වේයන්ගොඩ ලක් සතෙසට ගබඩා හතරක ඇති මිනිස් නරක් වූ සහල් කිලෝ 11273920 ක් සත්ව ආහාර සඳහා සුදුසුද එසේ නැති නම් කුමක් කරන්නේද යන්න තීරණයක් ගැනීම සඳහා අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ලබන 14 වන දා පරීක්ෂණයක් පැවැත්වීමට අද (11 ) තීරණය කළේය.
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලය ගොනු කළ වාර්තාවක් නැවත කැඳ වූ අවස්ථාවේ ගම්පහ ආහාර හා ඹෟෂධ පරීක්ෂක ඩී.ආර්.ඩබ්. බණ්ඩාර මහතා මේ ඉල්ලීම කළේය.
ජනාධිපති විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ලැසිල් ද සිල්වා මහතාගේ දැනුම් දීමක් මේ වැටලීම කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නරක් වෙනකන් ගබඩා කරන හිටපු අයකවුද? මෙහෙයුම් සංකල්ප භාවිතයක් නැතිද? නැතිනම් මේවත් කොමිස් පදනමට කරන වැඩද? නැතිනම් සමහර ලොකු ලොකු සම්බන්දකම් ඇති රටේ සුපතල ලොකු හාල් මුදලාලි(ලා)ගේ වාසියට රටේ හාල් හිඟයක් ඇතිකරන්න කරන දේශපාලන මෙහෙයුම්ද? (ර)
ජාතික අපරාදයක්. (ර)
ඉතින් ඕවා සත්තුන්ට දෙන්න පුළුවන්නේ. මිනිස්සු විතරක් නෙමේ සත්තුත් මේ ලෝකේ හොඳට කන්න ඕනා.(කෞ)
හාල් කියන්නේ අර නිපුන නෑයාටත් අහවලාගේ සහෝදරයාටත් ජාවාරම් කර කර ගොවියාටත් පාරිභෝගිකයාටත් කෙලවීමෙන් විනෝදයක් ලබාගන්න තියන අපූරු භාණ්ඩයක් මිස හුදෙක් ආහාර ද්‍රව්‍යයක් පමණක්ම නෙවි. (බ)
මේ විනාශවන බිලියන ගණන් මහජන මුදල් වලට වගකියන්න ඕනෑ කවුද? සහල් පාරිභෝගිකයාද? තවත් මෙයාලට කඩේ යන කට්ටිය ඉන්නවනේ. (නි)
රුපියල් මිලියන 900 ක හාල් අපතේ දැමීම නාස්තියක් නොවේද? පහුගිය රජයේ දුෂණ ගැන මරහඬ තලන යහපාලනය නිදිද? අදාළ වගකිවයුතු ඇමතිවරු එෆ්සීඅයිඩී එකට ගතයුතුයි. මේක නිසා තමයි ලැසිල් මහතාව අයින් කළේ (බ)
කන්න නැතුව ඉන්න අසරණ මිනිසුන්ට දුන්නොත් කොහොමහරි පිරිසිදු කරගෙන කයි. ගබඩා වල කෑම වර්ග පරණ වෙන්න ඉඩහැරි වගකීමෙන් තොර නිලධාරීන්ට විරුද්ධව වහාම පියවර ගතයුතුය. (නි)
ලංකාවේ හැමතැනම වගේ රජකරන්නේ නුසුදුස්සෝ. දේශපාලන පන්දම්කාරයින්ට මිස උගත්, බුද්ධිමත් අයට කොයින්ද මේ රටේ තැනක්? එක අතකට ඕවා සුළු දේවල්. පුදුම වෙන්න තරම් කාරණා නෙමෙයි. (නි)
හාල් ගබඩා කළහැක්කේ සීමාසහිත කාලයකට පමණක් බව තේරුම් ගතයුතුය. අලුත් අස්වැන්න ලබාගන්නට පෙර හයමසකට වරක් ගබඩා හිස් කළයුතුය. (නි)
යහපාලනයට ඡන්දය දුන් අයට තම්බල දෙන්න ඕනෑ කන්න. මොකද බඩු මිල අඩුකර ගන්නනේ ඕනෑ වුණේ. (නි)
අතිරික්තයක් තිබෙනවා නම් ඇයි දෙයියනේ ගණන අඩුකරලා මිනිසුන්ට දෙන්න බැරි? නරක්වෙලා විසිකරන්න වෙනතුරු ඉන්නේ ඇයි? කන්න වේලක් නැතුව දුක්විඳින මිනිස්සු කොයිතරම් ඉන්නවද අපේ රටේ? (නි)
හාල් කිලෝ කෝටියක් කියන්නේ මොනතරම් විශාල ප්‍රමාණයක්ද? අනේ දෙවියනේ! (නි)
ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය තරමටත් වඩා සහල් තිබෙනවානම් මේවට පොහොර සහනාධාර දෙමින් තවදුරටත් වී වැවීමේ තේරුමක් තිබෙනවද ? වෙන අහර භෝගයක් වවන්නේ නැත්තේ මොකද ? එහෙම නැත්නම් සහල් රට නොයවන්නේ මන්ද? (බ)
රටේ හාල් ගිනි ගණන්. එත් හාල් ගබඩා වල තියාගෙන ඉඳලා සත්තුන්ට කන්න දෙනවා. (ර)
මෙච්චර විශාල තොගයක් ගබඩාවක තිබෙන්නේ කොහොමද? මෙය තවත් මහාපරිමාණ මගඩියක හෝඩුවාවක් වගෙයි. (නි)
" හාල් නැතුව බත් කන්නම්, සීනි නැතුව තේ බොන්නම් අපේ මැතිනි කියනවා නම් පුන්නක්කුත් අපි කන්නම්!" කියලා කලකට ඉස්සර සමහරු කිවුවලු. මේවා ඒ කාලේ හඳෙන් ගෙනාවා කියන හාල් වෙන්නත් පුළුවන් නේද එහෙම හිතනකොට? (නි)
මේවා නරක් වෙනකන් තියන් හිටියේ ඇයි. අපරාදේ සල්ලි. (ර)
ඉතින් සහල් ගණන් යන එක අහන්නත් දෙයක්ද? සහල් අතිරික්තයක් ඇත්නම් ඇයි නිසි කළමනාකරණයක් කරන්න බැරි? (නි)
මේවා මහා ජාතික අපරාධ. වැදගත් දෙයකට යොදාගන්න හැකියාවක් ඇත්තෙම නැද්ද? (නි)
තියන දේ නාස්තිකරලා, බදු වැඩිකරලා මිනිසුන්ව කන්න හදනවා. මෙයාලට කිසිම වැඩපිළිවෙලක් නැහැ. අටුව කඩල පුටුව හදන න්‍යාය තමා තිබෙන්නේ. තව අවුරුද්දක් ගියොත් මිනිසුන් මහපාරට වැටේවි. (නි)
පසුගිය ඡන්දෙ කාලේ මෝඩකම් කළ ඡන්දදායකයන්ට කිලෝ දෙක ගණනේ කවමු, ආයෙත් මෝඩකම් නොකරන්න (නි)
අඩුම තරමේ ලංකාවේ ඉන්න හැමෝටම දවස් දෙකක් වත් කන්න දෙන්න තිබුන දන්සලක් දාල,(බ)
මහින්දගේ වැරැද්ද කියන්න කලින් හිතල බලන්න මේ ආණ්ඩුව අවුරුද්දක් නාස්ති කළා, අවුරුද්දකට කලින් ඔය හාල් තොගේ හොයා ගත්ත නම් ඔය ටික වෙයිද? (බ)
පාටලී පැටලී ඇති බව පෙනේ. ඔයිට වැඩියේ කොච්චර දේවල් කරන්න තියෙනවද, හංගපු රත්තරන් හොයන්න වලවල් හාරන්න, රත්තරන් අශ්වයෝ හොයන්න, ලම්බෝගිනි හොයන්න, ඩුබායි හෝටල් හොයන්න, හදපු බකිමහම් පැලස් වගේ තැන් හොයන්න, ඉතින් ඕවා හොයන්න වෙලාවක් තියනවද.? (ර)
මේවා සහ ගහන අපරාධ. අතිරික්තය විදේශ රටවල් වලට යවන්න බැරි මොකද? මෙහෙ තියෙන ඒවා නරක් වෙනවා. එත් සහල් පිට රටවල් වලින් ගෙනෙනවා. මේ කුණු කරන්නේ රටේ ජනතාවට අයිති මුදල්. (ර)
අවූරුද්දකුත් ඉවරවුනා අලුතෙන් කරනවා තියා රටේ කලින් හිටි කට්ටිය දීලා ගිහිල්ල තියන සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න විදියවත් අලුත් කට්ටියට හිතා ගන්න බැහැ. හංගපු රත්තරන් වලින් අය වැය හිඟය පියවන්න හදන්නේ නැතිව , අඩුම වශයෙන් රටේ සම්පත් විනාශ නොකර මහජන ප්‍රයෝජනයට දෙන්න තිබුනා. සතොසට ගෙන්නපු සහල් තොගයකටත් මේ වැඩේම සිදු වුනා. අපි ගිනි ගණන් වලට හාල් ගන්නවා . (ර)
මේ විනාශ වන බිලියන ගණන් මහජන මුදල් වලට වගකියන්න ඕන කවුද ? සහල් පාරිභෝගිකයාද ? තවත් මෙයාලට කඩේ යන කට්ටිය ඉන්නවනේ. (ර)
කොහොමත් අතට ගත්තු දේ කටට දාගන්න පින නැති කමක් අපේ අයට තියනවා. ඒ වගේම තියන දේත් ආරක්ෂා කරගන්න බැරි අය තමයි අපේ රටේ වැඩිපුරම ඉන්නේ? (ර)