පිට ප්‍රදේශවලින් මුදලට ළමයින් ඇතුළු කර ගැනීම නිසා ප්‍රදේශයේ ළමයින්ට පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි කියමින් කොළඹ ආනන්ද විද්‍යාලයයේ විදුහල්පතිට හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
එම පාසලේ සිසුවකුගේ පියකු බව කියන රෝහිත කුමාර නම් පුද්ගලයකු එම පැමිණිල්ල දමා තිබේ.
පාසලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසල් සංවර්ධන සමිතියේ නොවන ගිනුමකට මුදල් බැර කරවාගෙන ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන්ය.
මාසයක් ඇතුළත එලෙස බැරකරවාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 119ක් පමණ බව මුදල් බැර කළ පිරිසේ නාම ලේඛණයක් කොමිසමට ඉදිරිපත් කරමින් පැමිණිලි කරු සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ.. සිංහල බෞද්ධ කියාගන්න මහා පාසල නේද මේ.. (බ)
ආනන්දය කියන්නෙ මුළු ජාතියටම අයත් පාසැලක්. එයට මරදානේ ළමයින් පමණක් ගතයුතු නැහැ. (ර)
කොළඹ ඇතුළු හැම නගරයකම පාසල් වලට මුදල් ගැරීමක් සිදුවෙනවා දේශපාලකයෝ මේවා නොදන්නවා නොවේ මේ අය ඔවුන්ට පාර සදාදී තිබෙන්නේ (බ)