මතුගම ෆිනෑන්ස් සමාගමක ප්‍රධාන දොරටුවේ හා සේප්පුවේ හොර යතුරු සමග එහි හිටපු සේවකයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව හොරණ පොලීසිය කියයි.

ප්‍රධාන දෙරටුවේ හොර යතුර ඔහු ළඟ තිබූ අතර සේප්පුවේ යතුරුවල රූප සටහන් අච්චු, සබන් කැටයක ද තිබූ බව පොලීසිය පවසයි. මෙම සමාගමට එකතුවන මුදල් ප්‍රමාණය පිළිබඳව ද ඔහු දැන සිටි බව කියති.