පුවත්පත් දැන්වීම්වල දැක්වෙන දුරකථන අංකවලට කතාකර කප්පම් ඉල්ලීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබී ඇති බැවින් යම් භාණ්ඩයක් අළෙවි කිරීමට දැන්වීම් පළකරන්නේ නම් තමන්ගේ ස්ථාවර දුරකථන අංකය දැන්වීමට යෙදීමෙන් වළකින ලෙස පොලීසිය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ රථවාහන, නිවාස හා ඉඩම් අළෙවි කරන පුද්ගලයන්ගේ දුරකථන අංක ලබාගන්නා සංවිධානාත්මක කල්ලි කප්පම් ගැනීමේ නිරතවන බවට කරැණු අනාවරණය වී ඇති බවයි.
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බැංකු ගනුදෙනු වලදී ද ජනතාව වඩාත් ප්‍රවේසම් වියයුතු බව ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
,ෆුල්ෆෙස් හෙල්මට් දල හොරකම් කළාම.ඒවා පැලදීම තහනම් කරනවා දෙන් කියනවා ලැන්ඩ් ෆෝන් භාවිතා එපාලු (අ)
සියලුම අපරාධ කරුවන් ලවා සගවා ඇති ආයුධ සොයන මෙහෙයුමක් දියත් කරානම් එක දවසෙන් ගොඩාක් නඩු ඉවර වෙනවා (අ)
ඔය සියල්ලටම මුල රටේ තද නීතියක් නැතිකමයි. (නි)
දරා ගන්න බැරි ජීවන වියදම හින්ද මිනිස්සු වියරු වැටිලා. පාලකයින් බඩු මිල ගැන දෙවරක් හිතන්න කාලය ඇවිල්ල (අ)
එම කාලසීමාවට විතරක් සිමි එකක් ගන්න කියල තමයි කියන්නෙ. (ස)
තමන්ට ළගම තියන පොලිසියේ නොම්ම්මරේ දල දැන්වීම පළ කලා නම් ප්‍රශ්නේ විසදෙනවා (දිල්)
හදිසියට දැන්වීමක් දාලත් ඉවරයි වගේ, විරැකියව අධික ජිවන වියදම හා භාණ්ඩ මිල සොරකමට හේතුවේ. (අ)
ඔය දේශපාලන ලොක්කෝ කරන වැඩ නිසා දැන් හැම කෙනාට ම කප්පම් ගෙවන්න වෙලා... (දී)
ලංකාව ගැන සහ ලංකාවේ පොලිසිය ගැන හිතන කොට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා..........එහෙනම් අපිට ටෙලෙෆොන් අංක දමන්ඩ බෑ පත්තරේට??????????? නියම පොලිසියක්නේ අපිට තියෙන්නේ'''''''' අයෙත් සන්තෝසේ බැරුවා............ (දී)
ස්ථාවර අංකය වෙනුවට 119 අංකය දුන්න නම් හරි! (ස)
අස්ථාවර අංකය නැත්නම්, එහෙනම් 119 දෙමු! (ස)
කප්පන් ගන්නවුන් කැළේට ගෙනිහින් විනාස කරන්න ජනතා සහයෝගය පොලිසියට දෙමු.(අ)
අනේ මෙහෙමත් පොලිසියක්, මාධ්‍ය ප්‍රකාශකතුමනි. හිසේ අමාරුවට කකුලට බෙහෙත් කරලා හරියනවාද?
ස්ථාවර දුරකථන අංක නැතුව තාවකාලික දුරකථන අංක යොදා දැන්වීම් පල කර වංචා කරන අයගෙන් බේරෙන්න කියල ලබන සතියේ පොලිසිය කියාවි... අනේ මෙහෙම රටක්..(අ)
දැන් ඉතින් එහෙම නම් අපිට ගිනි නිවන හමුදාව, හදිසි අනතුරු අංශය , බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ සාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අංක තමයි ස්ථාවර දුරකථන අංක හැටියට දෙන්න තියෙන්නේ. (දිල්)
ලිපිනය රහිත ජංගම දුරකථන අංක යොදා පළකරන දැන්වීම් ගැන ගැටළුවක් නැද්ද? (නි)
තාවකාලික දුරකතන අංක කොහොමද ලබා ගන්නේ? මේ ගැන කවුරුවත් දන්නවාද? (නි)
බන්ධනාගාරයේ ඉඳන් තමයි ඔය සෙල්ලම කරන්නේ රටේ නමගිය අපරාදකාරයෝ. බන්ධනාගාර නිලධාරීන්ගේ සම්පුර්ණ ආරක්ෂාව සහ උදව් යටතේ. පොලිසිය ඒක දන්නවා . (නදී)
මම දැක්කා ඇමති තුමා බන්ධනාගාරයේ ටෙලිපෝන් සවිකරන්න යනවා කියලා තිබුනා.(නදී)