(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 76 ක ගොඩමඩ ඉඩමක් 2000 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා සිය බිරිඳ සභාපති ධූරය දැරූ හිරියාල ගොවි සමාගමට බදු දී ඇතත් වසර 25ක් තිස්සේ එක සත පහක බදු මුදලක් රජයට ලැබී නොමැති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.
ඉඩම හිරියාල සමාගමට බදු දීමෙන් පසු තවත් පාර්ශව ගණනාවකට අතුරු බදු දී මුදල් උපයා ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ඉඩමෙන් ආර්ථිකයට දායකත්වයක් ලැබී නැතිවා සේම රජයට අයවිය යුතු බදු මුදල් පවා ලැබී නැති බව සදහන් කළේය.
ඉඩම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් අැති හෙයින් මේ පිළිබඳව කමිටුවක් පත් කර කරැණු සොයා බලාගෙන යන බවද රණසිංහ මහතා පැවසීය.
ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිතව ඉඩම ලංකා පුත්‍ර බැංකුවට උකසට තබා අැති නමුත් ඒ උකස් තියලා ගත්තු ණය පවා ගෙවා නැතැයි ඔහු සඳහන් කළේය.
ඊට පසු මෙම ඉඩම බැංකුවට සින්න වූ බවද හෙතෙම කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හිටපු තවත් ඇමැතිවරයෙක් කරපු සෙල්ලමක් පාර්ලිමේන්තුවේදී එළියට