මාස 10 පමණ වයසැති ළදරුවෙකු නීති විරෝධීව ලඟ තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවලක් අද (07) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ දරුවෙකු විකිනීමට තැත්කරන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනූව සිදු කළ පරීක්ෂණයේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම යුවල පවසන්නේ මීට මාස 9 කට පෙර මෙම දරුවා හදා ගානීමට ගත් බවයි. නමුත් ඊට අදාල කිසිඳු ලියවිල්ලක් ඔවුන් සතුව නොතිබූ බවත් දරුවාට උප්පැන්න සහතිකයක් පවා නොමැති බවත් පොලිසිය පවසයි.
මෙම යුවද අද හෝමාගම අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසත් කාන්තාව හා ළදරුවා පරිවාස භාරයට පත් කරන ලෙසත් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයව දෙන්නේ තමන්ට හදාගන්න බැරි නිසා. දරුවාව ගන්නේ දරුවෙක් තමන්ට අවැසි නිසාත්, හදාවඩා ගන්න පුළුවන් නිසාත්. එමනිසා ළමයාගේ සුබසිද්ධියට මුල් තැන දී මෙම ගනුදෙනුව නීත්‍යානුකූල කරන්න. අර අහිංසක දරුවා අනාථ කිරීම නොකරන්න (නි)
මේ අසරණ ළදරුවා ගැන දුකයි (නි)
එතකොට අර අලි බබාලව තියාගත් අයට කරන්නේ මොනවාද? (නි)
මේ දරුවා ගැන මට හරි දුකයි. අනේ හදාගන්න කැමති පුලුවන් කෙනෙකුට හදාගන්න දෙන්න. (නි)
හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා (නි)
ඉතින් දෙයියනේ ළමයා කාගෙ හරි ගාව හොඳින් ඉන්නවා නම් මොකද වෙන්නේ? පරිවාසෙකට දාලා එක ගොඩේ හැදෙනවට වඩා දරුවට ආදරේ ඇති දෙමවුපියෙක් ගාව හැදෙන එක කොච්චර දෙයක්ද? ඒ මිනිසුන්ට නීත්‍යානුකූලව ළමයා හදාගන්න ඉඩ දෙන්න (නි)
ඔය දරුවා කාගෙන් හෝ හොරකම් කරලා වෙන්න පුළුවන් ඒ දෙමව්පියෝ ගිනි උහුලනවා ඇති. එකයි පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙන්නේ කිසිම ලියකියවිල්ලක් නැති නිසා.(හේ)