මෙවර අයි. පී. එල්. තරගාවලියේ මේ වන තෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ කි‍්‍රස් ගේල්ගේ ලකුණු ප‍්‍රමාණය (566) පසුකර යාමට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ මයික් හසී (574) සමත්විය.
අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (8 වැනිදා) පැවති තරගයකදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලට එරෙහිව රැස්කළ ලකුණු 67 ත් සමගින් ගේල්ව පසුකර වැඩිම ලකුණු ලභින්ගේ ලයිස්තුවේ පෙරමුණට පැමිණීමට හසී සමත් විය.
එම ලයිස්තුවේ 11 වැනියා ලෙස සිටි සුරේශ් රයිනා මෙම තරගයේදී නොදැවී රැස්කළ ලකූණු 99 ත් සමගින් වැඩිම ලකුණු ලභින් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළට එ්මට සමත්විය. මේ වන විට රයිනා ලකුණු 458 ක් රැස්කරගෙන තිබේ.
රොහිත් ශර්මා සහ විරාට් කෝලි පිළිවෙළින් ලකුණු 430 ක් සහ 405 ක් ලබාගෙන වැඩිම ලකුණු ලභින් අතර සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවන අතර කිසිදු ශී‍්‍ර ලාංකික පිතිකරුවකු ලකුණු 400 කඩයිම පසුකිරීමට සමත්ව නැත.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ක්‍රීඩකයන්ට ඕනේ රුපියල් සත සීමාව පසු කර යන්න.(නදී)