
(රෝෂන් තුෂාර)
සිය වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(13) නියෝග කළේය.
ඇප මත සිටින සැකකරු හෝ සැකකරු වෙනුවෙන් ඇප තැබූ ඇපකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින බවය.ඊට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවසීය.ෙ
සැකකරු වෙනුවෙන් ඇපකරුවකු අධිකරණයේ පෙනී සිටියද ඔහු විභාගයට ගත් නඩුවේ ඇපකරු නොවන බවට තහවුරු වීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළේය.
වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලට සහාය නොදැක්වීම යන චෝදනා මත පැවරු නඩුවට අදාළව මෙසේ වරෙන්තු නිකුත් කෙරිණි.
2025 නොවැම්බර් මස 04
693
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හල්ඔළුව අත්අඩංගුවට ගන්න නියෝග