IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ළමා රෝහල් අධ්‍යක්ෂ හිටි ගමන් මාරු

කොළඹ බොරැල්ලේ රිජ්වේ අර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි   හේවගේ හිටි ගමන් ඉවත් කැර ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර ලින්ටන් පද්මසිරි නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කැර ඇත.

දොස්තර හේවගේ ඉවත් කිරීමට එරෙහිව සියලු රෝහල් සේවකයෝ පාරට බැස  උද්ඝෝෂණයක් කළහ.

වෛද්‍යවරු පිරිසක්ද හෙද හෙදියෝද කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයෝ මේ උද්ඝෝෂණයට එක් වුහ.

දොස්තර හේවගේ සමයේ රෝහල ලොකු දියුණුවක් ලැබු බවත් 2020 දී මේ රෝහල ආසියාවේ හොදම ළමා රෝහල බවට පත් කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී ඔහු මාරු කිරීම පිළිගත නොහැකි හෙයින් වහා ඔහු යළි රෝහලට ලබා දෙන්නැයි උද්ඝෝෂකයෝ කියති

විඩියෝ දර්ශන - විශ්ව ගැමුණු ප්‍රියංකර

 

 

 

 

 

 



අදහස් (0)

ළමා රෝහල් අධ්‍යක්ෂ හිටි ගමන් මාරු

සත්‍යයා Saturday, 01 February 2014 03:29 AM

ජනතාවගෙන් වරම් අරගෙන ජනතාවට ම බැට දෙන්න ගිහිල්ල අවසානයේ කෙළවර වෙන්නේ කොහෙන්දැයි බලමු. බුද්ධිමතා පාඩම් ඉගෙන ගන්න විධියට නොවෙයි මෝඩයා පාඩම් ඉගෙන ගන්නේ. (දී)

:       0       0

ව්ක්‍රම Saturday, 01 February 2014 03:37 AM

වෛද්‍ය හේවගේ මහත්මය හොඳ අධ්‍යක්ෂක කෙනෙක්. හැබැයි එතුමා මෙතෙක් කල් හිටියේ වැඩ බලන අධ්‍යක්ෂක හැටියටයි. අධ්‍යක්ෂක තනතුර සඳහා පුරප්පාඩුවට අයදුම්පත් කැඳවල වැඩිම සුදුස්ස්සවූ ගම්පහ දිස්ත්‍රික් සෞක්‍ය සේවා අධක්ෂක වෛද්‍ය පද්මසිරි මහතාව තෝරලා තියෙනවා. එත් එක්කම හේවගේ මහත්මයාගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය එහෙමම තියෙනවා. මෙතන නැති ප්‍රශ්න ඇති කරන්නේ සේවකයෝ. ඕන දේටයි ඕනේ නැති දේටයි ඔක්කොටොම උද්ගෝෂණය කරන්න එපා. හරි මෝඩයි. කරදරයි. (දී)

:       0       0

භාණු Saturday, 01 February 2014 04:17 AM

මෙතන දේශපාලන ප්‍රශ්නයක් ඇති. ලංකාවේ කවදාද හරියට වැඩක් කරන කෙනෙකුට ඒ වැඩේ කරන්න ඉඩ ලැබුනේ ! (නදී)

:       0       0

ජෙරාඩ් Saturday, 01 February 2014 06:42 AM

හේතුවක් නොමැතිව මාරු කිරීම කලානම් ගැටළුවක් තිබෙනවා. එබැවින් ඔබගේ සාධාරණ සටන කුඩා දරුවන්ටත් හානියක් නොවනසේ ඉදිරියට ගෙනයන්න. ජනතාව අසාධාරණය වෙනුවෙන් ඔබසමග සිටීවි.(නදී)

:       0       0

ලාල් Saturday, 01 February 2014 09:21 AM

වැඩ කරන හැකියාව ඇති අයට කැපිල්ල. සිරි ලංකාවේ හැම තැනම ඇති රෝගයකි (දී)

:       0       0

තරු Monday, 03 February 2014 09:50 AM

මේවගේ දක්ෂ නිලධාරියෙක් මීරු කිරීම පලි ගැනීමක්ද? (දී)

:       0       0

නැනි Saturday, 01 February 2014 10:17 AM

මස 6 ක කෙටි කාලයකට මහා පත්වීමක් දුන්නේ පෙන්ෂන් එක ඉහල දම ගන්න වෙන්න බැරිද ? එහෙමත් නැත්තන් කොමිස් ගහන ඕඩරයක් ඇති පිටිපස්සේ. (දී)

:       0       0

නිශාන් Saturday, 01 February 2014 10:25 AM

එයාගේ මහන්සියෙන් වෙන වෙන කෙනෙක්ගේ නම හදාගන්න ඕන වෙලා ඇති. (දී)

:       0       0

මෙත් සිරි චම්න්ද Saturday, 01 February 2014 10:35 AM

රෝගීන් වෙනුවෙන් උද්ගොෂණය කරන්න කවුරුත් නැහැ (දී)

:       0       0

කපිල Saturday, 01 February 2014 11:08 AM

කට්ට්යම එකතු වෙලා හොඳ කෑමක් කාල තියෙනවා වගේ.....අලුත් කෙනා එක්ක ඒ වැඩ බැරි වෙයි කියල බයවෙලාද කොහෙද.... (දී)

:       0       0

සේන Saturday, 01 February 2014 11:23 AM

හොදට වේඩ කරන ඕනෑම කෙනෙකුට මොකක් හරි ලෙඩක් දාන එක පුරුද්දක් වෙලා වගේ. (දී)

:       0       0

චන්දි Saturday, 01 February 2014 11:40 AM

උඩම පින්තුරේ, සාය කොට වැඩ්යි.(දී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 01 February 2014 12:16 PM

දෙපාර්ශවයේම චේතනාවන් කුමක්දැයි අපට නම් පැහැදිලි නැත. නමුත් අපි දුක්වන්නේ මෙම රෝහලට දිනපතා සිය ගණනින් පැමි‍ණෙන අහිංසක කුඩා දරුවන් ගැනයි ! (දී)

:       0       0

සුගත් Saturday, 01 February 2014 01:16 PM

මම දන්නවා හේතුව ඒත් මම කියන්නේ නැහැ (දී)

:       0       0

රාජා Saturday, 01 February 2014 01:53 PM

වැඩිය කෑ ගහන්න එපා ලොක්ක විරිදු කියන්න යයි. (දී)

:       0       0

ජයසේකර Friday, 31 January 2014 04:48 PM

නැති ප්‍රශ්න ඇති කරනවා (දිල්)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 31 January 2014 05:01 PM

වෛද්‍ය රත්නසිරි හේවගේ බොහෝ හැකියාවගෙන් සපිරි, මහත්මයෙක්. ඔහුගේ සේවය පුළුල්ව ලබාදීමට, උසස්වීමක් ලැබුනානම්, රටේ වාසනාව​. (දිල්)

:       0       0

මදු ප්‍රන්සය Friday, 31 January 2014 05:32 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුව අවලංගු කරන්න . පොඩි දරුවන් ගේ ජිවීත එක්ක සෙල්ලම් නොකර (දිල්)

:       0       0

කරුණාරත්න Friday, 31 January 2014 06:04 PM

රෝහලට යන ඕනෙම කෙනෙකුට වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කර ඇති සේවය දැකිය හැක .(දිල්)

:       0       0

නිරංජලා Friday, 31 January 2014 06:47 PM

ස්වාධීනව,අවංකව,කැපවීමෙන් වැඩ කරන අයට අයුතු බලපෑම්,අසාධාරණ මාරුකිරීම්.රාජ්‍ය සේවා ජනතාව බුද්ධිමත් නම් මේ සෙල්ලම් කිරීම නතර කළ හැක.(දිල්)

:       0       0

චන්ද්‍රා Friday, 31 January 2014 09:19 PM

, පුදුම පාලන ක්‍රමයක්, සේවකින්ට ජයවේවා!...........(අ)

:       0       0

කවීන්ග Friday, 31 January 2014 09:22 PM

පන්දම් කාරයෙක් ඔතනට දාන්න ඕන වෙලා ඇති. නැත්නම් මේ රටේ කරන්න තිබ්බ එකම වැඩේද ඕක. මම උද්ඝෝෂණ වලට කැමති නැහැ. නමුත් මෙහි සාධාරණයක් තිබෙන බව පෙනෙන නිසා නොකඩවා උද්ඝෝෂණය කරන්න. (අ)

:       0       0

ශාමා Friday, 31 January 2014 10:22 PM

මිනිසුනේ ගරහන්න එපා හොද වැඩක් (දී)

:       0       0

දොන් රොෂාන් ඩි සොයිසා Friday, 31 January 2014 10:55 PM

වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා නැති දාට මොකද කරන්නේ. ඒ නිසා අලුත්තෙන් ආපු මහතාට අවස්තාවක් දෙන්න හොද නරක නොබලා කරන උද්ඝෝෂණ පලක් නැත. (දී)

:       0       0

සමන්ත Friday, 31 January 2014 10:55 PM

කොහෙද ඉතින් වැඩක් හරියට කලොත් ඒක තමයි වැරැද්ද (දී)

:       0       0

සීල Friday, 31 January 2014 11:40 PM

නිතරම බලන්නේ වැඩ කරන එකාගේ බෙල්ල කපා දාන්න.පුදුම ක්‍රමයක්!. (දී)

:       0       0

ගුණරත්න Saturday, 01 February 2014 12:03 AM

ඔන්න ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ (දී)

:       0       0

සෑම් Saturday, 01 February 2014 02:52 AM

තමන්ගේ ලොක්කට විපතක්, කරදරයක් හෝ අඩුම තරමින් මාරුවක් වත් ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම බහුතරයක් පහල නිලධාරීන්ගේ පැතුමයි. එහෙම වෙන්නේ ලොක්කා වංචාව, දුෂණය, ඥාති සංග්‍රහය, හෝ දේශපාලන න්‍යාය පත්‍ර වලට ප්‍රමුඛතාවය දීම නිසයි මට පේන විදියට මේ මහතා ඉහත කී කිසිම දුරාචාරයක් නැතිව තමන්ගේ සේවය හරියටම ඉෂ්ට කරන කෙනෙක් වගේ. දැන් රට යන අත බැලුවම ඒක (රාජකාරිය හරියට කිරීම) බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 737 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1457 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 728 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 1065 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1530 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 670 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1307 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1552 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site