මේ වීඩියෝව ඇත්තේ ඔබට දැක පුරුදු කාරණයක්. එනම් පොඩි උන් විසින් කරන රැප් ගායනයක්. මේ ලංකාවේ නොවුනත් ලංකාවේ දකින ලොකු අඩුපාඩු රැසක් මොවුන් දුරු කරගෙන ඇති බව භාෂාව නොතේරුණත් ඔබට දැකිය හැකියි. ඔවුන්ට රිද්මයක් තිබෙනවා, ගීයක් තිබෙනවා, එයට රැප් එකක් තිබෙනවා. ඒ අනුව වරද ඇත්තේ ඒ ගී ශෛලියේ නොව භාවිතා කරන්නන්ගේ බව බැලූ බැල්මටම පෙනෙනවා. එයට ලොකුම වරද නිසි ආදර්ශ නොතිබීම බව සක්සුදක් සේ පැහැදිලියි. එසේම මෙයින් සංගීතය විශ්ව භාෂාවක් බව පෙනෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd