
(අංජුල මහික වීරරත්න සහ තිසර සමල්)
තව පෝය දෙකක් යන විට සජබෙන් බාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වනු ඇතැයි සමගි ජන බලවේගයේ උප සභාපති පී .හැරිසන් මහතා ලංකාදීපයට පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතා අලි ගිලපු දිවුල් ගෙඩියක් වගේ යැයි ද පිටින් හොඳට පෙනුනාට ඇතුලේ කිසිම දෙයක් නැතැයි ද කී හැරිසන් මහතා ඔහු සමග ඉදිරි ගමනක් නැති බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වී තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමනට සහයෝගය පළ කරන බව ද හැරිසන් මහතා සඳහන් කළේය.
මම අවුරුදු 13 කට අධික කාලයක් අනුරාධපුර බටහිර ආසන සංවිධායකවරයා හැටියට කටයුතු කරනවා, මැතිවරණ ගණනාවකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මැතිවරණවලදී සමඟි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයේත් කටයුතු කෙරුවා. මම 1987 ඉඳලා දේශපාලනයයට ඇවිල්ලා, දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් ආරම්භ කරපු මේ ගමන, මම අද වෙනකන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අපි වැඩ කෙරුවා, හැබැයි දිගින් දිගටම පක්ෂයේ ගන්නා ක්‍රියාමාර්ගයන් ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. පෞද්ගලිකව අපේ දේශපාලන වැඩවලටත්, ඒ වගේම රට වෙනුවෙන් විපක්ෂ නායකතුමා ගන්නා තීන්දු ගැනත් අපිට සෑහීමකට පත් වෙන්න බෑ.
මේ රට කවදාකවත් නැති විදිහට අර්බුධ රාශියකට මුහුණ දුන්නා.ඒ අර්බුධ හමුවේ අපි එදත් ප්‍රාර්ථනා කෙරුවේ මේ අර්බුධවලට එකම විසඳුම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්, ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කෙරුවේ, ගිය සැරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉඳලා අපි හැමෝම එතුමාට ඡන්දය දුන්නා.
හැබැයි ඒ අවස්ථාව එතුමාගෙන් ගිලිහිලා ගියා.ඒ කොහොම වෙතත් මහ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ කරලා, සමඟි ජන බලවේගය වෙනම තරඟ කෙරුවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආසනයක් නොතිබුණත් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ඇවිල්ලා රටේ අගමැති වෙලා, රටේ ජනාධිපතිත් වෙලා තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට තමයි කියන්නේ දේශපාලන වව්ලෞ කියලා. ගෙඩි පලගන්න කාලෙට පලදාව වැඩියෙන් තියන ගස් වලට ගිහින් එල්ලෙනවා. මුන්ගේ එකම ප්රතිපත්තිය තමයි වත්ත කාගේ උනත් පුලුවන් තරමටත් වැඩිය පලදාව ගිල දමල රට පුරාම වසුරූ හලන එක..රටේ ජනතාව හිතට ගත යුතු වැදගත්ම දෙය නම් මුන්ට පාඩමක් උගන්නන එක. ඒ කියන්නෙ චන්දෙ නොදී ඉන්න එක.
රනිල් හැරදාල කයමක් ගියෙ රනිල්ට බලය ගන්න බෑ කියල දැන් සජබෙට තියෙන වලංගු බාවය නැති වෙලා හන මිටිය කරගහන් ගිය වගෙ සජබෙ එක්ක යන එක තේරැමක් යන ඒක කියල දේශපාලනය දන්න අය තෙරුම් අරන්.
එක්සත් ජාතික පක්ෂය අතහැර සජබේ හදන්න ගිය දවසේ කීව ප්‍රකාශයත් පලකලොත් තමා වටින්නේ. මේ වගේ දිනන පැත්තට හෝයියා කියන කිසිම ලැජ්ජාවක් බයක් නැති දෙපිට කාට්ටු මිනිස්සුද රටක් හදන්නේ ?
එකම ගෙයි අර කාමරෙන් මේ කාමරේට යෑම ගේ ඇත හැරලා යාමක් වෙන්නේ කොහොමද?
හැරිසන්, රනිල් හැර ගොස් සජිත්ට එක්වෙයි, හැරිසන්, සජිත් හැර ගොස් රනිල්ට එක්වෙයි !
මේවා මහජනතාවට වැදගත් නෑ. මේවා බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දාන්න එපා. තෙල් බේරෙනවා මූනේ. අපේ සල්ලිවලින් නිකම් කාපුවා....
දේශපාලුවෝ...!
මේ හැමදාම දකින දර්ශනය , මුන්ට මොන රට ගැන කැක්කුමක්ද එකම නාය්‍ය වාසි පැත්තට හෝයියා
අත්තෙන් අත්තට පනින රිළව් රට පටවන විට මෙයාවත් පන්නන්න. ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.
අන්තිමට වෙන්නේ ජාතික ධනය කොල්ල කාපු නූගත් සොරු කණ්ඩායමකට මුක්කු ගැසීමක් පමණි. ඇතුලේ බොහෝමයක් දේවල් වෙනවා. මුක්කු ගසා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා.
ලොකු මුදලක් කපුටු කණ්ඩායමෙන් ගෙවන්න ඇති අනිවාර්යයෙන්ම...
හොරුත් එක්ක එකතුවෙන එක කොච්චර සැපක්ද?
මේ රට බංකොලොත් වෙන්න ලොකු හේතු මීට හරක් හොරා
වල පයයි ගොඩ පයයි තියෙන රනිල්ට පන්දම් අල්ලන්න.... කිසිවෙකුට සැමදාම වැඩ කරන්න හෝ ජීවත් වෙන්න බෑ කියල නොදන්න මෝඩ මිනිස්සු......
කුනු ගොඩට හරක් කුනුත් එකතුවෙනව කියන්නෙ ඔකට තමයි
හොරෙක් නැවත හොරා එක්ක එකතුවීම ලංකාවට සුලබ දෙයක්නේ...
අනේ මගෙ කට
අනේ මෙහෙමත් කාලකණ්ණි...
තවත් ඡන්ද 10-15 අඩුඋනා සජිත් ට