සෞදි අරාබියේ නව තානාපති ලෙස කොළඹ හිටපු පුරපතිවරයකු වන මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා නම් කැර ඇති බව සෞදි අරාබියේ පළවන ඇරැඹි නිවුස් වෙබ් අඩවිය කියයි.
මේ අනුව දැනට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා කෙන්යාවේ නව තානාපති ලෙස පත් කිරීමට නියමිතය.
ක්‍රිෂ්ණ මුර්ති මහතා කියා සිටියේ ඒ පිළිබඳව දැනුම් දීමක් තමා වෙත ලැබී ඇති බවයි.
ඉදිරි කාලය තුල කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පිටත් වීම සිදු විය හැකි බවත් ඔහු කිවේය.
සෞදියේ හිටපු තානාපති වඩිවේල් ක්‍රිෂ්ණ මුර්ති මහතා
වත්මන් තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඩිවේල් මහත්මයා හොද මනුස්සයෙක්.(නදී)
මමත් කෙන්යාවේ ඉන්නේ, මොනවා උනත් කෙන්යාවේ ඉන්න ශ්‍රී ලාංකීකයෝ ටික එකතුකරගෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නම් නියමයි. මෙහි උගත් බුද්ධිමත් විශාල ශ්‍රී ලාංකීක පිරිසක් රැකියාවල්වල නිරතව සිටිනවා. වඩිවේල් මහතාට මගේ සුබපැතුම්, ඔවුන් සියලු දෙනාගේ සහයෝගය ලැබේවා! (නදී)
මේ කව්රු සෞදි තානාපති වෙලා ආවත් කමක් නැහැ.(නදී)
වඩිවේල් ඇමෙරිකාවට යවන්න බැරිද. නොර්වේ, එංගලන්තේ හෝ කැනඩාවට උනත් හොඳයි.(නදී)
මම නම් කැමති නැහැ සෞදියට මුස්ලිම් තානාපති කෙනෙක් යවනවට.(නදී)
වඩිවේල් මහත්මය සෞදියේ ඉන්න ලාංකිකයන්ට ලොකු සේවාවක් කරා. අපි දැකල තියෙනවා එයාගේ අවංක සේවය ජංගම තානාපති සේවාව තුලින්. ඔබට සුබ පැතුම්. (අ)
මම නම් කැමති සෞදියට මුස්ලිම් තානාපති කෙනෙක් යවනවට (අ)
අපිට ජාතියෙන් ආගමෙන් කුලයෙන් වැඩක් නැ. අපි කව්රුත් ශ්‍රී ලාංකිකයෝ හොඳට වැඩ කරන්න පුලුවන්නම් එච්චරයි.(නධී)
අපෙත් සුභ පැතුම් මොහොමඩ් මහතාට.(නදී)
මේ මහත්මයා දෙමල උනත් සිංහල අය සමග සහයෝගයෙන් වැඩ කරනවා මෙය බංග්ලාදේශ් තානාපති වෙලා ඉන්න කාලේ මම දැකල තියෙනවා සිංහල අය සමග එකමුතුව වැඩ කරපු හැටි. ඔබට සුබ පැතුම්.(නදී)
මෙහෙට මුස්ලිම් කෙනෙක් එවන්න එපා. තියන ප්‍රශ්න තව වැඩි වෙනවා. වසර ගානක් සෞදිය ගැන දන්නා නිසයි කියන්නේ.(නදී)