පැරණි ක්‍රමයට රෙදි ගෙනැවිත් නියමාකාරයට මසා පඬු පොවා දර්ශනීය පෙරහරකින් වැඩම කරවා මහාසංඝරත්නයට අද අලුයම පූජා කෙරිණි.

වසරක් පාසා මෙම පිංකම සිදු කෙරෙන බව විහාරාධිපති සේනාධිරියාගම ධම්මරතන හිමියෝ පවසති. දායක දායිකාවන් එක්ව සුදු රෙදි රැගෙනවිත් හේවිසි හොරණෑ ශබ්ද පුජා මධ්‍යයේ එම රෙදි පිරිකර පන්සලට වඩම්මවා විනයාකූලව එය මසා හැලියක් ලිප තබා ගිනි මොලවා වර්ණක ගැන්වීම සදහා අවශ්‍ය කොළපොතු තම්බා දැව ඔරුවක දමා මුලින් පාට ගන්වා නැවත ලිපේ ඇති මුට්ටියට එම චිවරය බහා පඬු පෙවීම කරයි.

DSC01642[1] DSC01658[1] DSC01664[1] DSC01695[1] DSC01706[1]