බණ්ඩාරගම කොතලාවල ත්‍රී රෝද රියක් හා මෝටර් රියක් හැපීමෙන් පසු පළා ගිය බව කියන මෝටර් රථ රියදුරා වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක විය.
මෙම අනතුර සිදුවෙද්දී ඒ අසලින් ගිය හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය ඇතිවූ සැකයක් අනුව රිය පැදවූ පුද්ගලයා කවුදැයි සොයාගත හැකි විය. රියදුරා ලෙස මුලින් ඉදිරිපත් කළ පුද්ගලයාගේ ද රියේ හිමිකරුගේ ද දුරකථන වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු එම දෙදෙනාම රිමාන්ඩ් කරනු ලැබ සිටී.
ව්‍යාපාරික ලලිත් සිසිර කුමාර කොඩිකාර හා බස් රියදුරකු වන තෙබුවන ප්‍රසංග ප්‍රදීප් ජයසිංහ (33) එසේ රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රමයම දාල අර චම්පික රණවක හැප්පුවා කියන එකත් අල්ල ගන්න පුළුවන්නේ. (බ)
ඇමතිගොල්ලන්ට තිබෙන අධි අශ්ව බල සහිත වාහන පොලිසියට තිබෙනවා නම් මොවුන් අල්ලන එක කජ්ජක් (නි)