ළිංවතුර අපිරිසුදු කියමින් වැලිවේරියේ ගම් රැසක 3000 දහසක් පමණ පිරිසක් නව කොළඹ - නුවර මාර්ගය අවහිර කරමින් රතුපස්වලදී අද පෙරවරුවේ සිටි උද්ඝෝෂණයක නියැළී සිටිති. නැඳුන්ගමුව, ඌරුවල, සිවුරුලුමුල්ල ඇතුළු ගම්මාන රැසක වැසියන් පවසනුයේ ළිං වතුර පානය කිරීමෙන් උගුර කැසීම, බඩේ දැව්ලද, නෑමෙන් පසු ඇඟ කැසීම ද ඇති වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන් ඔයාකියන දේකරන්න පුළුවන් හැබැයි පහුවදාට ආයුද පෙනන්න එක්කයාවි,සුසු වෑන් ඒවි .අනික තුන්වෙනි ලෝකේ කිසිමරටකට දේශ පාලනය හරියන්නේ නැහැ .කෝක ආවත් එකයි .ඒකනිසා තමයි මිනිස්සු තමන්ට පුලුවන්දේ ඔය කරන්නේ .අනික මේ තිරගෙන තියෙන්නේ රතුපස්වල හන්දිය ඕන තරම් විකල්ප මාර්ග තියනවා .ඔයාගේ තියෙන්නේ නොකෙරෙන වෙදකමක් ශාන් (අ)
මේ සම්බන්දයෙන් දිවිහිමියෙන් ගම්වාසින් වෙනුවෙන් කෑප වි ගම්මුන්ට ජලය ලබාදෙන ගෝල්ඩන් අධිපතිතුමනි, අප ඔබ සමගයි. මෙම කාරනය යට ගහන්න මූදල් ගත් සෑම දෙනාටම ශාප වේවා! (නි)
මේ කර්මාන්තශාලාව හම්බන්තොට ඉදිකෙරෙන කර්මාන්ත පුරයට ගෙනයාම සුදුසු බවයි මගේ අදහස. දැන් ගම්පහ දිස්ත්‍රික්කයට කර්මාන්ත වැඩි, ඔය අනවශ්‍ය ඒවා අපෙන් ගෙනගොස් ගම්පහ ස්වභාව ධර්මය රක ගනිමු.(අ)
හරි හරි ඔක්කොම පාරවල් හරස් කරලා ප්‍රශ්න විසදා ගන්න. ඒත් අමතක කරන්න එපා අද ඔය බස් වල හිරවෙලා මිනිස්සු දෙස් දෙවොල් තියනවා වගේ තමන්ටත් ඒ අත්දැකීම විදින්න වෙනවා කියලා මේ ලැබෙන ආදර්ශ වලින්. කට්ටිය කොළඹ එහෙම එනවා නම් සතියකට කලින්වත් එන්න.ඉන්ටර්විව් එකකට එයාපෝර්ට් එකකට යනවා නම් සති දෙකකට කලින් එන්න. මොකද දැන් පාරවල් තියෙන්නේ වාහන වලට නෙමෙයිනෙ.මේ යන විදියට හෙට අනිද්දා පවුල් ආරවුල් වලටත් පාරවල් හරස් කරයි.පාරවල් එයලටම දෙමු.අපි ගෙවල් වලට වෙලා ඉමු (නි)
බන්දුල මහත්තයෝ, ඔයත් කතා කරන්නේ හරියට අර ශාන් සෞදියේ ඉදලා කතාකරනවා වගෙයිනේ. අපේ රටේ ප්‍රශ්න උද්ඝෝෂණය නොකර විසදලා තියෙනවද? බුද්ධිමත්ව සිතා බලන්න (නි)
මෙයට පරීක්‍ෂන කරල ලංකා ප්‍රමිති ආයතනයෙන් වාර්තාවක් නිකුත් කර තිබේද? (දී)
එම ආයතනයට විරුද්දව නඩු පවරන්න වන්දි ඉල්ලලා. (නි)
ටැප් වතුර බීලම බලන්නකෝ. ලින් වතුරේ අගේ.. (ස)
ශාන , ඔහේ ඉන්නේ සෞදි වලනම් කටවහගෙන ඉන්නවා.මේක එක්කෙනෙකුට දෙන්නෙකුට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි.ගම හත් අටක පවුල් දහස් ගණනක,මිනිස්සු හාර පන්දහකට බලපාන ප්‍රශ්නක්.මේක බල බලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි (නි)
මෙයට හේතුව එක්තරා ආයතනයක් භූගත ජලයට මිශ්‍ර වන පරිදි රසායන අපද්‍රව්‍ය අප ද්‍රව්‍ය මුදහරීමයි..මෙම ප්‍රදේශවල ලබාගත් ජාල සාම්පල මගින් එය තහවුරුවී ඇත. උනුකලවිට විෂ රසායන යේ සාන්ද්‍රණය වැඩිවෙනවලු. (ස)
මෙම ආයතනයේ නමත් සියලු විස්තරත් පසුව දැනගන්න ලැබේවි. (ස)
කවුරුත් දන්නවා මොකක්ද . එකේ විස රසායනිකද්‍රව්‍ය ජලයට එකතු වෙලා. මිනිස්සුනට හරි කරදරයක්. අපේ ගම් විනාශ වීගෙන යනවා. වහාම මේ ආයතනය මෙතෙනින් ඉවත් කල යුතයි. නැත්නම් වෙන නිෂ්පාදනයක් අරඹ කල යුතුයි. (අ)
මිනිසුන් මේ වගේ උද්ඝෝෂණයනට හැම විටම යන්නේ මේ අය පත් කර ගතිපු මහජන නියෝජිතයන්ගෙන් කිසිම සේවයක් නොවෙන නිසයි. (ස)
අයි එම ආයතනයට විරුද්දව නඩු පවරන්නේ නැත්තේ වන්දි ඉල්ලලා. (ස)
ෂෙල්ටන් - මෙම ප්‍රදේශයේ ජනතාව බලෙන් ටැප් වතුර නොඉල්ලන වග ඔබට පහත විස්තරය කියවීමෙන් අවබෝද වනු ඇතැයි සිතමි . 1. මෙම ගම්මාන වල දහසකුත් ජනතාව උපන් දා සිට පරිහරණය කළේ ළං වතුරය . 2. මෑතක සිට ජලයේ අම්ල ගතිය මෙන්ම අනෙකුත් විස රසායන මිශ්‍රවීම නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ලෙඩ රෝග වලට ලක්වීම සුලබ විය. 3. මේ පිළිබදව ගම්මුන් පුද්ගලිකව ජල සම්පාදන මණ්ඩලය හරහා කල පරීක්ෂණ වලදී ජලයේ විස සහිත බව අනාවරණය වීමෙන් පසුව නොයෙකුත් ආයතන මැදිහත්ව පර්යේෂණ කලත් තවමත් අවසන් නිගමනයක් ලැබී නොමැත. (ප්‍රදේශයේකම්හලක් වෙත මෙම දෝෂාරෝපණය එල්ලවී ඇති මුත් එය පර්යේශාන්තකව තහවුරු වී නොමැත) 4. රජයේ ආයතන මැදිහත්ව තාවකාලිකව ජල බවුසර් වලින් ජලය සැපයුවද මිනිසුන්ගේ සියලු අවශ්‍යතා එමගින් ඉටු නොවන බව පැහැදිලිය. 5. මීට විසදුමක් ලෙස පානීය නල ජලය ලබාදීමට යෝජනා වී ඇතත් එහි බරපැන අහිංසක ගම්මුන් මතට පැටවීම ඔවුනට දරාගත නොහැකිය. ඉතින් ජල ප්‍රශ්නය බොහෝ කලක් ඉවසා නොසිටිය හැකි බැවින් මෙයට විසදුමක් ගන්නට ඔවුන් පාරට බසිනු හැර විකල්පයක් ඇතිද? (අ)
අපේ ගම් විනාශ වීගෙන යනවා. වහාම මේ ආයතනය මෙතෙනින් ඉවත් කල යුතුයි. (නි)
අපේ ගමට මේ ආයතනය නිසා ලොකු විනා ෂණයක් වෙන්න යන්නේ මේ ආයතනය ලක්ෂ් ගණන් පිදේනි දීලලු ඒ ගොල්ලෝ දැන් ඒ ආයතනයට හරිම කිකරුයි නමුත් ගයාන් ඔබ ජනතාව එක්ක අපිත් ඔබ සමග ඔබට ශක්තිය දහිර්ය ලබේවා (අ)
මේවා අරඹ කරන්න ප්‍රමිති සහතික දුන්නේ කව්ද ???? අනිවාර්යෙන්ම දේශපාලන ලොක්කෙක් ඇති.....අද ළිදෙන් බොන වතුර ටික වත් බොන්න නිදහසක් නැහැ.(අ)
ලක්ෂ ගණන් පිදේනි කාල නැවත ඡන්දෙ ඉල්ලන්න එන්න එපා. අපි නියම පිළිතුරු දෙනවා. මුදලට යටවෙලා අහිංසක ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාවා දෙන නායකයෝ අපිට අවශ්‍ය නැහැ. වහාම මේ ප්‍රශ්නය විසදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.(නදී)
මෙයට හේතුව එක්තරා ආයතනයක් භූගත ජලයට මිශ්‍ර වන පරිදි රසායන අපද්‍රව්‍ය අප ද්‍රව්‍ය මුදහරීමයි..මෙම ප්‍රදේශවල ලබාගත් ජාල සාම්පල මගින් එය තහවුරුවී ඇත. උනුකලවිට විෂ රසායන යේ සාන්ද්‍රණය වැඩිවෙනවලු ඉතින් මෙහෙම දෙයක් මේ ලිපිය කියල නැ මිනිස්සුන්ට වැසිකිලියක් නැති උනත් පාරවල් වහගන නටන්න ඕකට යන්න ඕනේ පී ච් අයි ලගට හෝ ප්‍රදෙශිය ලේකම් ලගට නැත්නම් මහජන නියෝජිතයන් ගාවට පාරේ එන්නේ මොකා අනකල්ද මුන්ට පිස්සු අදාල තැන වටලා මේවා විසදා ගන්න ඕන මහජනතාවට වැඩ නොදී (අ)
ළඟදීම වාර්තාවක් එයි, ගමේ මිනිස්සු විසින්ම විස ළිං වලට දාගෙන කියල හරි එහෙම නැත්නම් අද්බූත ආකාශ වස්තුවක් මේ ප්‍රදේශයට විෂදාල ගිහින් හරි කියලා. දහවල් ආයතනය නිදොස් වෙයි..ගමේ අහිංසක මිනිසුන්ට තමාගේ වියදමින් නල ජලය ලබා ගන්න වේවි..(අ)
මේකටත් කව්රු හරි අර අහවලෙක් සම්බන්ද ඇති.(නදී)
කර්මාන්ත ශාලා ඇති හැම තැනකම මේ දේ සිද්දවෙනවා .කර්මාන්ත හිමියන්ගෙන් පගාව ගෙන මේවා නොබලන නිලදාරීන් සිටිනවා. මා දන්නා පලාතක ඇලකට රාත්‍රියට වැසිකිලි ජලය මුදා හරිනවා. මගේ මිතුරකුගේ ඉල්ලීම පරිදි ගොස් රාත්‍රී 12 පමණ වෙනකම් සිටිය මෙය දැක ගැනීමට. නමුත් දේශපාලන බලදාරින් නිහඩයි. සිංහලකම් ගැන කතාකරන දේශපාලන පක්ෂයක ලොක්කෙක් තමයි එදා මේවා බාරව සිටියේ. නමුත් ලිපිය ලද බවටවත් දැන්නුවේ නැහැ. මම වතුර බොන ලිදටත් ඔය දේම උනා. දැන් බොන්නේ නල ජලය. ඉතින් මේ අයගේ විරෝදය සාදාරනයි.(නදී)
ශේල්ටන්ට තරහා ගොස් ඇත. ප්‍රස්නේ හරි වෙන්න පුළුවන් මහත්තයෝ..අපි නැහැ කිව්වේ නැහැනේ..වැරැද්ද මේ පාර හරස් කරන එක. (නි)
පාලිත, අපි මොහොතකට හිතමු .බරපතල ලෙස අසනීපවුනු ඔයාගේ අම්මා හරි බිරිඳ හරි දරුවෙක් හරි, අරගෙන රෝහලට යන්න මේ පාරෙ ඇවිත් මේ ප්‍රමාදය නිසා එයාට යම් විපතක් වුනා කියලා. එතකොටත් ඔයා කියනවද පාර හරස් කරගෙන මෙහෙම උද්ගෝෂනය කරන එක හරියි කියලා. අවාසනාවට මිනිස්සුන්ට හොඳ නරක කියා දෙන අයත් මේවගේ දේවලට උඩගෙඩි දෙනවා. (නි)
ශාන සවුදි, ඔයාට තවමත් මේ රටේ මහජන නියෝජිතයන් විශ්වාස වන්ත වීම ගැන මට නම් පුදුමයක් නැහැ. ඔබ වැන්නවුන් අනන්තවත් ඉන්නවා. තමන්ට දෙයක් වෙන කල් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ .මට කියන්ට තියෙන්නේ , ශාන් ගේ මහජන නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව තමයි මිනිස්සු මෙම තීරණය ගෙන තියෙන්නේ. ශාන් හිතනවා නම් ඔබ කියනදේ මහජන නියෝජිතයන් අහනවා කියලා කරුණාකර දුරකථන ඇමතුමක් දී ප්‍රශ්නයට මැදිහත් වන්න.(නදී)
බන්දුල, ශාන් ප්‍රශ්නෙ ඔයාලා මේ ප්‍රශ්නෙට පිටස්තර අය වෙන එකයි. තමන් වගේම අනිත් අය පිලිබදවත් ටිකක් හිතන්න. මිනිස්සු මෙහෙම කරන්නෙ වෙන දෙයක් කරන්න නැති නිසයි. මේ සමාගම කෝටිපති සමාගමක්. ඉහල සිට පහලටම සල්ලි වලට විකිනිලා වගේ පේන්නෙ. අනෙත් අතට උග්‍ර විශ රසායන භාවිතා කරමින් අත් ග්ලවුස් නිපදවන සමාගම්ක්. එක දිනකට දර ටොන් සිය ගනනක් දහනය කරමින් පරිසරය විනාශ කරන සමාගමක්. රටේ නොම්මර එකේ ප්‍රකෝටිපතියෙකුට අයිති සමාගමක්. මේක ගම් ගනනාවකට, පවුල් දහස් ගානකට බලපාන ප්‍රශ්නයක්. ඔයාල මොකද මේ තරම් පටු විදිහට හිතන්නෙ. ඔයාලට එක දවසක් වත් වතුර නැතුව ඉන්න පුලුවන්ද?(නදී)
සුරංග හරි ගමේ මිනිස්සු ඒ ගොල්ලෝම තමාගේ ලිං වලට විෂ බෙහෙත් දමාගෙන දැන් බොරුවට කෑ ගහනවා.(නදී)
මම මේ ගමේ වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය විසදීමට ඉදිරපත් නොවන හැම පක්ෂයකම දේශපාලකයන්ගේ ගැත්තන් ඡන්දය ඉල්ලන්න එනකොට පන්න ගන්න. නමුත් මේක ඡන්දයක් එනතුරු බැලය හැකි ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔය ප්‍රදේශය බාර සෞක්‍ය නිලදාරීන් මර නින්දේද. නැතිනුම් පගා කාරයන්ද.(නදී)
ලංකාවේ බලදාරින්ගේ අස් ඇරවන්න නම් පාරට බහින්නම වෙනවා. එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. භූගත ජලයේ ආම්ලිකතවයේ වැඩිවීමක් පර්යේෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. පරිසර අධිකාරිය මොනවද කලේ මේ ප්‍රශ්නය මේ තරම් ඔඩු දුවනකම්. දැනට එම කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් 45 ක් තරමට භූගත ජලය දුෂණය වෙලා. මේ තරම් විසක් පොලවට නිදහසේ නිකුත් කරන්න ලංකාවේ නීති අනුව අවසරයක් නෑ. ආම්ලිකතාව වැඩිවීම නිසා ප්‍රදේශයේ ශාක පවා විනාශ වෙන්න පුළුවන්. පරිසර අධිකාරය මෙහි වගකීම බාරගත යුතුයි. ඔවුන් තම රාජකාරිය නිසි අයුරින් ඉටු කලානම් මෙතරම් ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක මෙහෙම ගැටළුවක් නොවන්න තිබුණා. මුදල් මත තම රාජකාරිය සහ යුතුකම පහර ඇතිනම් එම නිලධාරීන් හට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. ජලයේ කිසිම ප්‍රශ්නයක් නොතිබුන පලාතක ජලය අපවිත්‍ර කල එම ආයතනය ජනතාවට නොමිලේ පිරිසිදු ජලය ලබා දිය යුතුයි.(නදී)
කරුණාකර මේ අත්‍යවශ්‍ය මහජන අවශ්‍යතාවය වහාම විසදිය යුතුයි. පළාත් සභා මන්ත්‍රී මාස එක හමාරක් ඉල්ලනවා. නමුත් එතකම් මේ ප්‍රශ්නයට තාවකාලිකව පිරිසිදු ජල ප්‍රවාහන සේවයක් යොදවන්න. අහිංසක ජනතාවගේ ජිවිත සමග සෙල්ලම් නැහැ. මැති ඇමතිවරු පාරට එන්න ඕනේ දවසක් එයි එදාට ජනතාව වගබලගනියි. පොලිසියෙන් කිව්වා මෙයාලව විසුරවන්න වැඩි වෙලාවක් යන්නේ නැහැලු එයාලට, නිරායුද ජනතාවට සලකන හැටිද මහජන ආණ්ඩුවක් කියල පුරසාරම් බෑවට මදී ජනතාවගේ හදවත් වල කැකෑරෙන වේදනාවල් හදුනන්නේ නැත්තම්.(නදී)
ඔය ප්‍රදේශයට ළඟම තියෙන බියගම වෙළඳ කලාපයට හෝ වෙනත් කර්මාන්ත පුරයකට මේ කර්මාන්තශාලාව රැගෙන ගියානම් ඔය ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබෙයි.(නදී)
සහන් සෞදි ඉදලා හරියට කතා කරන්නේ පිට සක්වලින් ඇවිල්ලා වගෙයි. ලංකාවේ කෙරුවාවන් දන්නේ නැද්ද? මිනිස්සු රට පුරා හැමතැනම උද්ඝෝෂන තියනවා. එහෙම කරන්නේ එයාලගේ ප්‍රශ්ණ වලට සාදාරණ විසදුමක් නොලැඹෙන නිසයි. අහිංසක ජනතාවගේ කරපිටින් බලය අරගෙන පස්සේ ඒ මිනිස්සුන්ට හෙන හැහුවත් කමක් නැහැ කියලා සිතන දේශපාලකයෝ කොටසකුත් ඉන්නවා. හොද අයත් ඉන්නවා. නමුත් අද හැම දක්ෂයම මුදලට යටවෙලා. මේවට විසදුම් නොලැබෙන නිසා තමයි මිනිස්සු නීතිය අතට ගන්නේ. වහාම පිලියම් සොයන්න අවශ්‍ය ගැටළුවක් මේක. ප්‍රමාද කරන්න එපා අපේ දරුවන්ට විෂ වතුර පොවන්න දෙන්න එපා.(නදී)
මේ විරෝධය කාට විරුද්ධවද කියන එක අපට පැහැදිලි නැහැ. රජයට විරුද්ධවද, එහෙම නැතිනම් වෙන ආයතනයකටද කියන එක පෝස්ටර්වල පැහැදිලි මදි. විරෝධයක් කරනවානම් නොබියව වරද කරන යට විරුද්ධව පෙළපාලි යන්න.(නදී)
මොකක්ද මේ අවට තියෙන කර්මාන්ත ශාලාව?(නදී)
තමන්ගේ හෙන්ච්චයියලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දේශපාලකයනුත්, ඔවුන්ට සමාජයේ ඇති විරෝදය සගවන මාධ්‍ය ආයතනත් තේරුම්ගතයුතු දෙයක් සිදුවෙමින් පවතී. අළු යට ගිනි මෙන් නැගෙන සමාජ විරෝධය මහා ගිනි කන්දක් වන දිනය ඇත ලගය. මෙම විරෝධයට පක්ෂ විපක්ෂ හැමටය. මෙය නොවැටහීම මහා ඛේදවාචකයක් දක්වා යමින් තිබේ. එක් අතකින් සතුටකි. තවත් අතකින් වේදනාවකි. සතුටනම් ලගදීම දේශපාලකයන් අබිභවා යමින් මහජන කැරැල්ලක් ගොඩනැගී යම් යම් යහපත් දේවල් රටට ලැබෙන බැවිනි. වේදනවානම් ඒ වෙනුවෙන් රටේ ජීවිත රැසක් නැවතත් බිලිවීමය. මෙය නොතේරෙන දේශපාලුවන් කකුළුවන් මෙන් වතුර රත් වෙනතුරු සතුටින්ය. එහෙත් රට පුරා තැන තැන ඇවිලෙන මේ ගිනි මහා ගිනි ජාලාවක් වෙනතුරුම නොදැකීම දේශපාලන අන්ධ භාවයයි.(නදී)
මේක ලංකාවේ ස්ටයිල් එක. මම දන්නා තරමින් වැඩි පිරිසක් සියලු සත්වයන්ටම උදේ හවස මෛත්‍රි භාවනාව වඩන අය. තමුන්ගේ ප්‍රශනයක් විසඳගන්න තවත් අය අපහසුතාවයට පත්කරන එක තමයි මේ අය දන්න එකම ක්‍රමය. සාදු!සාදු!!සාදු!!! අපේ ජළ ප්‍රශ්නය විසඳන තෙක් සියලු සත්වයෝ අපහසුතාවයට පත්වේවා.(නදී)
මේකට කරන්න තිබුනේ අදාළ ආයතනය වටලන එක. (ස)
චින්තක හරි..මෙයාල උද්ඝෝෂණය කරන්න ඕන අදාල ආයතනය ඉදිරිපිට..ගනුදෙනුව බේරා ගන්න ඕන එ අයත් එක්ක..බොහොම තදට දැන් නරක ආදර්ශය පැතිරිලා යනවා..මේවට හුරේ දන කට්ටියත් පාරවල් වල ඕන එපාකම් හදිසි වලට දේසපාලන පක්ෂබේද නැතුව යන කට්ටියනේ..මේ පාරවල් හරස් කිරිල්ල අනුමත කරනවානම් අපිත් එක්කම ඔබලත් කාපල්ලකො පරිප්පුව..එක පාරක් කෑවම තේරෙය් කොහොමද අමාරුව කියල..(අ)
මේක භූත දෝෂයක් නිසා යකෙක් වතුරට විස දාල ඇති වුන දෙයක්. දේවාලයක පොල්ගහලා, තොවිලයක් දෙකක් නටලා මේක හොඳ කර ගත්ත හැකි. (නි)
ඇයි කර්මාන්ත ශාලාවේ නම කියන්න බය ? (අ)
ඉතින් ඔයාල කියන්නේ මේවට පාරේ යන මිනිස්සු පලි කියලද කවුද මහජන නියෝජිතයෝ පත් කලේ ඒ අයම නේද නැවත නැවතත් පත් කරන්නේ එයාලම නේද අයි මෙයාලට බැරි එයාලව වටකර ගන්න ඇයි සාමාන්‍ය ජනතාවට හිරිහෙර කරන්නේ ඔයාල හිතන් නැත්තේ අයි නුවර පාර කියන්නේ මොන තරම වාහන කන්දරාවක් යන පාරක්ද ගිලන් රථ කියක් නම් යනවද පැයකට ඒ ජීවිත පලිද මේවට කොළඹ කාර්යාල වලින් වැඩක් කරගන්න දුර ඉදල පැය 10 -8 මග ගෙවාගන එන අය මෙනිසා තමන්ගේ වැඩ කරගන්න බැරිව රස්තියාදු වෙලා මහා පාරේ වද විදිනවා ඒවාට කවුද වග කියන්න බල්ල කල වරදට බුරුවට ගහල හරියනවද මහජන නියෝජිතයෝ ඉන්නේ හදේ නොවෙන උන්ව විතරක් නොවේ වගකිවයුතු හැම නිලදරියෙක්ම ඉන්න ආයතන වලට ගිහින් වටලා මේක විසදන්න මම කියන්න අහිංසක ජනතාවට වද දෙන්න එපා කියල ඡන්දෙ කාලෙට මහජන නියෝජිතයෝ ආවහම උඩින් පිලිගන්නවා මොකද තමන්ගේ වැඩ හොර රහසේ හරි කරගන්න හොදින් තියාගන්න ඕනේ හන්ද මේවට අදාල රජයේ නිලධාරී අල්ලගන ඒ අය දෙන වදයක් දෙන්න එවිට රජයට ඇස ඇරෙයි (අ)
මේක අස්සලාම් අල වලෙකුම් කේස් එකක් වගෙයි පෙනෙන්නේ (නි)