නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහැරීම,විකිණිම, හා එම කිරිපිටිවල කිසිදු රසායන ද්‍රවයක් අඩංගු නොවන බවට ජනතාව නොමග යවන සුළු ප්‍රචාරක දැන්වීම් පළ කිරීම දෙසතියකට වළක්වමින් ගම්පහ අතිරේක දිසා විනිසුරු චතුරිකාද සිල්වා මහත්මිය අද (16) අතුරු තහනමක් පැනවුවාය.
විරෝධතා ඉදිරිපත් කිරීමට ලබන 30 වැනිදා තෙක් කල් දුන්නේය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වාරණ නියෝගය ඉල්ලා සිටියේය.
නීතීඥ සංගමයේ ලේකම් උපුල් ජයසුරිය,නීතීඥ උපුල් දේශප්‍රිය මහතා ඇතුළු නිතීඥ පිරිසක් මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටියහ.
ෆොන්ටෙරා සමාගම හා එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වග උත්තරකරුවෝය.
මෙම වග උත්තර පාර්ශවය විසින් වෙළෙද පොළට නිකුත් කැර ඇති නිෂ්පාදන මගින් ජනතාවගේ සෞඛයට හානි කර තත්ත්වයක් උදා වී ඇතැයිද පෙත්සමේ සඳහන්ය.
රජයේ හෙද නිලධාරී සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, ලේකම් නාලක හෙට්ටිආරච්චි,භාණ්ඩාගාරික ජේ ඒ ජයසිංහ යන මහත්වරු මෙම පෙත්සමේ පැමිණිළිකරුවෝ වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද වැඩක් අගය කළ යුතුයි. ඒ වගේම බෙහෙත් මාෆියාව ගැනත් හඩක් නැගුවොත් හොදයි නේද? (ස)
ඇත්තටම රට ගැන හිතල වැඩ කරන අය දැක්කම ගොඩක් සතුට ගෙන දෙනවා. (ස)
මේවා තහනම් වුනත් නැතත් අපි නම් ආයෙත් මේවා බොන්නේ නෑ.(ස)
අමිල පින්වත , ඔබ හරි. ඔන්න ඔහොම අපි ඔක්කොම හිතුවා නම් අද නවසීලන්තය අපෙන් හරක් කිරි ගෙන්නාගෙන බොනවා! (නි)
මේ වගේ අවස්ථා වලදී පැවිදි උතුමන්ටත් ගිහි නායකයන්ටත් (දේශපාලනය ගාව නොගත්ත අය) ලොකු වගකීමක් පැවරෙනවා. බුද්ධිමතුන්ටත් යුතුකමක් තියනවා මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න.. (නි)
මිනිසුනේ,දේශීය දේ අගය කරමු. සියලු බේද පසෙක ලා කෑම බීම ටිකවත් වස විස නැතුව අපිම වගා කර ගනිමු. අපේ රට කෘෂිකර්මාන්තය අතින් හිනි පෙත්තටම ගත හැකියි. කිරි ගොවියා නගාසිටුවීමට පක්ෂ බේදයකින් තොරව වැඩට බහිමු ! (නි)
මේ ගමන්ම දියරකිරි බොනඑකත් පටන්ගන්න ක්‍රමයක් යොදන්න. ඒ වගේම රෝගීන් මැරෙන්න ඇරලා ඉල්ලීම් දිනන එකත් නතර කරන්න නියෝගයක් ගන්න. (නි)
ජයවේවා! අපගේ ප්‍රණාමය! (නි)
කරුණාකරලා මෙහි අවදානම පිළිබඳ මුළු රටම දැනුවත් කරන්න.පාසල්,විශ්වවිද්‍යාල,පන්සල්,පල්ලි,කෝවිල්,රෝහල්,ගැබිනි මවුවරුන්ගේ සයන,ළදරු සයන...මොකද ගම්වල නුගත් පවුල් මේ ගැන මොකුත් දන්නේ නැහැ.සමහර කඩ හිමියන් අඩුවට බඩු අරන් විකුණනවලු.ඔය ඔක්කොටොම වැඩිය අපේ දරුවන් අපිට වටිනවා. සල්ලි වලින් අපේ දරුවෝ තක්සේරු කරන්න එපා. (නි)
නවසිලන්තේ ෆොන්ටෙරෝ එකේ ලොක්කම පිළිගත්තා කිසියම් වරදක් සිදු වුණා කියලා. ඒ නිසා ඉල්ලා අස් වුණා. අපේ රටේ ලොක්කෝ ඒකට සුදු හුණු හාන්න හදනවා. ඉතින් අපිට හරියයිද? තව ටික දවසකින් කියාවි කිරි පිටි වල කිසිම අවුලක් නැහැ. අපිට පොඩි වැරදීමක් වුණා කියලා.ඔහොම යමු. (නි)
හොදම අවස්ථාව දේශීය කිරි ගොවියා නගසිටුවිමට !! සිරි ලක දේ සිරි සැපදේ!! රජයට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුලුවන්. ජනතාවට හොද දේ දීම කාගේත් වගකීම (නි)
කිරිපිටි ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි. ළදරු කිරි පිටි වලට විකල්ප විසඳුමක් සොයා ගත යුතුයි. රට තුල දේශීය කිරි ඉල්ලුම වැඩි වන විට ඉබේම කිරි නිෂ්පාදනය වැඩි වේවි. කිරි නැහැ කියලා මැරෙන්නේ නැහැ. රටේ කිරි සුලබ වෙන තුරු විකල්පයක් සොයා ගමු. (නි)
බොහොම හොද වැඩක්. කාලෙකින් ඔය ගොන් කිරි නැතිම කරලා දාන්න ඕනෑ. ඕවා බිලා තමා මිනිස්සු ගොනුන් වගේ වැඩ කරන්නේ (නි)
ඉතාම අගය කළ යුතු දෙයක්. අමිලගේ කතාවට මමත් එකඟයි.මම මගේ පවුලේ සියලුම දෙනාටම කතා කරලා මේවා බොන්න එපා කියන එක දැනුවත් කළා.මෙයට හොඳම විසඳුම දිය හැක්කේ ජනතාව ලෙස අපටයි.ලෝකයේ බොහෝ දියුණු රටවල කිරි පිටි භාවිතයක් නැත.ඔවුන් බොන්නේ දියර කිරි පමණයි. (නි)
අගය කළ යුතු දෙයක්.ජාතියක් ලෙස නැගී සිටීමට ස්වභාව ධර්මයෙන්ම අවස්ථාවක් ලැබිලා තියෙනවා.දේශීය කිරි ගොවියා සහ නිෂ්පාදන ඉදිරියට ගෙනා හැකි හොඳම අවස්ථාව මෙයයි.එහෙත් අපේ පාලකයන්ට මේවා තේරේවිද? (නි)
අර හාමුදුරුවන්ගේ සංගමය මේ වගේ දේවලට යන්නේ නැහැ (නි)
ඉතා හොඳ වැඩක්. අපි කවුරුත් මින් ඉදිරියට දේශීය කිරි පමණක් භාවිතා කිරීමට පුරුදු විය යුතුයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට එය ඉතා හොඳයි. ඊට මෙය හොඳ ආරම්භයක්. දේශීය කිරි නිෂ්පාදනයට හා ඒ තුලින් ආර්ථික සංවර්ධනයට හොඳ රුකුලක්. රජය එයට දිරි දිය යුතුයි. මමත් අපේ පවුලට හා නෑයන්ට කීවා දේශීය කිරි පමණක් ගන්න කියලා. (නි)
බලවතෙකුගේ අතේ නැටවෙන රූකඩයකි.(නදී)
ඊයේ සවස මම අපේ ගමේ කඩේට ගියා. රාක්කේ පුරවල තිබුනා ඔය සමාගමේ කිරිපිටි පැකට්. මේවා තහනම් කරපු කාණ්ඩ අංකය තියෙන ඒවා නොවෙයිලු. එව්වා අරන් ගියාලු. අනේ මන්දා, කාණ්ඩ අංකය ගහන්නෙත් එම සමාගමෙන් නිසා කොහොම ගහගන්න බැරිද නේද? කියල මට හිතුනා.(නදී)
මේ සමාගම හිතාගෙන ඉන්නෙ ලංකාවේ මිනිස්සු ඔවුන් කියන දේ අහලා මොන්ටිසෝරි ළමයි විදිහට ඒ අයගේ කිරිපිටි බොන්න අවශ්‍යයි කියලා. . (ස)
ලුම්බිනිට බැරිද දන්නේ නැහැ කිරි ටිකක් හොයලා දෙන්න! (නි)
ඉතාමත් හොඳ වැඩක්. දැන් තමා ලොකු අයත් වැඩට බහින්නේ. මගේ ප්‍රණාමය.!! (ස)
රටේ කිරි සුලබ වෙන තුරු විකල්පයක් ලෙස කොහෙන් හෝ සොයා මව් කිරිවත් බොමු (නි)
මේ කිරි පිටි වලින් ජනතාවගේ සෞඛ්‍යයට හානිකර තත්ත්වයක් උදා වී ඇති බවක් තවම ඔප්පු කරලා නැහැ නේද? මේක සැකයක් විතරයි කියලා මම හිතුවේ. මෙයට වැඩිය ජලය විෂ මුසු වීම සමහර පළාත් වල තිබුනා (නි)
අර හාමුදුරුවන්ගේ හෙද සංගමය මේ වගේ හොඳ වැඩ වලට ඉදිරිපත් වන්නේ නැද්ද.(ස)
රතුපස්වල වතුර ප්‍රශ්නේ යට යාවිද මේකෙන්? (නි)
දැනට කාලෙකට කලින් දොස්තර මහත්තයෙක් කිවුවා කිරි, විශේෂයෙන් පිටි කිරි පරිභෝජනයේ ආදීනව ගැන. එතුමා මේ මොහොතේදී ගෞරවයෙන් මතක් කළයුතුයි. (නි)
ඉතාමත් අගය කල යුතු කාලෝචිත ක්‍රියාවක්. තමන්ගේ වැටුප වැඩි කර ගැනීමට පමණක් ඉදිරියට එන අනෙක් සංගම් වලට ඔබ දුන්නේ ලොකු ආදර්ශයක්. අනෙක් ශ්‍රී ලාංකික රට වැසියන් වෙනුවෙනුයි ඔබ තීරණය අරගෙන තිබෙන්නේ. සෞක්‍ය ක්ෂේත්‍රයේ ඔබ සංගමයේ හැකියාවන් තව තවත් දියුණු වේවා ! (නදී)
කෝ අර කට්ටිය. මේකට මොකුත් සද්දේ දාන්නේ නැද්ද ?(නදී)
හොද වැඩක්, විසදුමක් එනතුරු ඉන්නේ නැතිව ජනතාව මුලා කරන මෙවන් සමාගම් විශ්වාස කල හැකිද? මෙවන් සමාගම් ගැන ඉදිරියටත් විශ්වාසය නොතැබිය යුතුයි.(ස)