නාට්‍ය ආචාර්ණී දීපිකා කොඩිකාර මහත්මිගේ නාට්‍ය නිර්මාණයක් වූ වලස් ගෙදර ගිය මාෂා නම් ළමා නාට්‍ය පැරීසියේ පැරිස් කළාප අංක 20 හී මෙනිල්මොන්තාන් නාට්‍ය ශාලාවේදි හෙට (26) සවස 05 වේදිකාගත කෙරේ . මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන අංජනා චරිතානි ජයලත්ගේ දියණය හොදම ළමා නිළිය ලෙස සම්මාන ලැබීය.
කොණ්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වා ගෙන යන පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන ප‍්‍රංශයේ ඉපැදුණු ශ්‍රී ලාංකික ළමෝ රංගනයෙන් දායක වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ සුබපැතුම් ! (නදී)
කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයෙන් විශේෂවේදී ගෞරව උපාධියක් දිනාගත් දීපිකා කොඩිකාරගේ වැනි අත්දැකීම් බහුල නාට්‍ය ගුරුවරියකගෙන් ඉගෙන ගන්නට ලැබීම පැරීසියේ දු දරුවන් ලද භාග්‍යයක්. ඇය සෝමලතා සුබසිංහ ප්‍රවීණ නාට්‍යාචාරිනීය වෙතින් ලද අභාෂයත්, ගම්පහ සිරි කුරුස විදුහලේ ඉගැන්වීමෙන් සහ සැලසිනේ මාධ්‍ය ආයතනයේ සේවය කිරීමෙන් ලද අත්දැකීම් ඇගේ මේ සාර්ථකත්වයට පිටුවහලක් වී ඇති බව මගේ විශ්වාසයයි. ඇගේ ඉදිරි ගමනට අපේ සුභ පැතුම්. !! (නදී)
දීපිකා කොඩිකාර මහත්මිය ප්‍රංශයේ වෙසෙන අප සැමට ආඩම්බරයකි.(නදී)
පැරිසියේ වැඩ වසන කෝ.ආනන්ද හිමියන් ආගමික වශයෙන් මෙන්ම සාහිත්‍යය හා කලා අංශයෙන්ද එහි වසන ශ්‍රී ලාංකික වැඩිහිටියන්ට සහ ළමුන්ට ලබා දෙන සේවය පැසසිය යුතුයි. ඒ මග පෙන්වීම තුලින් කොඩිකාර මහත්මිය වැනි දක්ෂ කලා කරුවන් දරුවන්ගේ කුසළතාවය මතුකර දීමට කරන මෙහෙවරද අගය කළ යුතුයි. (නදී)
නාට්‍ය ආචාර්ණී දීපිකා කොඩිකාර මහත්මිගේ නාට්‍ය නිර්මාණයක් වූ වලස් ගෙදර ගිය මාෂා නම් ළමා නාට්‍ය විශිෂ්ට නිර්මාණයක්. කෝ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගුරු මනිවරු හා පියවරුන්ට මහත් ආඩම්බරයක්. අනුර පෙරේරා මහතා ගේ දායකත්වය මෙම නිර්මාණය ඔපගන්වයි.(නදී)
වලස් ගෙදර ගිය මාෂා ඇතුළු දරුවන්ගේ රංගනයන් හෙට නරබන අපේ දෑස් කන් පිනවන්න .කාලය, ශ්‍රමය, ධනය මෙකි නොකී කැපකිරීම් කල සියලු දෙමවුපියන්හට හා මේ දැවැන්ත නිර්මාණයට දායක වූ සැමට මගේ ප්‍රණාමය. (නදී)