වැලිවේරිය රතුපස්වල ළිං ජලය අපවිත්‍රවීමට පිළියම් සොයා සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු ගම් වැසියෝ කම්හල ඉදිරිපිට මීනී පෙට්ටියක් ද තමාගෙන විරෝධතාවේ නිරත වෙති.
සඳුදා රාත්‍රීයේ ඔවුහු එහි ආහ. තුන්දහසක පමණ පිරිසක් විරෝධතාවේ නිරත වෙති.
පාරේ මැද ලිප් බැඳ උදේ ආහාරයට පිළියෙළ කර ගත්හ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කළ අතර එම සාකච්ඡා අසාර්ථක වූ බව ගම් වැසියෝ කියති.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ කැරළි මර්දන අංශයේ 500ක් පමණ ආරක්ෂාවට යොදවා සිටිති.
ප්‍රශ්න විසඳා දීම සඳහා කිසිදු නිලධාරියකු හෝ දේශපාලනඥයකු නොපැමිණි බව ද උද්ඝෝෂකයෝ කියති.
තෙරි පැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසයේ තෙවැනි දිනය අදයි.
කම්හලේ මෙහෙයුම් කළමනාකරු උදිත සේනාරත්න මහතා පැවසුවේ ලෝකයේ අත්වැසුම් නිෂ්පාදන කම්හල් අතරින් හතර වැනි තැනට සිටින කම්හල තම කම්හල බවයි.
පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස තම කම්හලට සම්මාන හිමිවී ඇති බවත්, නියමිත ප්‍රමිතියට අනුව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සිදුවන බවත් ඒ මහතා සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර හිතකාමී කියන සමාගම් ගැන මීට වැඩිය හොයලෙ බලන්න. පනාගොඩ පැත්තේ කම්හලකත් ඉවත් කරන අපිරිසිදු ජලය වැස්ස දවසට එයාලා නිකම්ම කානුවකට මුදාහැරියා. ඒක නවතා ගත්තේ වටේ හිටපු මිනිස්සු කියලයි. දැන් එයාලා හොද කණු පද්ධතියක් හදලා සේරම අපිරිසිදු ජලය යවනවා. මේවා කියලා නතරකර ගන්න පුළුවන් දේවල්. හැමෝම එකතුවෙලා හිටියොත් වැඩේ කෙරේවි. නැත්නම් හුලං තමා. (නි)
ශාන්, කෝ මේ ප්‍රදේශයේ පියතුමන්ලා? ජනතා ප්‍රශ්න වලට කරගහන්න බය ඇති නේ? (අ)
බලධාරීන් නිදිද? (නි)
සේනාව ඉන්නේ මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නොවේ. (නි)
ජපානයේ ඉබරකි රබර් ආයතනයේ ජපන් ජාතිකයින් වැඩකරන්නේ නැහැ.වැඩකරන්නේ විදේශිකයන්. ඔවුන්ගේ මසක වැටුප ලක්ෂ 10 පනිනවා. සේවකයන්ගේ ආයුකාලය අඩුබවට කම්හලෙන්ම සහතිකය දෙනවා.හැබැයි අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය හරියට කරනවා (නි)
මේකත් අනුරපුර ප්‍රශ්නය වගේමයි. කෘමිනාශක වල ප්‍රශ්නය යටගැහුවා වගේ මේකත් අවසන් කරයිද දන්නෙ නැහැ. මෝඩ අපිම කතිරේ ගහලා හුරේ දාලා මාස 6කින් පස්සේ අවුරුදු 6ක් නැවත නැවතත් දුක්වෙනවා . (නි)
විමල් වගේ අය ඉන්න තාක්කල් මේ රට මෙහෙමම තමයි. (නි)
මේ දරුවන්ගේ අහිංසක මුහුණු දැක්කහම අපි මොනතරම් අසරණ වෙලා තියෙනවද කියල හිතෙනවා මේ දරුවන්ට පිරිසිදු වතුර බව්සරයක් යවනවා වෙනුවට ප්‍රහාරක ජල බව්සර් සමග ආයුද සන්නද්ද හමුදාව යවල තියෙන්නේ මොන අදහසකින්ද ? (අ)
මුලින්ම බලන්න ඕන මේකේ අය්තිකාරයෝ මොන භාෂාව කතා කරන අය ද කියල . ඊට පස්සේ අපි බලමු විරුද්ධ වෙන්න ඕන ද නැද්ද කියල. ප්‍රාදේශීය සභා වල අය ළමය් දූෂණය කරනකොට අපි එහෙමය් තීරණ ගත්තේ. (දී)
විමල්, ඇයි පාරේ ලිප් තියාගෙන උයන මිනිස්සු දැකලා නැද්ද? (නි)
රවීන්.මේකත් අනුරපුර ප්‍රශ්නය වගේමයි. කෘමිනාශක වල ප්‍රශ්නය යටගැහුවා වගේ මේකත් අවසන් කරයිද දන්නෙ නැහැ. මෝඩ අපිම කතිරේ ගහලා හුරේ දාලා මාස 6කින් පස්සේ අවුරුදු 6ක් නැවත නැවතත් දුක්වෙනවා (අ)
කෝ අපේ සේනාව ?මේවා පෙනෙන්නේ නැද්ද ? (නි)
පරිසර සහතික ගන්න විදිය ගැන නම් ඉතින් අපිට කියන එන්න එපා. (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමා මෙයට මැදිහත් විය යුතුයි. මෙය පොඩි ප්‍රශ්නයක් නොවෙයි (නි)
පාරේ ලිපවල් තියාගෙන බත් උයන සිංහල පෙරේතයන් වගේ තව මනුෂ්‍ය ජාතියක් ලොවේම එතිද?අපරාදේ පාරවලුත් සවුත්තු වෙනවා. (අ)
බලධාරීන් මොකද කරන්නේ? (නි)
මොකක්ද මේ ආයතනේ නම...? (දී)
හරියට හොයලා බලන්න ඇයි ජලය ආම්ලික උනේ කියල. අයිඑස්ඔ 14000 වගේ පරිසර සහතික තියෙන කම්හලකින් ඔයතරම් සාන්ද්‍ර අම්ල පරිසරයට එකතුවෙන්න තියෙන ඉඩ අඩුයි. අනික දැන් ඒ මිනිස්සුන්ට බොන්න බෞසර් වලින්වත් වතුර යවන්න කාටවත් මතක් වෙන්නේ නැද්ද?(අ)
මමත් දන්නා තරමින් මෙය හොද පරිසර හිතකාමේ කම්හලක්. අප ලංකාවේ කර්මාන්ත පුර තියෙනවා. එත් ලංකාව පුරාමත් කර්මන්ත තියෙනවා .. මිනිස් වාසයෙන් තොර පෙදෙස්වල කම්හල් හදන්න බලපත් දෙනවනම් මේ කිසි ප්‍රස්ස්නයක් නැහැනේ. (දී)
ඇත්තට ම මේ ප්‍රශ්නය විසදන්න සියළු දෙනා එකතු විය යුතුයි. ඒකට භික්ෂුන් වහන්සේලා වැඩම කළ එක අගේ කරනවා. අතීතේ සිටම භික්ෂුන් වහන්සේලා රටේ ජාතික ප්‍රශ්නවලදි මහජනයා වෙනුවෙන් පෙනි සිටියා. එසේ නොවි උන්වහන්සේලා ධර්මය පමණක් දේශනා කරකර හිටියානම් අද අපිට අපේ කියලා රටක් ඉතුරුවෙලා නෑ. ඒත් මේ ප්‍රශ්නදි මෙන් ම අනෙක් සමාජමය වශයෙන් වැදගත් ගැටළු වලදි ඔය අපේ රටේ තියෙන අනෙක් ආගම්වල නායකයෝ කටක් අරින්නේ නෑ. මේ වෙනුවෙන් සටන් වදින භික්ෂුන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය හිමිවේවා.(අ)
මෙයට වඩා කර්මන්තශාලා තියෙන ප්‍රදෙස වලත් මිනිස්සු ලින් වතුර බොනවනේ..මේක කර්මන්තශාලාව නිසාද නැත්නම් වෙන ප්‍රශ්නයක් නිසාද කියල හොයල බලන්න ඕන..මෙච්චර විශාල ප්‍රදේශයක බුගත ජලයට බල පෑමක් වෙනවද ඔක්කොම කෙමිකල් බිමට හැලුවත්... (දී)
අයිස්ක්‍රීම් නිෂ්පාදන කම්හලකුත් මේ විදියට එලවා ගත්ත නේද? (දී)
අයිතිකාරයා කවුද? ජාතිය විනාශ කරන බලවේග මොන දේ කරනවද කියලා හොයන්න. දකුණේ වතුරට කෑමට වස දාන එක, වගාවන්ට ලෙඩ දාන එක, අල ළූණු වගේ කෑමට ලෙඩ හදන රසායන දාන එක, අහවල්ලු පැරදුනොත් සටනේ දෙවැනි පියවර විදියට පලකරලා තිබුනා ඉස්සර ඉදලම... මතක නැද්ද ඔයාලට ? (නි)
මේ රටේ දුක් විදින, අහිංසක, සහ අසරණ මිනිස්සු තමා හැම පැත්තෙන්ම තැලෙන්නේ , පොඩිවෙන්නේ. (නි)
ශාන්, වැලිවේරියේ බහුතරයක් ඉන්නේ කිතුනුවන්.ඇයි ඉතින් පියතුමන්ව සොයන්නේ නැත්තේ? මේ ප්‍රශ්නයේදී උපවාස කළේ ඔබතුමන්ද ශාන්? (නි)