කොළඹ බොරැල්ලේ රිජ්වේ අර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි හේවගේ හිටි ගමන් ඉවත් කැර ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර ලින්ටන් පද්මසිරි නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කැර ඇත.
දොස්තර හේවගේ ඉවත් කිරීමට එරෙහිව සියලු රෝහල් සේවකයෝ පාරට බැස උද්ඝෝෂණයක් කළහ.
වෛද්‍යවරු පිරිසක්ද හෙද හෙදියෝද කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයෝ මේ උද්ඝෝෂණයට එක් වුහ.
දොස්තර හේවගේ සමයේ රෝහල ලොකු දියුණුවක් ලැබු බවත් 2020 දී මේ රෝහල ආසියාවේ හොදම ළමා රෝහල බවට පත් කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී ඔහු මාරු කිරීම පිළිගත නොහැකි හෙයින් වහා ඔහු යළි රෝහලට ලබා දෙන්නැයි උද්ඝෝෂකයෝ කියති
විඩියෝ දර්ශන - විශ්ව ගැමුණු ප්‍රියංකර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගෙන් වරම් අරගෙන ජනතාවට ම බැට දෙන්න ගිහිල්ල අවසානයේ කෙළවර වෙන්නේ කොහෙන්දැයි බලමු. බුද්ධිමතා පාඩම් ඉගෙන ගන්න විධියට නොවෙයි මෝඩයා පාඩම් ඉගෙන ගන්නේ. (දී)
වෛද්‍ය හේවගේ මහත්මය හොඳ අධ්‍යක්ෂක කෙනෙක්. හැබැයි එතුමා මෙතෙක් කල් හිටියේ වැඩ බලන අධ්‍යක්ෂක හැටියටයි. අධ්‍යක්ෂක තනතුර සඳහා පුරප්පාඩුවට අයදුම්පත් කැඳවල වැඩිම සුදුස්ස්සවූ ගම්පහ දිස්ත්‍රික් සෞක්‍ය සේවා අධක්ෂක වෛද්‍ය පද්මසිරි මහතාව තෝරලා තියෙනවා. එත් එක්කම හේවගේ මහත්මයාගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය එහෙමම තියෙනවා. මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නේ සේවකයෝ. ඕන දේටයි ඕනේ නැති දේටයි ඔක්කොටොම උද්ගෝෂණය කරන්න එපා. හරි මෝඩයි. කරදරයි. (දී)
මෙතන දේශපාලන ප්‍රශ්නයක් ඇති. ලංකාවේ කවදාද හරියට වැඩක් කරන කෙනෙකුට ඒ වැඩේ කරන්න ඉඩ ලැබුනේ ! (නදී)
හේතුවක් නොමැතිව මාරු කිරීම කලානම් ගැටළුවක් තිබෙනවා. එබැවින් ඔබගේ සාධාරණ සටන කුඩා දරුවන්ටත් හානියක් නොවනසේ ඉදිරියට ගෙනයන්න. ජනතාව අසාධාරණය වෙනුවෙන් ඔබසමග සිටීවි.(නදී)
වැඩ කරන හැකියාව ඇති අයට කැපිල්ල. සිරි ලංකාවේ හැම තැනම ඇති රෝගයකි (දී)
මේවගේ දක්ෂ නිලධාරියෙක් මීරු කිරීම පලි ගැනීමක්ද? (දී)
මස 6 ක කෙටි කාලයකට මහා පත්වීමක් දුන්නේ පෙන්ෂන් එක ඉහල දම ගන්න වෙන්න බැරිද ? එහෙමත් නැත්තන් කොමිස් ගහන ඕඩරයක් ඇති පිටිපස්සේ. (දී)
එයාගේ මහන්සියෙන් වෙන වෙන කෙනෙක්ගේ නම හදාගන්න ඕන වෙලා ඇති. (දී)
රෝගීන් වෙනුවෙන් උද්ගොෂණය කරන්න කවුරුත් නැහැ (දී)
කට්ට්යම එකතු වෙලා හොඳ කෑමක් කාල තියෙනවා වගේ.....අලුත් කෙනා එක්ක ඒ වැඩ බැරි වෙයි කියල බයවෙලාද කොහෙද.... (දී)
හොදට වේඩ කරන ඕනෑම කෙනෙකුට මොකක් හරි ලෙඩක් දාන එක පුරුද්දක් වෙලා වගේ. (දී)
උඩම පින්තුරේ, සාය කොට වැඩ්යි.(දී)
දෙපාර්ශවයේම චේතනාවන් කුමක්දැයි අපට නම් පැහැදිලි නැත. නමුත් අපි දුක්වන්නේ මෙම රෝහලට දිනපතා සිය ගණනින් පැමිණෙන අහිංසක කුඩා දරුවන් ගැනයි ! (දී)
මම දන්නවා හේතුව ඒත් මම කියන්නේ නැහැ (දී)
වැඩිය කෑ ගහන්න එපා ලොක්ක විරිදු කියන්න යයි. (දී)
නැති ප්‍රශ්න ඇති කරනවා (දිල්)
වෛද්‍ය රත්නසිරි හේවගේ බොහෝ හැකියාවගෙන් සපිරි, මහත්මයෙක්. ඔහුගේ සේවය පුළුල්ව ලබාදීමට, උසස්වීමක් ලැබුනානම්, රටේ වාසනාව. (දිල්)
වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුව අවලංගු කරන්න . පොඩි දරුවන් ගේ ජිවීත එක්ක සෙල්ලම් නොකර (දිල්)
රෝහලට යන ඕනෙම කෙනෙකුට වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කර ඇති සේවය දැකිය හැක .(දිල්)
ස්වාධීනව,අවංකව,කැපවීමෙන් වැඩ කරන අයට අයුතු බලපෑම්,අසාධාරණ මාරුකිරීම්.රාජ්‍ය සේවා ජනතාව බුද්ධිමත් නම් මේ සෙල්ලම් කිරීම නතර කළ හැක.(දිල්)
, පුදුම පාලන ක්‍රමයක්, සේවකින්ට ජයවේවා!...........(අ)
පන්දම් කාරයෙක් ඔතනට දාන්න ඕන වෙලා ඇති. නැත්නම් මේ රටේ කරන්න තිබ්බ එකම වැඩේද ඕක. මම උද්ඝෝෂණ වලට කැමති නැහැ. නමුත් මෙහි සාධාරණයක් තිබෙන බව පෙනෙන නිසා නොකඩවා උද්ඝෝෂණය කරන්න. (අ)
මිනිසුනේ ගරහන්න එපා හොද වැඩක් (දී)
වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා නැති දාට මොකද කරන්නේ. ඒ නිසා අලුත්තෙන් ආපු මහතාට අවස්තාවක් දෙන්න හොද නරක නොබලා කරන උද්ඝෝෂණ පලක් නැත. (දී)
කොහෙද ඉතින් වැඩක් හරියට කලොත් ඒක තමයි වැරැද්ද (දී)
නිතරම බලන්නේ වැඩ කරන එකාගේ බෙල්ල කපා දාන්න.පුදුම ක්‍රමයක්!. (දී)
ඔන්න ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ (දී)
තමන්ගේ ලොක්කට විපතක්, කරදරයක් හෝ අඩුම තරමින් මාරුවක් වත් ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම බහුතරයක් පහල නිලධාරීන්ගේ පැතුමයි. එහෙම වෙන්නේ ලොක්කා වංචාව, දුෂණය, ඥාති සංග්‍රහය, හෝ දේශපාලන න්‍යාය පත්‍ර වලට ප්‍රමුඛතාවය දීම නිසයි මට පේන විදියට මේ මහතා ඉහත කී කිසිම දුරාචාරයක් නැතිව තමන්ගේ සේවය හරියටම ඉෂ්ට කරන කෙනෙක් වගේ. දැන් රට යන අත බැලුවම ඒක (රාජකාරිය හරියට කිරීම) බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. (නදී)