හිටපු උසස් අධ්‍යාපන හා වත්මන් සමාජ සුබ සාධන ඇමැති එස්.බී.දිසානායක කොළඹ, කුරුඳුවත්තේ මන්දිරයක චංචල දේපළ සොරකම් කළේද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ දැයි දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
අභාවප්‍රාප්ත නාරිවේද වෛද්‍යවරයකු වන දොස්තර සිවා සින්නතම්බි කොළඹ කුරුඳුවත්තේ හේවා ඇවනිව්හි අංක 11 දරණ නිවස කොළඹ සරසවියේ උපාධි අපේක්ෂිකා නේවාසිකාගාරයක් ලෙස පරිත්‍යාග කළ බවද ඇමැති දිසානායක තවම සැකකරුවකු නොවන බවද පරීක්ෂණ අවසන් නැති බවද රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කීවේය.
දිසානායක මහතා කීර්ති නාමය කෙළෙසීම සඳහා මාධ්‍ය මගින් දූෂමාන ආරංචි පතුරුවන හෙයින් එම සිද්ධියේ සැකකරුවන් කවුදැයි උසාවියට පවසන්නැයි දිසානායක මහතාගේ නීතිඥවරුන් වන කේ.වී.තවරාසා හා කැළුම් ඔබේසේකර මහත්වරු කරුණු කියා සිටියහ.
දොස්තර සින්නතම්බිගේ අන්තිම කැමති පත්‍රය අනුව ඇගේ මරණින් පසු ඇගේ බෑණා වසර 2000 දී එහි පදිංචි වී සිටි බවත් 2010 දී ඔහු මියයාමෙන් පසුව දොස්තර සින්නතම්බිගේ බාරකරුවන කන්දයියා නීලකන්දන් මෙම දේපළ කොළඹ සරසවියට තෑගි ඔප්පුවකින් ප්‍රදානය කළ බවත් එහෙත් මේ වනතුරු එම ගොඩනැගිල්ල කොළඹ සරසවියේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරයක් ලෙස භාවිතා කර නැත.
වැඩිදුර විභාගය නොවැම්බර් 4ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බෙදන්න ඕනෑ හැන්දෙන් එයාට බෙදුවා. නමුත් අපේ රටේ තිබෙන දේශපාලන ක්‍රමය නිසා සියල්ල වෙනස් වුණා (නි)
බලාගෙන ලොකුම හොරකමක් යහපාලනයට මුවා වෙලා ෂේප් වෙන්නයි කපටි උත්සාහයක යෙදෙන්නේ (බ)
දොස්තර සිවා සින්නතම්බිට ස්තුතියි! බඩු ටික ගත්තා නම් නැවත දෙන්න (නි)
පාර්ලිමෙන්තු ආදා සිටම කළේ ඕක තව බලන්න දෙයක් නැහැ (බ)
මෙයා හොරකම් පිළිබඳ විශේෂඥයෙක්. (බ)
මොනවා වෙයිද කියලා අපි බලමුකෝ (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
ජනතාව එයාට ඡන්දය නොදී තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළානේ (නි)
දන්නෝ දනිති! (නි)
එයා ගැන අපිට ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
දිසානායක මහතාගේ කිර්ති නාමය ? රටට නොමැකෙන අහවල් සේවය කරලා ලබාගත්තු එහෙම එකක් තියනවද ආරක්ෂා කරගන්න. (බ)
ජනතාව විසින් ප්‍රතික්ෂේපකර ගෙදර යැවු ,එහෙත් යහපාලනයට ඕනවුන මේ " ඡන්ද මැෂිම " මේක නොකළානම් තමයි පුදුමවෙන්න ඕනේ....! මෙයාගේ සහෝදරයෝ,පුතනුවන් ද මේවැනි අවක්‍රියාවන්ට හපනුන්. (බ)
ඉක්මණටම උත්තරයක් දැනගන්න පුළුවන් වෙයි (නි)
මෙයා හොරකම් කරලා නම් පරීක්ෂණ කරන්න ඕනෑ, තනතුරු ගැන නොබලාම (නි)
රනා නම් බොහොම තරහෙන් වගෙයි කතාකරන්නේ (නි)
නේවාසික පහසුකම් නැතුව විශ්ව විද්‍යාල සිසුන් විඳින දුක වගකිවයුත්තන් හට පෙනෙන්නේ නැද්ද? සිසුන් වෙනුවෙන් ලැබුණු පරිත්‍යාගයවත් සිසුන්ට නොදෙන්නේ ඇයි? (නි)
රටට කළ දෙය කුමක්ද? කතා කරනවිට ලොකු දර්ශනයක් ගැන කිවුවාට කළ දෙයක් තිබේද? (නි)
සිතේ ස්වභාවය සහ යථාර්ථයේ ස්වභාවය තේරුම් ගැනීමට සුදුසු අවස්ථාවක්. නිහඬව බලා සිටිමු...(රේ)
පවතින ආණ්ඩුව සොරුන් රටට හෙළිකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා (නි)
හොරකම නම් බොහොම කැත වැඩක් (නි)
අපේ එස්.බී. මහත්තයා මොකද මේ ගැන කියන්නේ? (නි)
ජනතාව මෙයා ගැන දන්නා නිසා තමයි ඡන්දෙන් ප්‍රතික්ෂේප කළේ. ආයෙත් අහන්න දෙයක් නැහැ. (නි)
මේවා කවුරු කළත් අපි අනුමත කරන්නේ නැහැ (නි)
රනාගේ කතාව ඇත්ත. මෙයා හොරකම් වලට ප්‍රසිද්ධයි. මෙයාට කොහෙන්ද කීර්ති නාමයක්? යහ පාලන කාරයෝ සුදු හුණු ගාන්න දඟලන හැටි. (බ)
ජයවේවා ! (බ)
මට පිටිපස්සෙන් හිනා මෙයාගේ කීර්ති නාමය ගැන අහල. (බ)
අවුල් වලට හවුල් කෙනෙක් ....(රේ)
අපි බලාගෙන ඉමුකො.... (ර)
"හඟුරන්කෙත මාලිගාව" ගැනත් ඒ දවස්වල නොයෙකුත් කතා බහ තිබුනනේ. (ම)
මිනිහා කියන කතා අහපුවම මේකත් වැඩක්ද?(රේ)
මම කොළඹ සරසවියේ ශිෂ්‍යයෙක්. ඉක්මනින් මේක සිසු අයිතියට පත්කරනතුරු අපි බලා ඉන්නවා. රජය විසින් හොරකම ගැන සොයා බලා දඬුවම් ලබා දියයුතුයි. මේ ප්‍රශ්නය සමාජයේ අවදානයට යොමුකළ සියලු දෙනාට අපගේ ගෞරවය! (නි)
බඩු හොරකම් කළා නම් කරුණාකරලා නැවත ලබාදෙන්න (නි)
අනිවාර්යයෙන්ම මුළු රටම බලාගෙන ඉන්නවා මේ දෙස. (නි)
මේ රටේ මිනිස්සු ඇත්ත දන්නවා (නි)
මෙයාට නැත්තෙත් කිර්තිනාමය තමයි. කාට හරි මෙයාගේ කීර්තිනාමය හමු වුනොත් අපිටත් කියන්න (බ)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
වැඩිකල් යන්න කලින් මේක හෙළිවේවි (නි)
අනේ අපේ දේශපාලඥයෝ? (නි)