IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිල්මිගේ 'දුක සේදෙන්න වැහැපන් වළාවේ'

2016-05-03-ent-92

ලක්ෂ්මන් හිල්මි වේදිකා සංගීතයට නැතුව බැරි ගායකයෙක්. ගායකයෙක් මෙන්ම ගීත නිර්මාපකයෙකු වන ඔහුගේ නවතම ගීතයක් එළිදැක්වීමට සූදානමෙන් සිටිනවා. ඒ පිළිබඳව "සාරවිට" අපත් සමග මේසේ පැවසුවා.

"මගේ අලුතින් ගීතය තමයි "දුක සේදෙන්න වැහැපන් වළාවේ" කියන ගීතය. ඒ ගීතය සික්ස් එයිට් රිදම් එකේ ගීතයක්. දැන් ඇහෙන ඒකාකාරී සංගීතයත් එක්ක බලපුවහාම ඒ ගීතයේ ලොකු වෙනසක් තියෙනවා. මම ඒ සිංදුවේ සෑහෙන ලොකු වෙනසක් කළා. ඒකේ තනුව මම නිර්මාණය කරලා හැදුවේ. ඒක තමයි මේ දවස්වල අලුත්ම ගීතය. ඊට අමතරව කිංස්ලි පීරිස්ට, එඩ්වඩ් ජයකොඩි වැනි අයට ගීත කිහිපයක් කළා. සංගීත ප්‍රසංග සඳහාත් දායක වෙනවා. ස්ටූඩියෝ එකේ වැඩ කටයුතු කරගෙන යනවා.

"මගේ ගීත මුල්කාලයේදී කැසට්පට සහ සීඩී හරහා ඇවිල්ලා 2001 වසරේදී වගේ දිගටම වගේ ඇසුණා. ඉතිං තාම ඒ ගීත ප්‍රදර්ශනය වෙනවා. අලුත් සිංදු මම කළාට ඉස්සර වගේ ගුවන් විදුලියේ එහෙම අහන්න ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව මම හිතන්නෙත් නැහැ. මං ගාව මගේ ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා. ඉතිං අලුත් ගීත මම ප්‍රසංග වේදිකාවේ ගායනා කරනවා. ප්‍රංසග වේදිකාව තුළින් ඒවා වීඩියෝ වෙලා ගිහිල්ල අනෙක් අයටත් අහන්න ලැබෙනවා. මේ දවස්වල "නිල් නෙතු", "සින්නක්කර පෙම්පත" වැනි ගීත ඇවිල්ලා තියෙන්න වේදිකාවෙන්. බොහෝ නිර්මාණ කළත් ගොඩක් එළියට ආවේ නැහැ. මොකද ගීත සඳහා මම වීඩියෝ නිර්මාණය කරන්නේ නැති නිසා. මට හැමදාම හිටපු ගුවන්විදුලි නාළිකා අදටත් ආදරෙන් සලකනවා. ඉතිං ඒ තුළ අදටත් ජීවත්වෙනවා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

හිල්මිගේ 'දුක සේදෙන්න වැහැපන් වළාවේ'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site