වැලිවේරියේ රතුපස්වල ළිං වතුර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දෙදහසක් පමණ වන ගැමියන් හා පොලිසිය අතර ඇතිවූ බහින් බස් වීමෙන් පසුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා ඇතුළු නිලධරයන් වේදිකාවට නැග ශබ්ද විකාශන මගින් පිරිස අමතා අවසන් වන විටම හූ හඩ නැගී ආවේය.
ඔවුන් වේදිකාවෙන් නැග රැස්වීම පැවති ස්ථානයෙන් පිටව යන තුරු හූ හඩ නතර වූයේ නැත.
නියෝජ්‍ය පොලිස්පති පැවසූයේ මොරටුවේදී වතුර බෝතල් පහර එල්ල වීමට ඉඩ ඇති නිසා කිසම දේශපාලනඥයකු මේ රැස්වීමට නොපැමිණි බවයි.
එවිට සංවිධායකයකු ප්‍රශ්න කළේ ලිං වතුර අපවිත්‍ර වීමට හේතු වූ බව කියන කම්හල සම්බන්ධයෙන් පොලිසිය ගත් ක්‍රියාමාර්ගය පහදන ලෙසයි.
කුලරත්න මහතා මෙසේ කීවේය.
‘ලිංවලින් වතුර සාම්පල රැගෙන පරීක්ෂණයට යැව්වා. සමාගම සමගත් කතා කළා. අද මෙතන ඉදලා වැඩක් නෑ. හවස් වෙනකම් හිටියත් කිසිම දේශපාලනඥයෙක් එන්නේ නෑ. හෙට (සඳුදා) ගම්පහ දී බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඒ ගැන සාකච්ඡාවක් පවත්වනවා. ගම නපියෝජනය කරමින් 50 දෙනකුට ඊට සහභාගී විය හැකියි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර බෝතලේට බයවෙලා තියන තරම! මැතිවරණ කොමසාරිස් තුමනි, වතුර බෝතලය ඡන්ද සලකුණක් කරන්න බැරිද? (දී)
කොට්චර දේවල් සිදු උනත් අපේ ජනතාව චන්දෙදි අනාගන්නව.රුපියල් 100කට බත් පාර්සලයකට රැවටෙන ජනතාවක් ඉන්නේ. (දී)
ඉතා හොඳ ප්‍රවනතාවයක්. වතුර බෝතල් වෙනුවට වෙනත් දේවල් පාවිච්චි කරන්න ජනතාව පටන් ගනීවි ඒ ලඟට. එතකොට නං නවත්වගන්න පොලිසියට ටිකක් අමාරු වේවි. දෙසපාලකයන්ට පාරක බැහැලා යන්න බැරිවේවි මෙහෙම උනොත්. ජනතාව හැමදේම ඉවසන සීමාවක් තියෙනවා. (දී)
ඔය ලින් වතුරෙන් වතුර බෝතල් පුරවල පාර්ලිමේන්තුවට හද්දීස්සියෙන් හරි ආවොත් තව ප්‍රශ්නයක්. ඉක්මනට ටෙස්ට් කරන්න. අනිත් එක ඒ ඇතුලේ ගහගන්නේ ඔවෙඉන් හින්ද ඔතෙන්ට එන්න බයත් ඇති (දී)
සාකච්චාවක් හරි ලැබුනේ උද්ගොෂණ කල නිසයි. බලමු කම්හල වන්දි ගෙවයිද කියලා? කම්හලේ නම පලකරන්න (නි)
මොකද මේකට කිසිවක් මොකවත් ලියලා නැත්තේ. (නි)
පොලිසිය හෝ හමුදාව දැනගත යුතුයි ඔය මහා ජනතාව අතර හමුදාවේ පොලිසියේ අයගේ දෙමුපියන්, සහෝදර සහෝදරියන් සිය ගණනක් සිටිය හැකි බව (නි)
සුරේ එකටම කම්හල ගානක් දීලා ඇති (නි)
චන්ද කොළ දෙන්නත් එන්න එපා මැතිවරණ කාලෙට. මොවුන් හිතන් ඇත්තේ ඔවුන්ට ඇමතිකම් අහසින් පහත් වෙලා එහෙම නැත්තන් උප්පතියෙන්ම අරන් ඇවිත් කියලා. (නි)
හෙල දෙරණේ ගිනි අවිගත් යුද සෙබළුනි, අසනු මැනවි. යුක්තිය උදෙසා මොරදෙන ජනයා මඩිතොත් නිරතව වැනසෙන්නේ නුබද අයත් පන්තිය බව සිතට ගන්න්න (නන්දා මාලනි) (නි)
අපු නැති කට්ටියට වතුර බෝතල් වලින් ගහන්නෙත් නැහැ කතිරේ ගහන්නේත් නැහැ බලමුකෝ මොකෝ වෙන්නේ කියල .දැන් මේකේ අදහස් දාන චක්‍ර වර්තිලා කියන්නේ දෙනදෙයක් කාල වෙන දෙයක් බලන ඉන්න කියලද . කදානේ ගෙදර ,කට්ටියට ගෝල්ඩන් ගෙදර මේ සටනේදී දරන වෙහෙස අගය කරමි (දී)
වතුරබෝතල් වෙනුවට මොනව හරි ලැබේවි, චන්දෙනම් ලැබෙන එකක් නැහැ . හැමදාම බොරුව රජකරයිද. (දී)
නියෝජ්‍ය පොලිස්පතිගේ කතාවත් අර ලේකම්ගේ කතාවට දෙවැනි නැහැ. මොරටුවේදී වගේ වතුර බෝතල් පහර එල්ල වීමට ඉඩ ඇති නිසා කිසිම දේශපාලනඥයකු මේ රැස්වීමට නොපැමිනෙන බව වේදිකාවක ඉදන් කියන කොට මිනිසුන් හූ නොකිය වෙන මොනවා කියන්නද? (දී)
මෙතරම් කර්මාන්ත පුර සහ වෙළඳ කලාප තියෙද්දිත් ඇයි මෙවැනි කම්හල් ජනතාව පදිංචි වෙලා සිටන ප්‍රදේශ වල පිහිටුවා තියෙන්නේ. පැහැදිලි විසඳුම් තියෙනවනේ මෙවන් ප්‍රශ්න වලට. (නි)