
(නිමල කොඩිතුවක්කු)
දෙසැම්බර් මාසයේදී හෙද සිසුන් 2,650 ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට හෙද විදුහල් 17 ක හෙද ආචාර්යවරුන් 216 ක් මෙන්ම පුහුණුව ලබන සිසුන් 5000 දෙනකු සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.
දැනට සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවන බැවින් තවත් හෙද ආචාර්යවරුන් 175 ක අවශ්‍යතාවයක් පවතින බව ද එහිදි අනාවරණය විය.
ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරමිභ කර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් වෙනුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2197
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙද සිසුන් 2650ක් අලුතින්