IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


හොර සහතික දුන් විදෙස් රැකියා පුහුණු ආයතනයක් තහනම් කරයි

(අංජුල මහික වීරරත්න)

ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කළ මාවනැල්ලේ පුහුණු ආයතනයක් තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

කාර්යාංශය විසින් විදේශ රැකියා පුහුණුව බාහිර ආයතන මගින් සිදුකර ගැනීම සඳහා සුදුසු පුහුණු ආයතන වෙත අනුමැතිය ලබාදෙන අතර ඒ සඳහා තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVC) අනුමැතිය ලබාගත යුතුවිය. 

මහනුවර ප්‍රදේශයේ  මෙම ආයතනය මගින් ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා මෙහෙයවන බවට සහතික වී තිබේ. එහෙත් ඔවුන් අදාළ කොන්දේසි කඩකරමින් ව්‍යාජ සහතික සකසා පුද්ගලයින්ට අලෙවිකර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.  

එමෙන්ම මෙම ආයතනය මෙම වසරේ පෙබරවාරි 05 දින සිට ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේද පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති නමුත් මාවනැල්ල ශාඛාවට තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVC) අනුමැතිය ලබා ගෙන නොමැත. ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කර පුහුණු ලාභීන් සඳහා ලබාදෙන බවට තොරතුරු අනාවරණය වූ බව කාර්යාංශය කියයි.



අදහස් (0)

හොර සහතික දුන් විදෙස් රැකියා පුහුණු ආයතනයක් තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site