බොරැල්ලේ සිරගෙදර සිටින නෑයකු බැලීමට යමින් සිටි කතක (53) හිර ගෙදර සමීපයේ දී හාල් මැස්සන් බැදුමක් සමග අත්අඩංගුවට ගත් බවත් හාල් මැස්සන්ගේ බඩේ හෙරොයින් පැකට් 84ක් සොයාගත් බවත් ඒවායේ හෙරොයින් ග්‍රෑම් 2.3ක් තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙවැනි හෙරොයින් පැකට්ටුවක් හිර ගෙදර දී රුපියල් 5000ට පමණ අළෙවිවන බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් පුදුමාකාර මොළයක්නේ (නි)
හාල්මැස්සාගේ බඩේ? ඌ එහෙනම් හාල්මැස්සෙක් වෙන්න බැහැ. අනික හාල්මැස්සෝ බැද්දහම කොහොමද බඩට කුඩු පැකට් දැම්මේ? (නි)
නවතම ක්‍රමයක් කුඩු ඇසුරුම් කිරීමේ.(ම)
කව්ද දන්නේ හෙරොයින් ගහන හාල්මස්සොද කියලා (අ)
මේ තරම් සුක්ෂමව වැඩකරන අයගේ මොළයෙන් වැරදි වැඩ නොකර වැදගත් වැඩක් කළොත් කොච්චර හොඳද? (නි)
සිරගෙවල් වල සිටින සිරකරුවන් ළඟ තිබෙන දේවල් ඇසීමෙන් දැනෙන්නේ එහි පාලකයන්ගේ දුර්වලකමකි. පිටතින් රැගෙන එන දෑ පරික්ෂා කිරීමට නව තාක්ෂණික ක්‍රම යොදාගෙන, එහි සිටින සියලු දෙනාටම සම ස්ථානයක් ලබාදීමට පාලකයන්ට හැකිය. (නි)
ඔය මොළයෙන් රටට වැඩක් ගන්න බැරිද? (නි)
අනේ පව් අහිංසක ගැහැණු කෙනා. හාල්මැස්සා මුහුදේදී කුඩු ගැහුවාට ඒ ගැහැණුකෙනා මොනවා කරන්නද? හාල්මැස්සා උපදිනකොටම බඩේ හෙරොයින් තියෙන්න ඇති. (නි)
බලාගෙන යද්දී හිරේ ඉන්නේ හොඳ සල්ලිකාරයෝනේ. රුපියල් 5000 කට හෙරොයින් ගන්න මොනතරම් සල්ලිකාරයෙක් වෙන්න ඕනෑද? (නි)
හාල් මැස්සගේ බඩට හෙරොයින් දැම්මේ කොහොමද? මොනවා උනත් හොද මොළකාරයෙක්. (ර)
ඇයට දඬුවමක් නැද්ද? (ස)
ඔය මොළයෙන් රටට වැඩක් ගන්න බැරිද? මොන මොලේද හොර වැඩේ අල්ලපු මොලේද හොර වැඩේ කොරපු මොලේද?හොර වැඩේ කොරපු මොලෙන් නම් වැඩක් නැත. (ස)
හාල්මැස්සෙක් නම් වෙන්නේ බෑ. කට්ට කරොල මාළුවෙක් (ම)