රජයේ අනුග්‍රහයෙන් බාල බීජ සැපයීමෙන් ගිය වසරේ දෙසැම්බරයේ සිදු වූ වගා පාළුව වෙනුවෙන් පොරොන්දු වූ පරිදි මාස තුනකින් වන්දි නොගෙවීයැයි කියමින් හුරුළුවැව සෝයා බෝංචි ගොවියෝ අද අනුරාධපුර කච්චේරිය වැටලූහ.
මාස තුනකින් දෙවැනි වන්දි මුදල ගෙවන බවට දිසාපති විසින් විසින් දෙන ලද පොරොන්දුව අදින් අවසන් වුවත් මුදල් නොගෙවීයැයි ඔවුහු චෝදනා කරති.
දිසාපති කාර්යාලයයට පිවිසෙන ගේට්ටු වසා දමා ඇති අතර ගොවියෝ එක් ගේට්ටුවක් අසළ ලිපක් කැඳ පිළියෙළ කරන්නට වූහ.
අතිරේක දිසාපති ලීල් ප්‍රසන්න මදනායක මහතා ඔවුනට පැවසුවේ මහ දිසාපතිවරයා අද කාර්යාලයයේ නැති බවයි. එහෙත් ගොවියන් පැවසුවේ වන්දි ලැබෙනතුරු එහි නතර වී සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොහොමත් දුප්පත් මිනිස්සු දුක්වීදිනවා (දී)
මේ චන්දෙ දීපු මිනිස්සු .නේද ? සැලකිල්ල වෙන අයටයි ? ආයිත් චන්දෙ ඕනේ නැද්ද ? මෙහෙම හැම දේටම පාරට බහින්න වෙන්නේ ? (දී)
මේක දිසාපතිගේ වැරද්දක් නොවේ.දිසාපති කියන්නෙත් රාජ්‍ය නිලධාරියෙක් පමණයි. එයා මේකට විසඳුමක් ඉල්ලලා අමාත්‍යංශයට හරි වෙනත් ඉහල තැනකට කිව්වාම බොහෝ විට ලැබෙන උත්තරය "ඕවාට දෙන්න සල්ලි නැහැ මොකක් හරි බොරුවක් කියලා ඔය මිනිස්සුන්ව ගෙදර අරින්න" කියන එකයි. එක්කෝ දිසාපතිතුමා ඇත්ත කියලා කෝට් එක ගලවලා ගෙදර යන්න ඕනෑ. එහෙම නැත්නම් රජයත්, තමනුත් බේරෙන්න බොරු කියන්න ඕනෑ. (දී)
මදු, දුප්පත් මිනිස්සුන්ගෙන් චන්දෙන් බලයට පත්වෙන මිනිස්සු සුර සැප විඳිනවා!!! (දී)
ඈ දිසාපතිතුමෝ සුද්දගේ කාලේ ඉඳන්ම බදාදා කියන්නේ මහජන දිනය නෙව. මහ දිසාපති උනේ ඕක නොදැනෙයි?. (දී)
මොකද මේ රටකට වෙලා තියෙන්නේ හැමෝම නැහැයි කියා ගත්ත ගමන්නේ (දී)