IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හවුන්ස්ලෝ ජනහඬ ක්‍රිකට් තරගාවලිය

හවුන්ස්ලෝ ජනහඬ පදනම සංවිධානය කළ තුන් කොන් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වුබව නිවේදනය කර ඇත.

ලන්ඩන් නුවරදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්තානය නියෝජනය කරමින් ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගීවූ තරඟාවලියක් පැවැත්වුයේ ප්‍රථම වතාවටය.

ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, ඉන්දියා සහ පකිස්තා ජාතික ක්‍රිකට් ලෝලයින් ගෙන් සැදුම්ලත් ආධුනික ක්‍රිකට් සමාජ 19ක් මෙවර තරඟාවලියට සහභාගීවී ඇත.

මෙම තරගාවලිය සුදනම්කිරීමේ මුලික අරමුණ ඒ ඒ රටවල පිරිස් එකමුතුකිරීමත් ඒ මඟින් එම පිරිස් අතර සහයෝගීතාවයක් සහ මිත්‍රත්වයක් ගොඩනැගීමත් බව ජනහඬ කියයි.

ලන්ඩන් නුවර සැබවින්ම බහු ජාතික බහු ආගමික පරිසරයක් පෙන්නුම කරන බැවින් මෙවන් සහයෝගිතා වැඩකටයුතු තුලින් ඔවුනොවුන්ගේ සමාජීය, ආගමික සහ සුභ සාදක වැඩකටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා පුළුල් වශයෙන් සහභාගීත්වයක් මෙන්ම උදව් උපකාරද ලබාගැනීමට හැකිවන බවද ඔවුන් පවසති. 

හවුන්ස්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සීමා මල්හෝත්‍රා, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ එච්.එම.කේ.හේරත්, හවුන්ස්ලෝ නගරාධිපති සචින් ගුප්තා, පළාත් සභා මන්ත්‍රී ජග්දීෂ් ශර්මා, ගෝපාල් දිලාන්,ප්රිතම් ග්රේවාල් සහ ජෝන් චාර්ට් මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවුහ.

ජනහඬ පදනමේ අනුශාසිකා සුර්යා සමරවීර සහ කනෙක්ස් කනකතුරි ද එදින අරාධිතයින් අතර වුහ.

මෙම තරගය සංවිධානය කිරීමේ අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගමයි.

 

 



අදහස් (0)

හවුන්ස්ලෝ ජනහඬ ක්‍රිකට් තරගාවලිය

පුක්කුස වීරසිංහ-එඩ්මන්ටන් Monday, 15 July 2013 12:08 PM

විවිධ ශ්‍රී ලංකා සමිති වල මුදල් වංචා වලට චෝදනා ලබපු අය ඉහත ඡයාරුප වල හිනාවී ගෙන ඉන්නවා.(නදී)

:       0       0

මල්දුනු Monday, 15 July 2013 09:40 PM

ඔය පුක්කුස වීරසිංහ නමින් ලියන්නේ වෙනකෙනෙක් කියලා නියම කෙනා කියනවා. මේගැන විපරම්කලොත් හොඳයි කියලයි මම හිතන්නේ. පුක්කුස මේගැන බ්‍රිතාන්‍ය පොලිසියට දැනුම්දෙනබව කියනවා. (ත)

:       0       0

චානක Monday, 15 July 2013 04:25 PM

විජේසිංහ, ඔයා කියන එක හරි. ඕක බලපාන්නේ දැන්ම නෙමෙයි. අවරුදු 50ක් විතර ගිහින් උප සංස්කෘත පිහිටුවන්න කියන මානසිකත්වය එනකොට. නමුත් එංගලන්තයේ නීති මෙන්ම තරුණ පරමපරාවට ඕනෑ බටහිර සංකෘතිය තියෙන නිසා අවුරුදු 50 ක කාලය තුල මිනිසුන් උප සංස්කෘති, වෙනම නීති ඉල්ලන එකක් නැහැ කියලා හිතනවා. (නි)

:       0       0

Srilal Dias Friday, 19 July 2013 03:08 PM

ලන්ඩන් වල සිටින සමහර අපේ සිංහල අය යම් කෙනෙක් හොද දෙයක් කරන කොට ඉරිසියාව වගේ දැනෙනවා ඇති. එත කොට සමහර අපේම සිංහල කිහිප දෙනෙක් පමණක් තමන්ට කිසි දෙයක් කර ගන්න බැරිනිසා, රටට වැඩ දායක වැඩක් කරන අයගේ කකුලෙන් අදිනවා. අනුන්ගේ නම් පාවිච්චි කරමින් ඊ මේල් හදාගෙන මෙවැනි දේවල් කරනවා. නමුත් මේ අයව නීතියට ගෙන එන්න පුළුවන් පොලිසියට පැමිණිලි කිරීමෙන්. පොලිසියට දැනුම් දීමෙන් තමන් නිවැරදි බව ලෝකයට පෙන්නවන්න පුළුවන් ඔබගේ නම පාවිච්චි කරලා නම්. මට දුක කවදාද සිංහලයා එකමුතුව වැඩ කරන දවස එන්නේ කියලා මොකද සමහර අය මුදල් පසුපස යනවා ජාතියට හෙන ගැහුවත් ඒ අයට වැඩක් නැත. බොහොම දුකයි මේ වෙන දේවල් දිහා බැලුවම.(නදී)

:       0       0

විජේසිංහ Monday, 15 July 2013 01:48 PM

නගරාදිපති, මන්ත්‍රී ඔක්කොම ඉන්දියන් නේද ? ලංකාවෙන්, ඉන්දියාවෙන් බෝට්‌ටු වලින් හොරෙන් ගිය අයටත් බටහිර රටවල පුරවැසි භාවය දෙනවා. ඊට පස්සේ අපේ අය ඒ රටවල ලොකු පුටුවල වාඩි වෙනවා. ඔබාමා මහත්තය කළු උනත් ලොකුම පුටුව එයාට ලැබුණා. හැබය් සුද්දෝ මේවා දැකල නිකන් ඉන්නවා. මේක මෝඩ කමද, ශිෂ්ට සම්පන්න කමද කියල මම දන්නේ නෑ. හැබයි මේවගේ දේවල් අපේ රටේ උනානම් අපේ උදවිය මොනවා කරයිද කියලා හිතා ගන්නත් බැහැ.(නදී)

:       0       0

වීරසිංහ -එඩ්මන්ටන් Monday, 15 July 2013 06:13 PM

විශේෂ කුසලතා මත පැමිණි දොස්තරලා සහ අනිත් වෘත්තිකයන් සුළු පිරිසක් හැරුනාම ඉතිරි සිංහලයෝ ඔක්කොම 'එසයිලම්' ගහපු අය මෙහෙ ඉන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site