පුත්තලම හෝල්සිම් කම්හලේ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින 16ක් තිස්සේ එහි සේවකයන් පිරිසක් අට්ටාලයක් හදාගෙන ගෙන ගිය විරෝධය සමාගමේ කොන්ත්‍රාත් කරුවකු ද වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් අද කඩා කප්පල් කර දැමූ බව සේවකයෝ කියති.

පොලිසිය බලා සිටිය දී වූ මේ සිදුවීමෙන් සේවකයන් දෙදෙනෙක් කැපුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව ද සේවකයෝ පවසති.

ඔවුන්ගේ අට්ටාලය ද කඩා ගිනි තබා ඇත.