උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම ඇතුලු ඉල්ලීම් ගැන රජයට ඉදිරිපත් කළ යෝජනා වලට ප්‍රතිචාරයක් මෙතෙක් රජයෙන් නොලැබුණු නිසා ශ්‍රී ලංකා රජයට බ්‍රිතාන්‍ය රජයෙන් බලපෑම් කළ යුතු යැයි තමන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතාට දැනුම් දුන් බව උතුරු මහ ඇමති සී.වී.විගනේස්වරන් මහතා මාධ්‍ය හමුවේ කීවේය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා ඇතුලු පිරිසක් යාපනයට පැමිණ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා හමුවීමේන් පසුව ඔහු මාධ්‍යට අමතමින් එසේ කියා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තැලෙන යකඩේ දැක්කාම ආචාරියා උඩ පැන පැන තලනවාලු"හැබැයි රත්වුණ යකඩේ අල්ලන්න ගියොත් නම් වෙන්නේ, ආචාරියාට අත පුච්චා ගන්න තමයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
උදවු ඉල්ලන්න සිංහලයින්ගෙන්. අවි ගබඩාව පිපිරුවට සිංහල අපි පුපුරලා නැත එකම තක තියාගත්තොත් හොඳයි. (නි)
විකුම් රංගන, ප්‍රභාකරන් ඇතුළු නඩයෙන් අපට අත්වුණ ඉරණමත් දැන් ගොඩක් අයට අමතකවෙලා වගෙයි (නි)
විකුම් රංගන, ප්‍රභාකරන්ට අත්වුණ ඉරණම අත්වුණේ කොහොමද කියලයි ගොඩක් අයට අමතක. (නි)
බ්‍රිතාන්‍යට ආවඩන්නකෝ එහෙනම් (නි)
මෙයාලා උඩ පනිනවා වැඩියි. ආණ්ඩුව මොවුන් ඉස්සරහා මෙතරම් නම්‍යශීලී වෙන්නේ ඇයි? (නි)
මේ ආණ්ඩුව බලයට අාවේ මොවුන්ගෙන් ලැබුණු සුළු ඡන්ද ප්‍රතිශතයක උපකාරයෙන්. දැන් ඉතින් නැට්ට උගුලට අසුවූ රිලවෙක් වගේ ආණ්ඩුවට බලා ඉන්නයි වෙලා තියෙන්නේ. මේ අපි බලාපොරොත්තුවූ යහපාලනයද? මෙය ජනතාව මුලාකිරීමක් පමණයි (නි)
අවුලක් නැහැ, දෙන්න. මහින්දත් ගෙදර යැවුවනේ (නි)
අපි බ්‍රිතාන්‍යට අයිති රටක් නෙමෙයි. ඒකනිසා වැඩක් ඇති දෙයක් කරලා ඉන්න. ලැබුන නිදහස සීමාවට ගන්න. යුද්ධ කරලා ලබාගන්න බැරිවුණ දේ කොහොමද බ්‍රිතාන්‍යට කියලා ලබා ගන්නේ. (නි)
අපේ සමහරකට වගේම මෙයාටත් ඕනෑ රටේ ජනතාව අවුසන්න. හැබයි දැන් ඉන්න දෙමළ සිංහල සාමාන්‍ය මිනිස්සු මේගොල්ලන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. මොකද අපි දෙගොල්ලෝ මරාගත්තොත් වෙනදේ කාටවත් කියන්න ඕනෑ නැහැනේ. අනික ෆෙඩරල් ඉල්ලපු කාටත් වුණ නදේ මතකනේ. මේ කුඩා රටේ අපි සමගියෙන් එකට ජීවත්වෙමු දොරේ .... (නි)
කෝ මේ චම්පිකලා, රතන හිමිලා, එස්එෆ් සහ තවත් මේ යහපාලන නඩයට මුක්කු ගහපු වීරයෝ ටික? මොකද අද මේවට විරුද්ධව යමක් කරන්න බැරි? (නි)
අපි දැකලා නැහැ විදේශ නියෝජිතයින් විත් දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත් වල මහා ඇමතිවරු මුණගැහෙනවා. ඇයි උතුර වෙනම රටක්ද? විදේශ කටයුතු විෂය අයිති විදේශ අමාත්‍යංශයට. ජනතාව අවදියෙන්! (නි)
බ්‍රිතාන්‍ය කිව්වොත් යහපාලනය එක පයින් එයි (නි)
මේකට හොඳම වැඩේ සිංහල ගම්මාන කිහිපයක් උතුරේ ඇතිකිරීමයි. එ් අයගේ ජීවන තත්වය යහපත් වනතුරු සිංහල අපි එයාලට උදව් කළයුතුයි. සිංහල ගම්මාන වැඩිවන තරමට ඡන්දයකින් විග්නේශ්වරන් වගේ අයට ඉස්සරහට එන්න බැරිවෙයි. දැන්ම ඉඳලා මෙය පටන් ගත්තොත් අනාගතයේදී පහසුවන් බෙදුම්වාදය නැතිකරන්න පුළුවන් (නි)
ඒකීය රටකට දිවුරුම්දී රට බෙදීමට අර අදින මේ අයට ගැලපෙන්නේ සුදු වැන් සංස්කෘතිය බව මටනම් පෙන්නේ (බ)
ජයලලිතාට කියලා ඉන්දියාවේ ඕක ඉල්ලුවනම් තමයි හොඳ (බ)
ෆෙඩරල් පාලනයක් තුළින් මෙරටේ සියලුම ප්‍රශ්න වලට යම්දුරකට විසඳුම් ලබාගත හැකිය. බොහෝ දියුණු රටවල ෆෙඩරල් පාලනයක් තියෙනවා. අපේ රටෙත් සංහිඳියාව ඇතිකර රට දියුණු කරන්න මෙවැනි දෙයක් කළාට කිසි ප්‍රශ්නයක් නැහැ (නි)
මේක ඉල්ලන්න දෙයක් නැහැ , නිකම්ම දෙනවා වැඩි දවසක් නොගොස් අපේ අලුත් ආණ්ඩුව , එ්ක යහපාලනයේ කොටසක් , රට කෑලි 3 කට කැඩුනත් , ආපහු යුද්ද කරන්නේ නැහැ , එ්ක යහපාලනයට අගුණයි (බ)
කිසි වැරැද්දක් නැත. ඔවුන් ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක්. අපි ඉල්ලුවේ යහපාලනයක්. අපිට ලැබුණා. ඔවුන්ට තවම ලැබුණේ නැහැනේ. ඉතින් ඒකත් දෙමුකෝ (බ)
ඊට වඩා නරකද උතුරේ දෙමල ජනතාවට බ්‍රිතාන්‍ය පුරවැසිකම දෙන්න කියල ඉල්ලුව නම් නඩේසන්ල සෙල්ලම්මල ඔක්කොම දෙනාට එතකොට එහෙ පදිංචියට ගිහින් මැරෙනකම්ම ඉන්න පුළුවන් නේ . හැබැයි පුතෝ එංගලන්තේ පදිංචියට ගියොත් ඉංග්‍රීසි වලින් තමයි වැඩ කරගන්න වෙන්නේ . ඉංග්‍රීසි කොඩියට තමයි වඳින්න වෙන්නේ . එහෙත් අවුරුදු 100 ක් 200 ක් හිටියට පස්සේ කොටි කොඩියක් ගැන කල්පනා කරන්න පුළුවන් වෙයි (බ)
අපේ රටට කැබලි වලට කඩලා තමයි මේ උතුරේ මහා ඇමති නතරවෙන්නේ. අායෙත් සීතල යුද්ධයකටයි පාර කපන්නේ (නි)
ෆෙඩරල් මුවාවෙන් අන්තිමේදී ඊළම තමයි ඉස්මතු වෙන්නේ. (නි)
මොහුට වෙන රාජකාරියක් නැහැ, එන එන කෙනාගෙන් ෆෙඩරල් ඉල්ලනවා ඇරෙන්න. මේ විදේශිකයන්ට පුලුවන්ද ෆෙඩරල් දෙන්න? අපි ගිහින් ඒ රටවල දේශපාලන ක්‍රම වෙනස් කරන්න ඉල්ලනවද? (නි)
මෙයා ගැන නම් තීරණයක් රජයට ගන්න වෙන්වා. (හේ)
ඇයි ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක්ද? බලපෑම් කරන්න .(හේ)
දැන් හරිනේ යහපාලනයට (හේ)
උදව් ඉල්ලලා බලන්නකෝ.(හේ)
උදව් ලැබෙන එකක් නෑ මං හිතන්නේ.(හේ)
යහපාලනය මෙයාට මෙහම නටන්න දුන්නොත් අපිට අයෙත් යුද්ධයට කරන්න වෙනවා.(හේ)
මෙයාට පිස්සුද?(හේ)
උගත් මිනිසෙක් කියාගන්නා මෙයාට අමතක වෙලා වගෙයි ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍ය රජයෙන් නිදහස ලබාගත් ස්වාධින රටක් කියලා. අපේ රටට අවශ්‍ය දේවල් කිරීමට ජනාධිපති වරයෙකුත්, පාර්ලිමේන්තුවකුත් මෙරටේ ජනතාව විසින් පත්කරගන්නා මෙයාට තේරුනේ නැති වුනත් බ්‍රිතාන්‍යයට තේරෙනවා ඇති..අපේ රටට කිසිම බලපෑමක් කිරීමට බ්‍රිතාන්‍ය රජයටවත්, තමිල්නාඩුවේ ප්‍රාන්ත මහ ඇමතිටවත් බලයක් නැති බව මෙයාගේ පුංචි මොලයට තේරුනොත් හොඳයි.(හේ)
මෙයා හදන්නේ අයේමත් අතීතය මතක් කරගන්න වගේ. ආණ්ඩුවේ ඊනියා සහජීවනයේ මුවාවෙන තමාගේ බෙදුම්වාදී අදහස එෂ්ට කරගන්න. බලමු මොකද වෙන්නේ කියලා. (හේ)
බලපෑමක් කලොත් ගන්න බැරිවෙන එකක් නැ..(හේ)
උදව් ඉල්ලුවා කියලා වැඩක් වෙන එකක් නෑ.(හේ)
රට දියුණු කිරීම කෙසේ වෙතත් රට කඩන්න නම් බ්‍රිතාන්‍යයෙන් උදව් ලැබෙයි , ඔවුන්ගේ අවශ්‍යතාවයත් එකම නිසා (හේ)
ඕවට කැමතිවෙයි උඩින්ම (නි)
මේ කරන්න හදන දේ හරි නෑ නේද මහත්තයෝ.(හේ)
පෙඩරල් නම් දෙන්න මට බෑ නමුත් ඕනෑම නම් පඬරැල්, දෙන්න පුළුවන් ඔයාට (බ)
ඉන්දියාවේ කරන හැමදේම ලංකාවෙත් කරන්න හදන අය ලංකාවට වඩා ඉන්දියාව කොපමණ ලොකුද අපිට වැඩිය කොපමණ ජනගහනයක් ඉන්නවද කල්පනා කල්පනා කරන්න.ඔය කියන ෆෙඩරල් පාලන ක්‍රමයක් කරන්න අපේ රට කුඩා වැඩී.(හේ)
දැන් හරිනේ.(හේ)
වැඩි කල් යන්න කලින් රටම දෙන්න වෙයි.(හේ)
මේ අදහස් දාපු හැමෝටම කියන්න කැමතියි, මෙයාගේ මේ යෝජනාවේ බරපතලකම දන්න නිසා, මොනම රටකින්වත් මෙයට උදව් දෙන්න නෑ, ඒ නිසා මෙයා මෙහෙම නෙමෙයි කොහොම කිව්වත් එහෙම හම්බ වෙන්නේ නෑ (බ)
දැන් සතුටුයි නේද කට්ටියටම.(හේ)
අපි එංගලන්ත්යේ යටත් විජිතයක් නොවෙමු නේද ? අය එයාලට කියන්නේ අපි නිදහස් රටක්.(හේ)
කිහිප අවස්ථාවකදීම දැකලා තියෙනවා මේ මහා ඇමති නොවුමනා යෝජනා ගෙනත් මේ රටේ අනවශ්‍ය ප්‍රශ්න හදන්න වලිකන බවක්. එයා තවම දන්නේ නැද්ද ලංකාව නිදහස් රටක් බව. එයා එංගලන්තෙට කිව්වා කියලා කරන්න පුළුවන් මොකක්ද ? මෙයා ඉවත් කරන්න . සුදුස්සෙකු පත් කරන්න වග බලා ගන්න . (හේ)
ඔබතුමාට මේ පෙඩරල් ක්‍රමය ගේන්න කොහොමත් අපි ඉඩදෙන්නේ නෑ.(හේ)
පෙඩරල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පහදලා දෙනවද?(හේ)
බෙනෙට් ගේ අදහසට මම එකගි. ඔය හිටපු විනිසුරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොකියවා කොහොමද නඩුකාරයෙක් වුනේ කියල. මට පුදුමේ අපේ ජනාධිපති අගමැති විග්නේශ්වරන්ට වචනයක් වත් නොකියන එකනේ. කිවනම් ඔය මනුස්සය එන එන කෙනාගෙන් ෆෙඩරල් ඉල්ලන්නේ නැහැනේ. (බ)
ප්‍රභාකරන් ඇතුළු නඩයට අත් වුන ඉරණම දැන් ගොඩක් අයට අමතක වෙලා වගෙයි. (හේ)
අපේ රටේ මොනවද බේරගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ ලොකුම හිසරදේ ඊළමනේ උන්ට පුළුවන්නේ ඊලමට වඩා සංවර්ධනයට දෙන මගුලක් ඉල්ලා ගන්න පොඩි මිනිහට ඊලමක් ඕන නෑ මහා එවුන්ට තමා ඊළමේ පිපාසෙ තියෙන්නේ ..(බ)
බ්‍රිතාන්‍ය කියන්නේ ලංකාවට වැඩිපුරම උපදෙස් දෙන රටක්.(හේ)
පවතින රජයේ කළු සුද්දන්ගේනුත් සහයක් ලැබේවිද (හේ)
වර්තමාන ආර්ථික සහා දේසපාලන කඩා වැටීමට යුරෝපය සහා ඇමරිකාව ඉතාමත් කැමැත්තෙන් පසු වෙනවා ඇත. ඔවුන්ගේ ඉදිරි ලෝක දේසපාලන වැඩ පිළිවෙලේ එක කොටසක් ඉතාමත් පහසුවෙන් ඉදිරියට ගෙන යාමට හැකි වෙන බැවින් .(හේ)
මේ වයසට. මොන ෆෙඩරල්ද මහත්තයෝ. සැනසීමෙන් අන්තිම. හුස්ම ටික අරගන්න. බලන්න. අවුරුදු තිස් පහක් පමණ යුද්දයෙන් දැකපු. ලේ. කන්දරාව. මදිද (හේ)
යාපනයේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දේ දැන් ලැබිලා. ඔවුන් කවුරුවත් ෆෙඩරල් ඉල්ලන්නෙ නැහැ. රජයට තියෙන්නෙ සාමාන්‍ය ජනතාව ඉල්ලන දේවල් ලබාදීමයි. ජනතාව දැනටත් ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් තවම නරඹන්නෙ ඉන්දියාවෙ ටීවී චැනල්. අපේ මාධ්‍ය සහ රජයේ වැඩපිළිවෙල ඒ ජනතාව වෙත ගෙනයා යුතුයි. (නි)
ඇත්තටම මොවුන්ට තියෙන ප්‍රශ්න මොනවද? මොවුන් හදන්නේ ලෝකේ කොහෙවත් නැති දෙමළ රටක් හදාගන්න. ලංකාව පුරා ඉන්න සියලුම ජාතීන්ට විවිධ ප්‍රශ්න තියෙනවා. (නි)
උතුරට සහ නැගෙනහිරට වෙනම ෆෙඩරල් පාලනයක් ලබාගෙන ඉතිරි ප්‍රදේශවල ඉන්න සියලුම දෙමළ ජාතිකයන් එයාගේ දෙමළ ප්‍රාන්තයට ගන්න සුදානම්ද දන්නේ නැහැ. මේ රටේ දේශපාලකයන් බලපෙරේත වුණාට සැවොම එහෙම නැහැ. (නි)
යුද්ධය තියන අවදියේ හැංගිලා හිටපු මොවුන් ඇත්තටම දෙමළ ජනතාව ගැන කිසිම හැඟීමක් තිබුනා හෝ තියන පුද්ගලයකු නොවෙයි. (නි)
බලමුකෝ ලැබෙයිද කියලා (නි)
මෙයාලා කට්ටියම බ්‍රිතාන්‍යයට ගිහින් පදිංචි වුණා නම් ඉවරයිනේ අපිට වදයක් නොවී. (නි)
මට නම් මොකුත් හිතාගන්නවත් බැහැ දැන් කියන කතා වලින් (නි)
ලංකාව ඒකීය රටක්. ඒක වෙනස් කරන්නේ නැහැ. ඉන්න බැරිනම් පුළුවන් රටකට යන්න (නි)