වැලිවේරිය නගරයේ පාසලක් අසල නවතා තිබූ ත්‍රීරෝද රියක හුළං යැවූ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ ආරංචි මාර්ග කියයි.
නගරයේ රථවාහන තදබදය අවම කිරීමට යැයි කියමින් මෙලස දිගින් දිගටම සිදුකරන බවට ප්‍රදේශවාසීන් පවසතියි එම ආරංචි සඳහන් කරයි.
හුළං යැවූ ත්‍රීරෝද රිය නවතා තිබූ ස්ථානයේ වාහන නවතා තැබිය නොහැකි බව සඳහන් පුවරු නොමැති බවත්, වාහන වැරදි ආකාරයට නවතා තබා ඇත්නම් දඩ කොළයක් දීම සිදු කළ හැකි වුවද හුළං හැරීම සිදු කළ නොහැකි බවත් පොලිස් ආරංචි කියයි.
එම පැමිණිල්ල කළ පුද්ගලයා වැලිවේරිය නගරයේ පාසලකට ගොස් ඇතැයි ද, පාසලේ විදුහල්පති සමග සිටිය දී පොලිසියෙන් ත්‍රීරෝද රියක හුළං යවන බවට සිසුන් කිහිප දෙනකු පැවසීයැයි ද, ඒ අනුව පාසලේ ගේට්ටුව අසලට එන විට පොලිස් ස්ථානාධිපතිවරයකු සහ තවත් පොලිස් නිලධාරියකු තම ත්‍රීරෝද රියේ හුළං යවමින් සිටි බව ද ඔහු කළ පැමිණිල්ලේ සඳහන් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණට ගහලා හරි කමක් නැහැ, සමහරුන්ට පාරේ යන හැටි සහ වාහන පාර්ක් කරන හැටි ඉගැන්නුවා නම් හොඳයි (නි)
ලංකාවේ ත්‍රීරෝද රියදුරන් වාහන නවතා තබන හැටි නොදන්නවා විතරක් නම් කමක් නැහැ. පාරේ වාහනය පදවන අශීලාචාරකම දැක්කහම එම වාහන වල යන්නවත් හිතෙන්නේ නැහැ. ඒ විතරක් නම් කමක් නැහැ, තම සේවා ලබාගන්නා අයට කතාකරන හැටි. තමා සමඟ පාරේ වාහන පදවන අයට කතාකරන හැටි. හරි විනයක් නොමැතිකම. (නි)
සිදුවීමක් විදියට මේක වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ රටේ වාහන එළවන උදවිය, වෙන රටවල ඒ අත්දැකීම තියන අය දන්නවා මේ "මල්ලිලාගෙන්" තියන කරදරය. අනිත් මිනිහා ගැන හිතන්නෙම නැති ජාතියක්. (නි)
සුද්දා අපට වාහන දුන්නට පාරේ එළවන හැටි කියලා දුන්නේ නැහැනේ. (නි)
හුළං ඇරියම තියෙන්නේ පොලිසියටම හුළං ගහලා දෙනකල් වාහනය එතනම දාලා යන එක. ඔහොම දෙයක් අපි ඉන්න රටවල් වල වුණොත් දඩ කොලයක් වයිපරය අස්සේ ගහලා යනවා මිසක් හුළං ඇරලා මිනිසුන් අතරමං කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව කවදා හැදෙයිද? (නි)
බහුතරයක් ත්‍රීරෝද කරුවෝ හරියට පාරේ යන්න දන්නෙත් නෑ, පිලිවෙලකට නවත්තන්න දන්නෙත් නෑ. (ර)
එතකොට රටේම ත්‍රී රෝද රථ වල හුළං ඇරියහම හරිද? (නි)
දැන් නීතිය නවන්න පුළුවන්නේ. ඒකනිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (නි)
වාහන නවත්තන්න එපා කියන්නේ තදබදය අඩුකරන්න නම්, හුළං යැවුවහම වාහනය කොහොමටත් එතනින් ඉවත් කරගන්න බැහැනේ (නි)
බල්ලාට අයිති වැඩේ බූරුවා කරන්න ගිය කතාව මතක්වුණා (නි)
ත්‍රීරෝද කරුවන්ගෙන් අපහසුතාවයක් සිදුවෙනවා ඇති. එ්ත් කළයුත්තේ කුමක්ද කියා නොදැන තමයි පොලිසියේ ලොකු මහත්තයා කටයුතු කරලා තියෙන්නේ. බුද්ධිමත්ව ක්‍රියානොකර ආවේගශීලී වුණාම තමන් කරන්නේ කුමක්දැයි දන්නේ නැහැ. (නි)
පොලිසිය අය හිතාගෙන ඉන්නේ එයාලා ඉන්නේ නීතියට උඩින් කියලා (නි)
සමහරු පිම්බිලා ඉන්න නිසා හුළං යවන එක නම් හොඳයි (නි)