IMG-LOGO

හලාවත බලය ගන්නත් ගුටි කෙළි

(ලලිත් නවරත්න)

හලාවත නගර සභා නව නගර සභාපති ලෙස ජාතික ජනබල වේගය නියෝජනය කළ ජයසූරිය කුරණගේ සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා අද තේරී පත්විය.

වයඹ පළාත් පළාත් පාලන කොමසාරිස් එච්.එම්.එස් හේරත් මහත්මියගේ මෙහෙය වීමෙන් එම නගර සභා ශාලාවේදී පැවැත්වණි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට 50ක ප්‍රතිශතකය් ලබා ගැනීමට නොහැකි වූ හලාවත නගර සභාවේ නව සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම සභික ඡන්දයෙන් පැවැත්විණි.

නාගරික නියෝජිත සංයුතිය තේරී පත්ව ඇත්තේ ජාතික ජනබලවේගය පක්ෂයෙන් 9කි. ස්වාධීන කණ්ඩායමෙන් 06කි. සමගි ජනබලවේගය පක්ෂයෙන් 04ක් තේරීපත්ව ඇති අතර ශ්‍රීලංකා ‍පොදු පෙරමුණෙන් එක් නියෝජිතකයකු තේරී පත්ව ඇත.

මෙම රැස්වීමේදී නගරාධිපති වරයා තෝරා ගැනීම සඳහා යොජනා දෙකක් ඉදිරිපත් වූ අතර ජාතික ජනබල වේගයෙන්  සුමේද නික්ලස් සඳරුවන්ගේ නම යෝජනා වු අතර පොදු විපක්ෂයෙන් හිටපු නගරාධිපති වරය‍ෙකු වර්ණකුලසූරිය ඇලෙක්සියස් හිලරි ප්‍රසන්න ප්‍රනාන්දුගේ නම යෝජනා විය.

ඒ අනුව කොමසාරිස්වරිය විසින් ඡන්දයකට යායුතු බව යෝජනා කළ අතර ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව ජාතික ජනබල වේගය පාර්ශවය යෝජනා කළ අතර එය විවෘත ඡනදයක් වියයුතු බවට පොදු විපක්ෂය යෝජනා කිරීමත් සමග සභාවේ වාදවිවාද සහ තදබල වචන හුවමාරු සමග කාලගෝට්ටි ඇතිවිය.

ඒ අනුව කොමසාරිස්වරිය විසින් රහස්ඡන්දයක්ද නැතහොත් විවෘත ඡන්දයක්ද යන්න විමසීමට ඡන්දයක් විමසු අතර එහිදී රහස් ඡන්දයක් සුදුසු බව 12දෙනෙකු  ඡන්දය ප්‍රකාශ කළ අතර 08 දෙනෙකු පමණක් විවෘත ඡන්දයක් සුදුසු බවට ඡන්දය ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව නගරාධිපති තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවති අතර එහිදී ශ්‍රී ලංකා පොදු පෙරමුණ පක්ෂයෙන් තේරී පත්වු වීරක්කෝඩිගේ සුරංගද සොයිසා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.

ඒ අනුව ජාතික ජනබල වේගයට ඡන්ද 10ත් පොදු විපක්ෂයට ඡන්ද 09ත් ලැබීමෙන් අනතුරුව නව නගරාධිපති ලෙස සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා තේරී පත්විය.

පිරිස ශාලාවෙන් බැහැරට ඒමෙන් පසු පරාජිත විපක්ෂය විසින් ජයගත් ජාතික ජනබල වේගයට මුදලට මන්ත්‍රීවරුන් ගත්බව පවසමින් විවිධ චෝදනා නගනවාත් සමග දෙපිරිස අතර ඇතිවන්නට ගිය මහා ගැටුමක් පොලීසිය මැදිහත්ව සමථයකට පත් කළේය.

 



අදහස් (0)

හලාවත බලය ගන්නත් ගුටි කෙළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1907 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 604 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 692 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site