ස්ටිවන් ස්පිල්බර්ග් මෙවර පැවැත්වු කාන්ස් චිත්‍රපටි සම්මාන උළෙලෙන් පසු විවේක ගැනිමට තීරණය කර ඇත.
ඒ සඳහා ඔහු තීරනය කර ඇත්තේ තම සත්සමුදුර නැමති තම සුඛෝපභෝගී යාත්‍රාවේ නාවික සැතපුම් 30000 ක මුහුදු චාරිකාවකින් ඔහු චිත්‍රපටි රූගතකරන ලද ශ්‍රී ලංකාව , චිනයේ ෂැංග්හයි,හවායි ,උතුරු අප්‍රිකාව ඇතුළු රටවල සංචාරය කිරීමට බලාපොරොත්තුවේ.
ඔහුගේ දරුවන් සත්දෙනා සහ බිරිඳවන කෙයිට් කැප්ෂෝමේ සංචාරයට සහභාගී වෙති. 2012 දි නිර්මාණය කර ඇති මෙම යාත්‍රාව මිටර් 86 දිගවේ,සාලය වර්ගමීටර් 250කි .එහිඇති රූපවාහිනිය 5x2කි.
තවද මෙහි පිහිනුම් තටාකයේ සිටද චිත්‍රපට නැරඹීමේ පහසුකම් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් කවදා හරි මෙවන් මිනිසෙක් වෙනවා මට පුළුවන් (දී)
වාසනාවන්ත මිනිස්සු.(නදී)
ලංකාවට සාදරයෙන් පිලිගන්නවා. ලෝකේ වටේ රවුමක් ගහල නැවතත් හොඳ ෆිල්ම් එකක් හදන්න.(නදී)
මිනිස්සුන්ට මේ තරම් ස්සල්ලි තියෙනවාද කියලත් පුදුමයි නේද (දී)
පොඩි කාලෙ මටත් මේවගේ නැවක් තිබ්බා කැබිනට් එකේ.(නදී)
සමන්ත විජේසිරි. කරුණා කර එන්ග්ලිෂ් නම් සිංහලට පරිවර්තනය කිරීමෙන් වලකින්න. seven seas කියන්නේ එයාගේ පෞද්ගලික මුහුදු යාත්‍රාවේ නම. stven spielberg කියන්නේ ලංකාවේ කෙනෙකද සත් සමුදුර කියලා නම් දන්නේ. (දී)
ඇත්තෝ කති බොති ..... නැත්තෝ .........? (නි)
ලංකාවට සාදරයෙන් පිලි ගන්නවා .....(ස)
ලෙස්ටර් ජේම්ස් පිරිසුත් බුද්ධිමත් නිර්මාණ කළා. ඔහුත් බොහෝ ඉහලින් තබන්න පුළුවන් සිනමාකරුවෙක්. ඔහුට නව තාක්ෂණය තිබුනා නම් මීටත් වඩා බොහෝ උසස් දේවල් ඔහු කරනු නිසැකය (නි)
ස්පිල්බර්ග් මහත්තයෝ, පුලුවන් නම් ලංකාවේ ටෙලි සහ ෆිල්ම්ස් හදන අය හමුවෙලා ඔවුන්ට ප්‍රේක්ෂක රුචිකත්වයට අනුකුල වන නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැදගත්කම පිළිබද උපදෙස් දෙන්නකෝ. මෙයාලා මහා නිර්මාණ කියලා හදන මෙලෝ රහක් නැති විකාර අපේ කාලය සහ මුදල් නාස්ති කරනවා විතරයි. (නි)
නැවේ නම සත්සමුදුරද? (නි)
මිනිපේ, එහෙම නෙමෙයි. අපේ රටේ බාල චිත්‍රපටි පෙන්වන්නේ ඒවා ලාබ නිසා.ඕනෑ නම් ඔය දර්ශන කපලා වුනත් පෙන්වන්න බැරියෑ.අනික රාජ්‍යය විරෝදී නිදහස් චින්තනයක් ඇතිවෙයි කියලත් බයයි.නිකන් හිතන්න මෙතුමගේම ජුරාසික් පාර්ක් ලංකාවේ පෙන්නුවට "ශින්ද්ලස් ලිස්ට්" "මුනික්"වගේ දේවල් පෙන්වයිද. (නි)
ලංකාවේ හැමදේටම වගේ චිත්‍රපටියකටත් දේශපාලන න්‍යාය පත්‍රයක් ඇත.උදාහරණ ලෙස හැමදාම කසිකබල් චිත්‍රපට පෙන්වන අපේ රටේ පහු ගිය කාලෙදි ඉඩි අමින් ගැන කියවෙන "තේ කින් ඔෆ් ස්කොට්ලන්ඩ්" කියන විශිෂ්ට චිත්‍රපටය පෙන්වූවා. (නි)
ලංකාවේදී රුගත කලේ "ද රිවර් ඔෆ් ක්වායි චායි" නේද? (නදී)
ලෝකෙට කලාතුරකින් පහල වෙන ඇති දක්ෂයෙක්. මොන චිත්‍රපටියද මෙතුමාගේ නරකයි කියන්ට තියෙන්නේ.මොන චිත්‍රපටියද අසාර්ථක උනේ... තව තව ඔබට ශත්තිය ලැබේවා (ස)
ගස් අස්සේ නටන චිත්‍රපටි බල බල හීනා ලෝක වල ජිවත් වෙන අපේ අය මෙතුමා කවුද කියලවත් දන්නවද මන්දා. අල්ලපු රටෙන් කවුරුහරි ආවා කිවා නම් හු තිය තිය දුවයි.(නදී)
සුමිත්, ඔන්න කිවුවා මෝඩ කතාවක්. ටිකක් මොලේ පාවිච්චි කරන්න දෙයක් කියන්න කලින්. අපේ රටේ බෞද්ධයින් විතරද සාදරයෙන් පිළිගන්න ඕනෑ? ඔය හණමිටි අදහස් දැන්වත් අතහරින්න. ටිකක් ලෝකේ ඇවිදලා ඉගෙන ගන්න. ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්නේ නැතිව. (නි)
අර අපේ රංඩු වෙන නිළි අක්කලා දෙන්නට හොද පුවතක්. දෙන්නා පොරකයි මෙතුමාව හම්බ වෙන්න.(නදී)
පින්තූර ටික නම් කියලා වැඩක් නෑ.(නදී)
1984 දී ''ඉන්දියනා ජෝන්ස් '' ලංකාවේ රුගත කළාට පස්සේ මේ එන පළමු අවස්ථාව වෙන්න ඇති. (නි)
ඔබේ චිත්‍රපටි හැම එකකින්ම ඉගෙනගන්නා දේවල් අනන්තයි....රස වින්දනය අතිශයින්ම උසස්. ඔබට චිරං ජයතු! (නි)
මෙතුමා රගන හැම ෆිල්ම් එකකම වගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තියනවා. මෙතුමා බෞද්ධයෙක් නේද? (නි)
ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ස්ටිවන් ස්පිල්බර්ග් වහේ කෙනෙක් එනවා කියන එකත්. අපි ඔහුව සාඩම්බරයෙන් පිළිගනිමු (දී)
ඇත්තෝ බොති කති. නැත්තෝ? (නි)
අපේ සමහරුන්ටත් සම්මාන හම්බ වුණාට කෝ ඉතින් නැව් ගන්න සල්ලි? (නි)
සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි කියනවානේ (දී)
ඔහු හොඳ බෞද්ධයෙක්. ඒක නිසා මමත් ආසයි ඔහු ලංකාවට එනවට (නි)
වෙල් කම් සර්! (නි)
මෙන්න අලුත් සිනමා කෘතියකට කතාවක්..... ඔන්න මේක දැක්කම දැන් අපේ පින්වත් ඇමති මණ්ඩලයට මේ වගේ නැව් ලබාගැනීමට සිතක් පහල වෙනවා. ඔන්න එක රැයෙන් සුඛෝලභෝගී නැව් තීරුබදු රහිතව ගෙන්වන්න පනතක් සම්මත වෙනවා. ඊට පස්සේ අපේ නාවික ක්ෂේත්‍රය දියුණු වෙනවා කියලා පෙන්වමින් රැලි අමතනවා. අපේ මිනිස්සු හුරේ දාලා නැවතත් ඡන්දෙ දෙනවා. කන්න නැති අසරණ ළමයි වැල්ලේ ඉගෙන මේ සුකුමල නැව් යනහැටි බලන් ඉන්නවා. උන්ගේ අම්මලා පනම් සතරක් හොයාගන්න දහදුක් විදිනවා. ළමයින්ට කන්න දෙන්න තිබෙන සොච්චමෙන් රටේ ලොකු ඇත්තෝ සුකුමල නැව් ණයට අරන් සයුර මැද දිය කෙලිනවා. ණය ගෙවන්න අර දුප්පතුන්ගේ පාන් වාටියේ මිල වැඩිකරනවා. (නි)
මම මේ ලිපියේ සියල්ලම කියෙවුවා වටිනා ලිපියක් (දී)
සුධීර, මම ඔයාට සියයට සියක් එකගයි. ඒත් තම තමන් ගේ රුචිකත්වය අපිට වෙනස් කරන්න බැහැ.අපේ රටේ හුගක් අය බටහිර චිත්‍රපටි බලන්න කැමතියි. එහෙත් භාෂාව හා සිප ගැනීම් ඇති නිසා පව්ලේ අය සමග එකට හිදගෙන නැරඹිය නොහැකියි.බොහොමයක් ඉන්දියානු චිත්‍රපටි බටහිර කොපි. (නි)
තව තවත් ඔබගේ හොද නිර්මාණ ලෝකෙට බිහිවේවා! ලංකාවට පැමිණීම අපි අගේ කොට සලකමු. ජුරාශික් පාර්ක් අපගේ මතකයෙන් ඈත් නොවේ (නි)
දැන් අපේ කොල්ලන්ටත් මේ වගේ එකක් ඕනෑ කියයිද දන්නෙ නැහැ (නි)
ඉන්දියානා ජෝන්ස් 2 චිත්‍රපටයත් වැඩිහරියක් ලංකාවේ රූගත කරලා තියෙන්නෙ. ඒකෙ ලංකාවේ නලු නිලියොත් රඟපානවා. (නි)
ඔබව අපි ආදර්ශයට ගන්න ඕනේ
අපේ නාවික හමුදාව ඇතුලු ත්‍රිවිද හමුදාවට පින් අත්වන්න විශ්වකර්මයෝ බය නැතුව මහ මුහුදේ යනවා. මේවා දැන් කාට, කාටත් අමතකවෙලා.මගේ මල්ලි කෙනක් අදටත් නැහැ.ඩෝරා යාත්‍රාවේ ගිය ගමන් මුහුදේ ගිල්ලුවා.ඒ අයට පින් අත්වෙන්න මේ අය අද මහා සමුදුර තරණය කරනවා.දෙවි පිහිටයි! (නි)
ලංකාව ගැන ඔබ දක්වන ආකල්පයට ස්තුතියි (දී)
මිහිපිට දෙවිලොව ජීවත්වන මිනිස්සු තමයි (නි)
සල්ලි තියෙනවානම් මොනවාද කරන්න බැරි (දී)
මේක නැංගුරම් දාන්නේ හම්බන්තොටද? නැත්නම් කොළඹද? (නි)
තමන්ටම කියලා නැවක් තියෙනවානම් මොනවාද කරන්න බැරි (දී)
ලංකාවේ මුහුදේ ගල් වැඩියි ඇනගන්න එපා.(නදී)