තමාගේ ‘‘ළා සඳ පාමුල’’ නැමති ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයක් පමණක් විකාශය නතර කිරිමෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළැයි නිළි නදී චන්ද්‍රසේකර සහ ඇයගේ පියා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
පෙත්සම ප‍්‍රියසාත් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ සිසිර ද ආබෘෘ යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි නදී චන්ද්‍රසේකරසඑ ඇයගේ පියා වන කේ.ඞී.චන්ද්‍රසේකර ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර ඇත්තේ රූපවාහිනී සංස්ථවේ සභාපති, එහි අධ්‍යක්ෂ ජනරාල්, නීතිපති ඇතුළු පිරිසකි.
2014/08/04 දින සිට ජාතික රූපවාහිනියෙන් දිනපතා රාත‍්‍රී 8.30ට තමන් නිෂ්පාදනය කළ නාට්‍ය විකාශය කළත් බවත් ගිවිසුම් ප‍්‍රකාරව අත්සන් කරමින් විකාශය කළ මෙම ටෙලිනාට්‍යය කොටස් හතක් විකාශය වූ බවත් පෙත්සම්කරුවෝ කියති.
විකාශය වූ තම ටෙලිනාට්‍යයේ කොටස් සඳහා ගෙවිය යුතු මුදල් වගඋත්තරකරුවන් විසින් ලබා නොදුන් බවත්, තමා මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා නිවස උගසට තබා මුදල් ලබා ගත් බවද පෙන්වා දෙන පෙත්සම්කාරිය කියා සිටින්නේ මෙලෙස මුදල් නොලැබීම නිසා තමන් මහත් අපහසුතාවයට පත්වු බවද කියා සිටින්නීය.
මෙම සිද්ධිය නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කොට පෙත්සම් විභාගය කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.එසේම එම ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් විකාශය කරන ලෙසත්, විකාශයවූ කොටස් සඳහා ගෙවිය යුතු මුදල තමන්ට ලබා දෙන ලෙස වගඋත්තරකාර බලධාරීන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ධර්මසේන කරුණාසේන මහතාද, නීතීපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ විවේකා සිරිවර්ධන ද සිල්වා මහත්මියද පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්, මොකෙක්ද වගේ කියවන්න එපා. ඔය වගේ වැරදි ඉස්සර සිදුවුණා කියලනේ යහපාලනයක් ගෙනාවේ. දැන් ඔය තියෙන්නේ මහා බැංකුවෙන් සල්ලි හොරකම් කරන ඒවා එහෙමත් (නි)
යහපාලනය එන්න කලින් තමයි නාට්‍ය පටන් අරගෙන තියෙන්නෙත්, නැවතිලා තියෙන්නෙත්. තමන්ගේ අදහස් ලියන්න කලින්, ලිපියේ තිබෙන දේ හොඳින් කියවන්න. කියවලා තේරුම් අරගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා නම් හොඳයි (නි)
ඕකත් යහපාලනයේ වැරැක්දක් කියලා කියයි ද දන්නේ නෑ ?(කෞ)