(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මේ වන විට රටේ ආර්ථික ස්ථායීකරණයේ ප්‍රතිඵල පෙනෙමින් තිබෙනවා. ආර්ථික වර්ධනයක් ඇතිවෙමින් තිබෙනවා. මේ බිඳ වට්ටපු රටක්.අපට ලැබුණේ බිඳ වැටුණු ආර්ථිකයක්.ඉලක්ක අභිබවමින් ආර්ථිකය වර්ධනය කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.
ඒ කියන්නේ අපට ආයෝජන එමින් තිබෙනවා.ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා කැපී පෙනෙන දෙයක්.අපේ ආණ්ඩුව සත පහක මුදල් අච්චුගැහීමක් කර නැහැ . ආර්ථික ක්‍රියාවලිය වර්ධනය වෙලා.
රුපියල් බිලියන 450ක් අප වාහන ආනයනයෙන් මේ වසරේදි බලාපොරොත්තු වුණා. නමුත් මේ වනවිට ඒ ඉලක්කය අභිබවා ගොස් තිබෙනවා.දුප්පත් කම තුරන් කිරීම සඳහා අප විශේෂ වැඩසටහන් සකස් කරමින් සිටිනවා.එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර මෙන්ම දූෂණය පිටු දැකීම සාර්ථක තත්ත්වයේ තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය වෙලා
තුසිත Thursday, 25 September 2025 03:29 PM
ලෝක බැංකු වාර්තා අනුව ආර්ථික වර්ධනය 3%ට බැහැලා, සංචිත අඩුවෙලා, උද්ධමනය වැඩිවෙලා. ඔය කියන තරම් ආර්ථිකය හොඳ නම් තෙල්, විදුලි ගාස්තු අඩුකරලා ජනතාවට සහන දෙන්නකො. පච උනත් සීමාවක් ඇතුව කියන්න
විපරමා Thursday, 25 September 2025 03:52 PM
දූෂිතම පවුල් පාලනේ උන්,වටේම හිටපු දූෂිත දේසපාලුවෝ හිටියානම් ,උන්ගේ ආර්තිකය වර්දනය වෙන හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .