බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිදෙනා ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බව පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
තෙබුවන පියනන්ද හිමියෝ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙන්ම නිරෝෂා අතුකෝරළ මහත්මිය බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් මන්ත‍්‍රීධූර හොබවති.
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා සහ සභා කටයුතු අමාත්‍යාංශයේ පරාජයට පත්වූ වැය ශීර්ෂය කිසිඳු සංශෝධනයකින් තොරවීම සම්මත වීමෙන් පැහැදිලි වන්නේ තමා ඉදිරිපත් කළ වැය ශීර්ෂයේ වරදක් නොමැති බව යැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
පෙර දින ඡන්ද විමසීමේදී එය පැරදවීම කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව මෙයින් හෙළිවන බවත් බස්නාහිර පළාත් හිටපු ඇමැති සහ පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළ උරුමයට ජයවේවා! (නි)
නිමල් වගේ අය කියන දේවල් මම අනුමත නොකරමි. ඔබ සමාජයට අවශ්‍ය වෙනස කිරීමට මුල්වුණා. අයවැය පරාජය වීම නිසා පසුබසින්න එපා. ඉදිරියට යන්න. (නි)
හිටපු ඇමති තුමෝ දැන්වත් ඇත්ත තේරුනාද ? තෙබුවන පියනන්ද හිමි සහ ඔබ ගැන මම හොදින්ම දන්නවා. එදා මනිරාසකුලම් ගිය වගේ දැන්වත් සිංහලය රක ගැනීමට කටයුතු කරන්න.(කෞ)