(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට  කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු මොහොකට පෙර මරණීය දඬුවම් නියම කළේය.   

බෙදුණු බහුතර තීන්දුවකට අනුව මරණ දඬුවම නියම කළේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කළේය.

මෙම චෝදනාට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි තීන්දුව ප්‍රකාශක පත් කිරීම ආරම්භ කළ අතර පෙර තීන්දුව මෙන්ම හේමසිරි ප්‍රනාන්දුට ද  බෙදුනු තීන්දුවක් ප්‍රකාශයකට පත් කරනු ෙ ඇතැයි විශ්වාස කෙරේ.