ඔස්ටි‍්‍රයාවේ පැවැත්වෙන තුන්වැනි ‘හෝප්ස් වීක්’ අභියෝගතා මේසපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හේලිත හෙඳවිතාරණ සහ ඉමාෂා ද සිල්වාට හිමිවී තිබේ.
ජූනි මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගීවීම සඳහා හේලිත සහ ඉමාෂා ඔවුනගේ පුහුණුකරු වන විරාජ් වික‍්‍රමසිංහ මහතා සමගින් හෙට (9 වැනිදා) ඔස්ටි‍්‍රයාව බලා පිටත්වීමට නියමිතය.
අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන හේලිත හෙඳවිතාරණ එම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශී‍්‍ර ලංකාවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එම වයස් කාණ්ඩයේම ශූරිය වන ඉමාෂා ද සිල්වා 12 න් පහළ ශ්‍රේණිගත කිරීම් වලට අනුව පෙරමුණේ පසුවෙයි.
අන්තර් ජාතික මේසපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම හෝප්ස් වීක් මේසපන්දු තරගාවලිය ජූනි මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා වන පුහුණු කඳවුරකින් සහ ඉන් පසුව පැවැත්වෙන මේසපන්දු ශූරතාවලියකින් සමන්විත වේ.
මින් පෙර පැවති හෝප්ස් වීක් තරගාවලි දෙකටද ශ්‍රී ලංකාව සහභාගීවී තිබෙන අතර මෙවර තරගාවලිය සඳහා රටවල් 40 කට වැඩි ප‍්‍රමාණයක් තම සහභාගීත්වය තහවුරු කර තිබේ.
(*)
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හේලිත - ඉමාෂා ‘හෝප්ස් වීක්’ මේසපන්දු ශූරතාවලියට යති
හිමාෂ Sunday, 09 June 2013 02:11 PM
අපිත් අම්බලන්ගොඩ.(නදී)