මෙරටට ආනයනය කරන කිරිපිටි සියයට සීයක්ම විස රසායනවලින් තොර යැයි කියමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් නවසිලන්තයේ ෆොන්ටෙරා සමාගම මාධ්‍ය දැන්වීම් පළකිරීම් වළක්වමින් අභියාචනා අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ලබන 21 දක්වා මෙම නියෝගය බල පැවැත්වෙයි.
මාතලේ ප්‍රදේශයේ කමල් සාලිය සමරසිංහ නැමැත්තකු මෙම පෙත්සම ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වත් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා තීරණ ගත්තොත් හොදයි. හැමදාම විදේශ සමාගම් වල බොරු ප්‍රචාරණයට රැවටිලා විෂ ද්‍රව්‍ය අඩංගු ආහාර ගන්නවා. ඒ අය ලාභ උපරිම කරන්න මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට ගන්නවා. දැන්වත් ඒවාට රැවටෙන්නේ නැතුව පරිස්සම් වෙන්න. මේවා මීට කලින් කෙරන්න තිබුනේ. පහුවෙලා හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්. කිරි පිටි වලට අමතරව තවත් දේවල්, බෙහෙත්, කෘෂි රසායන ද්‍රව්‍ය, ආහාර වර්ග ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා දේශීය ආහාර වලට වැඩි අවදානයක් යොමු කළොත් හොදයි.නීරෝගිමත් ජනතාව තමයි රටේ ප්‍රධාන සම්පත. (අ)
"උත්තර දෙන්න අපි හැමෝම ලැහැස්තියි" දැන් දෙන්නකෝ මේවට උත්තර. (නි)
කමල් සාලිය සමරසිංහ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙමු. (නි)
මේ ගැන තවම යමක් කියන්න අපහසුයි. (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
බහු ජාතික සමාගම් වල තියෙන්නේ වෙළෙද මාෆියාවක් එයාලට පාඩුවෙනකොට හෝ ව්‍යාපාර වලට එරෙහිවනන් නිසා ව්‍යාපාරය අනතුරකට පත්වන්නේනම් එයට අදාල නිලධාරීන්ට නොයෙකුත් වරදාන දී නැවත නරක දේ හොද කරගන්නවා. එනිසා මාධ්‍ය නිතරම විමසිල්ලෙන් සිට අපව දෙනුවත් කරන්න. වෙන කාණ්ඩ අංක වලින් කිරි පිටි නැවත ඒවී. මහජන සේවා ඉටුකරන මාධ්‍යට අපගේ ප්‍රණාමය
ජනතාව මෙම බහු ජාතික බූවල්ලා පිලිබදව අවදියෙන් සිටිය යුතුයි.(නදී)
සාලිය සමරසිංහ මහත්මය නියම සිංහයෙක්. ඔබට බොහොම පින්. රටක නීතියක් අබිබවා යන්න තරම් හයියක් බහු ජාතික සමාගමකට ලැබුනේ කොහොමද. සුද්දෝ තවම හිතාගෙන ඉන්නේ කළුහම ඇතිඋන් තවමත් උන්ගේ වහල්ලු කියලා.(නදී)
ඉස්සර අවුරුදු 40කට පෙර, නවසීලන්තයේ කිරි ඉතාම හොඳයි. ඒ කාලයේ සැම කුඩා නගරයකම පාහේ කිරි කර්මාන්ත ශාලා තිබුනා. කාලයාගේ ඇවැමෙන් 'නවීකරණය' 'දියුණුව' කියන වචන පාවිච්චි කරල ඒ ඔක්කොම වහල දාල ඔය ෆොන්ටෙරා පටන් ගත්තා. එදා ඉඳල කිරි වර්ග ගොඩාක් එයින් බිහි වුනා. නමුත් ඒ කිරි වලට නොයෙක් විදියේ ප්‍රශ්ණ ඇති වෙන බවත් කිරි ආහාර වල මිලත් වැඩි වුනා. ඇදුම කුශ්ට රෝග වැනි ප්‍රශ්න ඇති වුනා. ගවයන්ට කවන රසායනික ද්‍රව්ය නම් මොනවද දන්නෙ නැහැ, මේ රටේ වුනත් කිරි ආහාර මිලෙන් අධිකයි, ප්‍රශ්නත් වැඩියි. ඒ නිසා ශ්‍රී ලංකාවේම අවශ්‍ය කිරි වර්ග නිපදවා ගැනීම නුවනට හුරු බවයි මට දැනෙන්නෙ.(නදී)
මේ ගොල්ල අපට තමයි පාර්ට් දමන්නේ මොකද චීනයේ වුන දේට කතා නැත්තේ.(නදී)
මේ ප්‍රශ්නයේදී දෙපැත්තම බැලිය යුතු නේද? ෆොන්ටෙරා කියන එකත් අපේ කට්ටිය කියන එකත් දෙකම බලල අපිට තීරණයක් ගන්න පුළුවන්. මේ නඩු දාපු පුද්ගලයට හානියක් වෙලා තියෙනවා නම් ඒකත් බලන්න පුළුවන්. (නදී)
ලොකු දෙයක්.කමල් සාලිය සමරසිංහ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙමු (නි)
කාන්තාර රටක් වන සෞදි අරාබියේ විශාල වශයෙන් කිරි නිෂ්පාදනය කරලා අසල්වැසි රටවලටත් විකුණන්න පුළුවන් නම් අපේ රටට බැරි ඇයි. කිරි නිෂ්පාදනය සඳහා කුඩා ගොවිපල් හිමියන්ට රජය ආධාර කළ යුතුයි. (නි)
අන්න නියම කොන්ද පණ ඇති සිංහලයෙක්! (නි)
කමල් ඔබ හොද මිනිසෙක්.(නදී)
මට නම් හිතෙන විදිහට මෙහෙම දේකුත් තියෙනව මේ ප්‍රශ්නෙ. නවසීලන්ත කිරිපිටි වල ඔය දේවල් හම්බ උනේ ඒ අයගෙ තත්ව පාලන සහ පරීක්ෂන හොද නිසානෙ. හැබැයි ලංකාවෙ කිරිපිටි ගත්තොත් ඒ ආකාරයෙ තත්ව පාලන සහ පරීක්ෂන අපේ සමාගම් සිදු කරනවද කියල නම් මට සැකයි. මොකද ඒ අය කිරි එකතු කරන බාහිර ගොවි පට්ටි ගත්තොත් ඒවගෙනම් ඉතින් තත්ව පාලනයක් නැති තරම් නේ.(නදී)
සාලිය මහතාණනි අපි ඔබ සමග (අ)
මෙයාල නඩු දමන්නේ එයාලගේ සමාගමට වුණ පාඩුවට නේද? එතකොට අපිට බැරිද මේ දෙගොල්ලන්ටම විරුද්ධව නඩු දමන්න? අපිට විස පොවලා තියනවානේ ...? හිතන්න එපා මේ අසරණ ජීවිත වල වටිනාකම හැමදාම රුපියලකින් තක්සේරු කරන්න පුළුවන් තරමටම මිනිස්සු මේකේ ඉන්නේ කියලා. අපිට වටිනවා අපේ දරු පැටවුන්ගේ ජීවිත. (නි)
කවුරු වුණත් මේ මහත්තයා හොඳ දෙයක් කරලා තියෙන්නේ. නියමයි. (අ)
ලොකු දෙයක්. අපේ කිරි තියෙද්ද ඇයි රට කිරි බොන්නේ?(දී)
ලංකාවේ කොපමණ ඉඩම් වගාවලට ගන්නේ නැතිව තියනවද. මේ ඉඩම්වල කිරිහරක් හදන්න බැරිද? ගවයාගේ ගොමටික කොතරම් ප්‍රයෝජනවත්ද? පාලක තුමන්ලා මේ ගැන හිතන්න ඕනා. පිට රටවල විෂ සහිත කිරි බීලා අපේ දරුවෝ ලෙඩවෙන බව. අප මුලදීත් කීවා. අපි අහලා තියනවා කිරි පටිටි හදන රටවල අය බොන්නේ නැහැ කියා. ඒත හරි කව්ද වස බොන්න කැමති.(නදී)
ෆොන්ටෙරා විතරක් නෙවේ සියලුම කෘතීම කිරිපිටි ළමුනට සුදුසු නැත. ෆොන්ටෙරා ආයතනය ඇතුළු අනෙකුත් ව්‍යාපාරිකයින් දිගු කාලයක් කිරිපිටි නිෂ්පාදන අලෙවි කර හා ජනතාව ඒවා දිගු කාලයක් පරිබෝජනය කර යම් තරමින් හෝ විශ්වාසයක් දිනාගෙන ඇත. අන්තිමට සිදුවනුයේ ගෑස් යකා එලවා දැම්මා වගේ වැඩක් තමා. ජාතික ආලය තියෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණි. හැගීම්බර වීම හා ආවේගශීලී වීමට වඩා තර්කානුකූල වන්නේ නම් මැනවි. (ස)
බහු ජාතික සමාගම් දිනන්න හදන්නේ වචන වලින්.සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දුන් පරිදි ජනතාව ක්‍රියාත්මක වන්නේ නම් මැනවි.ෙ දේශීය කිරි ඇති තරම් තිබෙනවානෙ. ඇයි පිටරට කිරි බොන්නේ? (නි)