
(ඩී.ජී.සුගතපාල)
රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබු හෙරොයින් තොගයක් සහ ගිනි අවි කිහිපයක් සමඟ සැකකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් කිලෝ 6 ,ටි.56 ගිනි අවි දෙකක් සහ ඒවායේ උණ්ඩ 82ක්, මිලිමිටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක් සහ ඒවායේ උණ්ඩ 39ක් මෙලෙස බාරයට ගෙන තිබේ.
තෙල්වත්ත ප්‍රදේශයේ කරන ලද වැටලිමකදී අනාවරණය කරගත් කරුණු අනුව මෙම වැටලිම සිදුකර ඇති අතර සැකකරු යාබද ඉඩමේ සඟවා තිබියදි මෙම හෙරොයින් සහ ගිනි අවි සොයාගෙන ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසුවේ මෙම ගිනි අවි සහ හෙරොයින් දැනට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකුගේ බවට සැකකරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ තවත් හංගපු බඩු තියනවා හොයන්න එක්ක යන්න කුම්බලා මාලු කෑවානම් දැන් ඉතින් විඳවපන් බලලෝ කිව්වලු. මේවා දකිනකොට අහනකොට පහුගිය කාලෙ රඟපු අයියලාට තේරෙනවා ඇති නේද දිනෙන් දින අපේ ඡන්දෙට වටිනාකමක් එකතුවෙනවා...?