඔබට ජය සිකුරුයි. (දී)
ජය වේවා අපේ යුද සේනාපති තුමන්ට........
තිස් වසරක සාපකාරී යුද්ධය, මෙතුමා ට බලය ලැබුනු පලමු අවස්ථාවේදීම ඉතා සැලසුම්සහගතව නිමකරා. මෙතුමා සහ රජය අතර ඇතිවූ අරෝවාව, කොටි හොල්මන් වලට පනදීමක් උනා. රටේ දියුණුවට සියලුම සම්පත් දායකයන්, කළමණාකරනය ඉතා වැදගත්....... අකාර්‍යමත් රජයේ සේවය ගොඩනැංවීමට, ඉතා උසස් හා දැඩි විනයානුකූල හා දේශපාලනික නොවූ දැක්මක් තිබිය යුතුයි. අපේ රට ගොඩගැනීමට ඇති එකම මාවත එයයි.(අ)
මෙතෙක් කල් දේශපාලනය කරපු මිනිස්සු කරපු දේ තමයි ඡන්ද දායකයින් අන්දපු එක.ඔබ තුමා වත් එසේ නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. රටේ මහජනයා හොදින් බලාගන්න පුළුවන් නායකයෙක් වේවා. ඔබට සුබ පැතුම්!(දිල්)
රනිල් මහතා නිසා අනාත වූ සියලු එ ජා ප පාක්ෂිකයන්ද ඔබ සමග නිසා ඔබේ ජයග්‍රහණය නියතයි. (දී)
පක්ෂ දිනවන්න කරන දේශපාලනය හැමදාම බලයේ ඉන්න කරන දේශපාලනය ඉගෙන ගන්නවට වඩා නීතිය සාමය ආරක්ෂා කරමින් යුක්තිගරුකව රටත් ජනතාවත් පාලනය කරමින් රටේ නායකත්වය හෙබවීමට ඔබගේ බුද්ධිය ප්‍රමාණවත් බැවින් ප්‍රජාතන්ත්‍රවාදී සියලුම දෙනාගේ සහයෝගය ඔබටයි. (නි)
අයි එක පක්ෂෙක ය විතරද මේ රටේ දේශපාලනේ කරන්න දන්නේ? (දී)
මෙතන තියෙන හුගක් අදහස් මෙතුමා බලවත් වෙයි කියන බයට ලියපුවා මිසක් සැබෑ ජනමතය නෙවෙයි.බහුතරය ඩුබායි - තිලක් කියන විස්තරයට එකගයි.(දී)
ඕවට අහුවෙන්න එපා.. (නි)
ෆොන්සේකා මහත්මයාගේ නම ඇහෙද්දීත්, තක්කඩින් වෙව්ලන්න උණා . මානසික ආතතිය වැඩිවෙනවා වගෙයි. මනුෂයෙකුට ඔයතරම්ම බිය වෙන්නත් එපා මිනිසුනේ. ලජ්ජා නැද්ද?(දිල්)
තිස් වසරක සාපකාරී යුද්ධය, මෙතුමා ට බලය ලැබුනු පලමු අවස්ථාවේදීම ඉතා සැලසුම්සහගතව නිමකරා. මෙතුමා සහ රජය අතර ඇතිවූ අරෝවාව, කොටි හොල්මන් වලට පනදීමක් උනා. රටේ දියුණුවට සියලුම සම්පත් දායකයන් කළමණාකරනය ඉතා වැදගත්....... අකාර්‍යමත් රජයේ සේවය ගොඩනැංවීමට, ඉතා උසස් හා දැඩි විනයානුකූල හා දේශපාලනික නොවූ දැක්මක් තිබිය යුතුයි. අපේ රට ගොඩගැනීමට ඇති එකම මාවත එයයි (අ)
කව්ද මේ සංවිධායකයෝ, අපි නම් දන්න තරමට ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් මුල ඉඳලම වැඩ කලේ සහ හිර බත් කන කොට හොයලා බැලුවේ වන්නි අයියයි කමලුයි නලීනුයි.මුල අමතක කිරීමත් හොඳ නැහැ මහත්තයෝ. (අ)
යු. එස්. ඒ , ගේ කතාව ඇත්ත. ලංකාවට ෆොන්සේකාගෙන් වෙනද දෙයක් නැහැ. ලංකාවේ දේශපාලනයට ඕන පැන්ෂන් ගිය කූගත් මිනිස්සු නෙවේ, උගත් තරුණයෝ. ඉතාලියට ගියොත් ෆොන්සේකාට කඩේක වැඩක් හරි කල හැකි. (අ)
ඔබතුමා තවත් ත්‍රී වීලර් පක්ෂයක් නොවී රටේ ප්‍රධාන විපක්ෂයේ දේශපාලන ප්‍රවාහයට එක්වී මේ දූශිත පාලනය අවසන් කිරීමට දායක වන්න. ඔබතුමා මතු බිහිවන ප්‍රජතන්ත්‍රවාදී රජයේ ආරක්ෂක ඇමති විය යුතුයි. මොකද තවමත් කොටි මලකුණු තිබෙනවා ශුද්ධ කර දැමීමටත්, යුද්ධය නිසා විනාස වූ රටේ කීර්ති නාමය ගොඩ නැගීමටත්, එය කලහැක්කේ ඔබතුමාටයි. (අ)
පොන්සේකා මහත්තයට හොද ගමනක් යන්නපුළුවන්. (අ)
බලමු එකත් කරලා (දී)
හමුදාවක් පාලනය කරන එකත් රටක් පාලනය කරන එකත් දෙකක්..හමුදාවේදී අනුන්ගේ මත ඉවසන්න අවශ්‍ය නැහැ..තමන්ගේ මතය තමයි එකම මතය..ඒකට උඩින් යන්න හැදුවොත් සිදු වෙන දේ ෆොන්සේකා මහත්තය තම හමුදා ජීවිතයේදී පැහැදිලිව තමන්ගේ පහත් නිලයන්ට පෙන්නුවා..එම ක්‍රමේට රටත් පාලනය කරන්න පුළුවන් කියල ෆොන්සේකා මහත්තය හිතනවා ඇති,බලේට ආවනම් ඔහු ඒක කරාවි නොවරදවාම.. මානව හිමිකම් ගැන, උද්ගෝෂණ අයතීන් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඩ තලන කට්ටියගේ අළු දුවිලිවත් එදාට හොයාගන්න ලැබෙන එකක්නම් නැහැ...ෆොන්සේකා මහත්තයගේ හිනාව දැක්කමනම් හිනා යනවා.. හිනාව දැකල නැති හිනාව අදුරන්නති කෙනෙක් හිනා වෙන්න හදන්නේ ඔය විදියට වෙන්න ඇති..(දී)
දයා, ඕවා පාවිච්චි කරන්න එපා කියලා ඔයාට මම කොච්චර කියනවද?අහන්නෙ නැහැනේ (නි)
අනේ මන්ද. යුද්දේ ඉවරවුනා විතරයි මෙතුමා ආණ්ඩුවෙන් අයින්වෙලා වෙනම පක්ෂයක් හැදුවේ නිකන්ද? ඇයි ජනාධිපතිතුමත් එක්ක එකතුවෙලා යුද්දේ දිනුවානම් රටත් දිනවන්න තිබුනනේ. ? කාට කාටත් රජ පුටුවම තමා බලාපොරොත්තුව.(දී)
ඕක වැඩිය ගණන් ගන්න එපා.ඕක පොඩි නිවාඩුවක් ගත කරන්න ගිය ගමනක්.(දී)
ජනරාල්තුමනි , ඔබගේ දේශපාලන ගමන මේ රටේ මධ්‍යස්ත හා බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවන් දිරිමත් කරවන්නකි . අද දේශප්‍රේමයේ නමින් සිටින බහුතරයක් දේශපාලකයන් හොරුන් හා මැරයන් . ඔබගේ අනාගතය ඉතා පැහැදිලි ය . (දී)
අපි දන්නා පරිදි මෙතුමා කෙලින් වැඩ කරන දුෂිත නොවූ පුද්ගලයෙක්. තමන් සමග එකතු වන අයව හොඳින් අඳුන ගෙන දිගු ගමනක් යන්න ඔබට මගේ ආශිර්වාදය. (දී)
ෆොන්සේකා මහත්තයෝ, මොනවා කරන්න පෙර ඔබතුමාට විරුද්ධව තිබෙන දේවල් නැතිකරගන්න (නි)
යුද්ධය දිනු පලියට රට පාලනය කරන්න බැහැ. හමුදාවේ තිබුණු ගෞරවය තියාගෙන හිටියා නම් හොදයි (නි)
යන එන මං නැති ෆොන්සේකට දැන් ඉතිං ඡන්ද කරන්න වෙන්නෙ ස්කයිප් එකෙන් තමයි.නිකන් ඉන්න එකේ හඳටත් කථා කරලා බැලුව නම් අළුත් කළවැද්දො ටිකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ,...(දී)
හොඳ වෙඩක්, සුබ අනාගතයක්. කරන වැඩේ හරි, ඔහොම යන්(නදී)