IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ළමයින්ගේ ආරක්ෂාව ඉදිරියේදී තවත් අඩුවේවි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ, ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

මොණරාගල,නුවරඑළිය,මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ළමා ලිංගික හිංසන,අපයෝජන සිදුවීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමයින් නොසලකා හැරි අවසථා වාර්තා වී ඇති බවත් එම වාර්තවේ සඳහන් වේ.

දැඩි මූල්‍ය සම්පත් හිඟය හේතුවෙන් වින්දිත දරුවන්ට  නීතිමය, මනෝවිද්‍යාත්මක හා සමාජයීය සහ අනෙකුත් ආරක්ෂණ සහාය ලබා දීමට රාජ්‍ය ළමා ආරක්ෂණ ආයතන අසමත් වී ඇතැයි ළමා ආරක්ෂණ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග පැවති උපදේශනයකදී හඳුනාගත් බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දරුණු වෙත්ම ළමා ආරක්ෂාව කඩවීම පිළිබඳ සිදුවීම් වාර්තාවීම ඉදිරියේදී වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ ළමා ආරක්ෂාව කඩවීමේ සිදුවීම්  11,187 වාර්තා වන බවත් මෙම වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා කාලය තුළ ළමා ආරක්ෂාව කඩවීමේ සිදුවීම් 6318 වාර්තා වී ඇති බවත් එය ගිය වසරට සාපේක්ෂව සියයට 56 ක් බවත් එම එම වාර්තාවේ සඳහන් වේ.

දරුවන්ගේ දෙමාපියන් සහ රැකබලා ගන්නන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල සිටියදී දරුවන්ට රැකවරණයක් නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එසේම ළමා ආරක්ෂණ නිලධාරීන් හටද තම රාජකාරි කටයුතු කිරීමට ඉන්ධන හිඟය ගැටලුවක් වී ඇති බවත් ළමුන් 10000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පරිවාස භාරයේ සිටින බවත් ළමුන් එම ආයතන වලට යොමු කිරීමට දුගීභාවය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. 



අදහස් (0)

ළමයින්ගේ ආරක්ෂාව ඉදිරියේදී තවත් අඩුවේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site