
(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කොට තමාට පක්ෂයෙන් යන්න දෙන්න එපා යැයි කන්නලව් කළ හඬ පට විපක්ෂ නායකවරයා කැමති නම් එළියට දැමීමට සූදානම් බව සමගි ජන බලවේගයේ හිටපු උප සභාපති පී. හැරිසන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
හැරිසන් යනු සමගි ජනබලවේගයේ සිටි ඉරට්ටක් යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේ දී කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හැරිසන් මහතා මේ බව සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කළ හඬ පට එලියට දැම්මොත් තමා ඉරට්ටක්ද පොල් ගහක් ද කියා තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි හැරිසන් මහතා සඳහන් කළේය.
දවසක් හෝ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තමා කටයුතු කළ නිසා එතුමාගේ අවසරයක් නැතිව හඬ පට එලියට දාන්න සූදානම් නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවසරය දෙනවා නම් අදාල හඬ පටය එළියට දැමීමට සූදානම් යැයි පී. හැරිසන් මහතා වැඩිදුරටත් කීය.
(ඡායාරූපය: අංජුල මහික වීරරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර හරක් නඩුව නැත්නම් තාම සජියගේ උකුලේ...
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකට තමයි. දේශපාලුවන් කියන්නේ බලය, වාසිය වෙනුවෙන් අම්මා, අප්පා වුණත් පාවාදෙන අසමජ්ජාතීන් කොටසක්...!
යන අය හැමෝම යනකොට ඕවා තමයි කියන්නේ... ඒකෙන්ම තේරෙනවා මේ අය ගිය එකම හොඳයි කියලා....
පටු දේශපාලන වෛරී කතා තුන්වන පංතියේ. පාවා දෙන්නන්ගේ සංගමේ කෙනෙක්...
තාරුණ්‍යයේ සිත් දූෂණය කරන නාකි දේශපාලන පුවත්.
මන්ත්‍රී කමක්වත් නොදුන් අනුරපුරේ ජනතාව හරක් හොරකම් කරපු මේ මිනිහා අනිත් හරක් හොරා එම් ඇස් චන්ද්‍රසේන වගේ පට්ට අපතයෝ නැවත පාර්ලිමේන්තු යවන්නේ නැහැ... ඔයාලත් අර මෛත්‍රී වගේ කුබුරක් කොටාගෙන පාඩුවේ ඉන්න...
හැරී සන් කියන්නේ....හැරියන් පුතා කියන එකනේ....උගේ දෙමව්පියෝ අනාගතය දැකල දාල තියෙන නමක් ඒක...
හැරිස කියන්නෙ පට්ට හරක් හොරෙක්නෙ, ඕක මක බෑවිච්ච එක ඉතාමත්ම හොදයි.