
(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත )
පවතින අධික වැසි සමඟ නායයාමේ අවදානම නිසාවෙන් පස්සර ,හපුතලේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 111ක සාමාජිකයන් 301 ක් අද (26) පස්වරුවේ මීට සුලු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
පස්සර කණවැරැල්ල වත්තේ පවුල් 69ක සාමාජිකයන් 197ක් මෙසේ සිය නිවාස වලින් ඉවත් කර පස්සර කණවැරැල්ල දිවා සුරකුම් මධ්‍යස්ථානයේ සහ කණවැරැල්ල අංක 3 දෙමල විදුහලේ නවතා තබා ඇති අතර , හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පවුල් 32 සාමාජිකයන් 72ක්ද, දියතලාව ගල්කන්ද මුතුවාන කොටසෙ පදිංචි පවුල් 8ක සාමාජිකයන් 21ක් හපුතලේ කෝවිල අසල පදිංචි පවුල් 2ක සාමාජිකයන් 11ක් මෙසේ නිවාස වලින් ඉවත් කර ඇති බව පවසන බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා මොවුන් බොහොමයක් සිය නෑදෑ නිවෙස් වල තාවකාලිකව නතර වී සිටින බවත් කීය .
මොවුන්ට අවශ්‍ය පිසූ අහාර ඇතුලු සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බවද හෙතෙම සදහන් කළේය .
2025 නොවැම්බර් මස 21
130
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හල්දුම්මුල්ලේ පවුල් 111 ක් නිවෙස්වලින් ඉවතට