මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සඳුදා (23) ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන් විනාශවී ඇතැයි පොලිසිය කියයි.
ඒ අසල වූ හිමිකරුගේ නිවසද ගින්නට අසුවී අලාබහානි වී ඇත. මහනුවර ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතුකර ඇති අතර ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාවේ හිමිකරු පිළිස්සුම් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මහනුවර මහරෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප - මොහොමඩ් ආසික්







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි කාර්මික ආරක්ෂණ පිළිවෙත් භාවිත කරන්නේනම් මෙවැනි අනතුරු වලක්වා ගත හැකිය. මෙම නිෂ්පාදනාගාර වලට අවසර ලබාදීමීදී සහ වාර්ෂිකව ඒවා පරීක්ෂාකර බලනවාදැයි නොදනිමි. (ර)