IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ළදරුවෙකු ලඟ තබාගත්තාට යුවලක් සැකපිට

මාස 10 පමණ වයසැති ළදරුවෙකු නීති විරෝධීව ලඟ තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවලක් අද (07) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දරුවෙකු විකිනීමට තැත්කරන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනූව සිදු කළ පරීක්ෂණයේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම යුවල පවසන්නේ මීට මාස 9 කට පෙර මෙම දරුවා හදා ගානීමට ගත් බවයි. නමුත් ඊට අදාල කිසිඳු ලියවිල්ලක් ඔවුන් සතුව නොතිබූ බවත් දරුවාට උප්පැන්න සහතිකයක් පවා නොමැති බවත් පොලිසිය පවසයි.

මෙම යුවද අද හෝමාගම අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසත් කාන්තාව හා ළදරුවා පරිවාස භාරයට පත් කරන ලෙසත් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.

vlcsnap-2016-05-07-16h05m27s183 vlcsnap-2016-05-07-16h05m40s56 vlcsnap-2016-05-07-16h06m22s227



අදහස් (0)

ළදරුවෙකු ලඟ තබාගත්තාට යුවලක් සැකපිට

බමුණු ආරච්චි Sunday, 08 May 2016 12:11 AM

ළමයව දෙන්නේ තමන්ට හදාගන්න බැරි නිසා. දරුවාව ගන්නේ දරුවෙක් තමන්ට අවැසි නිසාත්, හදාවඩා ගන්න පුළුවන් නිසාත්. එමනිසා ළමයාගේ සුබසිද්ධියට මුල් තැන දී මෙම ගනුදෙනුව නීත්‍යානුකූල කරන්න. අර අහිංසක දරුවා අනාථ කිරීම නොකරන්න (නි)

:       0       0

බියංකා Saturday, 07 May 2016 12:10 PM

මේ අසරණ ළදරුවා ගැන දුකයි (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 07 May 2016 12:08 PM

එතකොට අර අලි බබාලව තියාගත් අයට කරන්නේ මොනවාද? (නි)

:       0       0

ආරච්චි Saturday, 07 May 2016 02:56 PM

මේ දරුවා ගැන මට හරි දුකයි. අනේ හදාගන්න කැමති පුලුවන් කෙනෙකුට හදාගන්න දෙන්න. (නි)

:       0       0

යොහාන් Saturday, 07 May 2016 03:01 PM

හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා (නි)

:       0       0

විරාජ් Saturday, 07 May 2016 06:08 PM

ඉතින් දෙයියනේ ළමයා කාගෙ හරි ගාව හොඳින් ඉන්නවා නම් මොකද වෙන්නේ? පරිවාසෙකට දාලා එක ගොඩේ හැදෙනවට වඩා දරුවට ආදරේ ඇති දෙමවුපියෙක් ගාව හැදෙන එක කොච්චර දෙයක්ද? ඒ මිනිසුන්ට නීත්‍යානුකූලව ළමයා හදාගන්න ඉඩ දෙන්න (නි)

:       0       0

ලක්සිරි Sunday, 08 May 2016 08:41 AM

ඔය දරුවා කාගෙන් හෝ හොරකම් කරලා වෙන්න පුළුවන් ඒ දෙමව්පියෝ ගිනි උහුලනවා ඇති. එකයි පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙන්නේ කිසිම ලියකියවිල්ලක් නැති නිසා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site