වැලිවේරිය, රතුපස්වල, නැදුන්ගමුව ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ගම්වැසියන්ෙගේ චෝදනාවට ලක්ව ඇති කර්මාන්ත ශාලාව අසලට රැස්වූ හාර දහසක් පමණ ජනයා මේ සදහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂනය හතරවෙනි දිනය වන අදත් අඛන්ඩව පැවැත්විණි.
කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පෙරේදා සිට රැස්වූ ගම්වාසීන් අද දිනත් එම ස්ථානයේ ආහාර පිසිමින් විරෝධතාවය අඛන්ඩව ගෙන ගිය අතර එම විරෝධාතාවයට අද දහවල් සිට තවත් භික්ෂූන් වහන්සේලාද එක්වූහ.
මහින්ද රාජපක්ෂ ජනපති ඉයේ රාත‍්‍රියේ රතුපස්වල ක‍්‍රීඩාංගනයේ තමන් වහන්සේ මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී දුරකතනයෙන් ඇමතූ බවත් ගම්පහ දිස්ත‍්‍රික් නායක ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග මේ පිළිබදව සාකච්ඡා කොට විසදුමක් ලබා ගන්නා ලෙස ජනපති පැවසූ බවත් උද්ඝෝෂනයට එක්ව සිටින තෙරි පැහැ සිරිධම්ම හිමියෝ ලංකාදීපය කළ විමසීමකදී පැවසූහ.
ජනාදිපතිවරයාගේ දුරකතන ඇමතුමෙන් පසු තමන් වහන්සේ මාරාන්තික උපවාසය අත හැර කර්මාන්ත ශාලාව අසලට පැමිණ උද්ඝෝෂනයෙහි යෙදී සිටින ගම්වැසියන් සමග එක්වූ බවත් තෙරි පැහැ සිරි ධම්ම හිමියෝ පැවසූහ.
අද පෙරවරු එකොලහට පමණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙකු කර්මාන්ත ශාලාව අසලට පැමිණ උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කළ අතර එයද අසාර්ථක විය. පසුව ඉදිරි සාකච්ඡා සඳහා කොළඹට පැමිනෙන ලෙස උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලිස් කැරලි මර්ධන ඒකකයේ 500ක් පමණ බට පිරිස් කර්මාන්ත ශාලාවට අතුළු වන ගේට්ටුව ඉදිරිපට රඳවා ඇති අතර ගම්වාසීහු කර්මාන්ත ශාලාවට පැමිනෙන සහ පිටවන් දොරටු හරස් කරමින් මහ පාරේ රුදී සිටිති.
මෙම ප‍්‍රදේශයේ දරුවෝ ඊයේ දිනත් පාසල් ගොස් නොතිබූ අතර පාරේ පැදුරු දමා වාඩිවී අපට ජලය ලබා දෙන්න යැයි කියමින් විරෝධතාවට එක්වූහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඊයේ එම ස්ථානයට පැමිණ ජනතාවගෙන් අධිකරණයට ගොස් කම්හල වසා දැමීමට නියෝගයක් ගැනීම සඳහා පොලිසියට පැමිණිලි ලබා ගත්තද මෙතෙක් ඒ සම්බන්ධයෙන්ද කිසිවක් කර නැතැයිද ගම්වැසියෝ පොලීසිය වෙතද දෝෂාරෝපනය එල්ල කළහ.
ගම්පහ කොට්ඨාස බාර පොලිස් අධිකාරි විජිත කොමසාරු මහතා ඊයේ දිනද කර්මාන්ත ශාලාව අසල රැදී සිටිමින් ජනතාවගේ අවශ්‍යතා පිලිබඳ තොරතුරු රැස් කරමින් සිටී.
කෙසේ වෙතත් ගමිවැසියෝ පවසන්නේ මෙම ප‍්‍රශ්නය සඳහා පැලැස්තර විසදුම් ඉදිරිපත් නොකොට කර්මාන්ත ශාලාව සම්පුර්නයෙන්ම වසා දමා බීමට පිරිසිදු ජලය ලබා දෙන ලෙසත් මෙසේ ජලය අපවිත‍්‍ර වීමට පැහැදිලි හේතුව විනි විද බාවයකින් ජනතාවට දැනුම් දෙන ලෙසය. එතෙක් උපවාසය අඛන්ඩව සිදුකරන බවය.
දින හතරක් තිස්සේ බීමට ජලය ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක යෙදී සිටින ගම්වැසියන්ගෙන් මෙකෙත් කිසිදු ප‍්‍රචන්ඩ ක‍්‍රියාවක් වාර්ථා නොවූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස් නෙමෙයි දැන් නම් තියෙන්නේ.අසුචි.මෙයා විතරයි මොලේ පාවිච්චි කරලා කතිරේ ගහල තියෙන්නේ මෙච්චර කාලෙකට ලංකාවේ.ඡන්දයක් ලග එනවනේ..අනේ කට්ටිය මෙයා කියන විදියට මොලේ පාදාගෙන ඡන්දෙ දීල මෙයා කියන විශ්වකර්ම පාලකයෝ බලයට ගෙනල්ල මෙයාගේ හිත සතුටු කරන්න හොදේ..මට මතක් වෙන්නෙම අර කතරගම මල් විකුණන මල් කෙල්ලන්ව.(අ)
ඔන්න රටේ එකමුතුකම ගම්පහින් (නි)
කපටි දෙශපලකයින්ට නොරැවටෙමු, මේ ප්‍රශ්නය අපිම අධිකරණ ක්‍රියා මාර්ගයකින් විසදා ගනිමු,ජනතව හරි.(අ)
අරක්කු වල මිළ නම් කීයක් වැඩි වුණත් මට කමක් නැහැ. හැබැයි තණකොළ,පුන්නක්කු වලට නම් අත තියනවා එහෙම නොවෙයි ඔන්න (නි)
එක ඡායාරූපයක බෆර් රථයකුත් තිබෙනවා. මේ ඉන්නෙ සාමාන්‍ය මිනිසුන් නේද? (නි)
බොන්න වතුර ටිකක් ඉල්ලන සාමාන්‍ය ජනාතාව දෙස ත්‍රස්තවාදීන් කණ්ඩායමක් දෙස බලන ඇසින් බැලීම වැරදියි (නි)
මට මතකයි ඉස්සර ලොකු නායකයෙකුත් තමන්ගෙ අන්තිම කාල පරිච්ඡේදය ගතකරන කාලයේ මේ විදියටම මිනිසුන් තලා පෙළා සතුටු වුණා. අන්තිමේ ඔහුගේ මළගම දා මිනිසුන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වුණා (නි)
රටේ ඉන්න අසරණ මිනිස්සු ටිකක් බොන්න වතුර ටිකක් ඉල්ලද්දී, වතුර බවුසර් ටිකක් ගෙනෙනවා වෙනුවට මල්ටි බැරල්, රොකට් ලෝන්චර්, ආයුධ ගෙනත් බලාගෙන ඉන්නවා? (නි)
අරක්කු වල මිළ නම් කීයක් වැඩි වුණත් මට කමක් නැහැ. හැබැයි තණකොළ,පුන්නක්කු වලට නම් අත තියනවා එහෙම නොවෙයි ඔන්න (අ)
දැන්වත් මොලය පාවිච්චි කරලා මේ අයට ඡන්දය දෙන්න .(අ)
කෝ මේ පි.එච්.අයි.ලා ටික? (නි)
තමනට ස්වභාව ධර්මයෙන් ලබා දෙන පිරිසිදු වතුර ටිකට, වස විස එකතුවීමට එරෙහිව විරෝධය පාන ජනතාව ඉදිරියට මොනවද මේ රැගෙන ගොස් තිබෙන්නේ? මේක 21 වන සියවසේ මහා විහිළුවක්. බීමට වතුර ඉල්ලන ජනතාවට බැටන් පොලු, තුවක්කු දික්කරගෙන සිටින්නේ අපේ ලංකාවේ හමුදාවද? ලංකාවේ පොලිසියද? කාට කියන්නද? (නි)
මේ කොටි නොවේ. මොකද නවීන අවි ආයුධ, බෆල්, නොයෙකුත් දේ අරගෙන සුදානම් වෙලා ඉන්නේ. මේකද ජනතාවගේ මානව හිමිකම. කෝ පරිසර ඇමති නිදිද? (නි)
ප්රශ්නය එය නොවේ. ළිං වතුර වෙනුවට මොවුන්ට නළ ජලය ලබා දුන්නත් පොළවේ ඇති රසායනික ගති ලක්ෂණ තව වසර කීයක් නම් තිබේද?මේ ඉඩම්වල වටිනාකමට මොකද වෙන්නේ? (නි)
මේ ගම් ටික තියෙන්නෙ උතුරු, මධ්‍යම හෝ වයඹ පළාත්වල නොවේනේ ?ජනතාවට සත්‍ය තේරෙත්වා. (නි)
කුම්බලා මාලු කෑවා නම් විදවපන් බල්ලෝ කිව්වලු. ඊළග පාරවත් හොද තීරණයක් ගන්න ඡන්ද දාන්න (නි)
මේවා බලන්න දැන් ඉන්නේ ආමි එක. රටකට ගිය කලක්! (නි)
මොලේ පාවිච්චි කරල කතිරය ගැහුවානම් අද පිට්ටනියේ රස්තියාදු වෙන්න වෙන්නේ නැහැනේ. (අ)
අසරණ මිනිසුන්ව හමුදාවේ වටකරගෙන එන්නේ හරියට මිනීමරු ප්‍රභාකරන් නන්දි කඩාල් වල කොටු කරගෙන වගීනේ.මල්ටි බැරල් රෝච්කෙට් ලෝන්චේර් වලිනුත් සන්නද්ද වෙළද මන්ද. (අ)
ඇයි මේකට විසඳුමක් දෙන්න මෙච්චරව් ප්‍රමාද ? අඩු තරමින් වහාම විසඳුමක් නොතිබ්බත් අසවල් දිට පෙර මේ මේ දේ සිදු කිරීමෙන් ඒ ජනතාවට පිළියමක් යොදන බවට හෝ ප්‍රතිඥාවක් දීමටවත් අපොහොසත් වීම ගැන කනගාටුයි (අ) .
හාර ලක්ෂ ,පන් ලක්ස ගණනින් ඉහලින්ම දිනන කොට මම දැනගෙන හිටියේ ඔහේ එන්න මිනිසුන්ට හොද පරිප්පුවක් කන්න වෙනවා කියල. (අ)
දම්මික පෙරේරා ගිහින් අර පොල් ටික ගාල දීල අ මිනිසුන්ගේ සාදාරන ඉල්ලීමට සහයෝගයක් දුන්නොත් හොද නැද්ද? (අ)
මේ පුංචි රටේ එක ජන කොටසක් බීමට සුදුසු දිය පොදක් නොමැතිව කල්පනා කරද්දී ,තවත් පිරිසක් හිතන්නේ තම පෙම්වතියට වටිනාම අශ්වයෙක් තෑගි කරන්න ,නැතිනම් ලෝකයේ වටිනාම කාර් එක ගෙනත් රේස් පදින්න,මේක නම් අරුම පුදුම රටක්.(අ)