2016-10-11-ent-22

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු එම්රාන් හෂිම් ඔක්තෝබර් මාසයේදී නිකුත් වන FHM සඟරාවේ මුල් කවරය සරසා තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 1000කට වඩා වැඩි මුදලක් උපයාගත් ‘ද ඩාර්ක් නයිට්’ (බැට්මෑන් අවසන් චිත්‍රපටය) චිත්‍රපටයේ දුෂ්ට චරිතය (ජෝකර්) පෙනී සිටි ඇඳුම් විලාසිතාවෙන් හා ස්වරූපයෙන් එම්රාන් හෂිම් මෙහි පෙනී සිටිනවා.

ඔහු සමගින් මෙහි ජනප්‍රිය බොලිවුඩ් මෝස්තර නිරූපිකා එලීනා ෆර්නැන්ඩෙස්ද පෙනී සිටින අතර, මෙවර FHM සඟරාවේ මුල් කවරයේ කාගෙත් සිත්ගෙන තිබෙනවා. එම්රාන් හෂිම් අවසන් වරට රඟපෑ ‘රාස්’ චිත්‍රපට මාලාවේ සිවුවැන්න වු ‘රාස් රිබුට්’ චිත්‍රපටය අසාර්ථක වුණා.