කල්පිටිය ඉලන්තඩිය ගොවි ධීවර ගම්මානයට අද (2) අලුයම ගම මැද ඉදි කර ඇති සුළං බළාගාරයේ කණුවක (විදුලි උත්පාදක ස්ථම්බයක) තටුවක් කඩා වැටී ඇතැයි ද මහ හඩක් නංවමින් එය කඩා වැටීමෙන් තමන් බියට පත්වූ බවද ගම්වැසියෝ කියති.
තටුව කඩා වැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදු වී නැති බව කල්පිටිය පොලිසිය පවසයි.
සුළං බලාගාරය හේතුවෙන් තමන් දැඩි අනතුරකට ලක්වීමට ඉඩ ඇතැයි ද එහි ශබ්දය මිනිසුන්ට පීඩාකාරී බවද ගම්මු කියති.
මේ පිළිබඳ විමසීමට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සුනන්ද ප්‍රසන්න හේරත් මහතා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවූ අතර මහජන පැමිණිළි පිළිබඳ ඒ මහතා මීට පෙර කියා තිබුණේ සුනිත්‍ය බළ ශක්ති අධිකාරීය වෙත දන්වා ඇති බවත් ඔවුන් මේ පිළිබදව නිරීක්ෂණයක් සිදු කොට ඇති බවත් ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන භාණ්ඩ හිටිහැටියේම පොළොවට පහත් වෙනවා. (ර)
මෙයත් කොමිස් මත ගොඩ නැගූවක් ද .සොයා බලන්න (බ)
නඩත්තුවේ හොඳකම...!! (බ)
ඉන්දියාවේ හරි චීනයේ හරි හදපු එකක් වෙන්නැති (බ)
මේවා හරි හැටි නඩත්තු වෙනවද දන්නේ නැහැ (හේ)
මේවා හරි හැටි නඩත්තු වෙනවද දන්නේ නැහැ (හේ)
සුළං බලාගාරය සුළගේ ගිහින්... (ර)
මේවා පුද්ගලික අංශය මගින් විදුලිය උත්පාදනය කර රජයට විකුණන ඒවා. මේවා අයිති පුද්ගලික අංශයට. මේවගේ අයිතිය , නඩත්තුව සේරම අයිති ඒ අයටයි (හේ)