හෙරෝයින් කිලෝ 111ක් ලංකාවට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගන්නා ලද පාකිස්තාන ජාතිකයා ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට නීතීපතිවරයා කටයුතු කරමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට අද (18) දැනුම් දුන්නාය.
2015 වසරේ අපේ‍්‍රල් මාසයේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබු අතර සැකකරුවන් මේ දක්වා රිමාන්ඞ් බාරයේ පසුවිය. එම සැකකරුවන්ගෙන් තිදෙනෙකු තමන්ට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඇප අයැදුම් පත් ඉදිරිපත් කොට තිබිණි.
ඇප ඇයැදුම් පත‍්‍ර කැඳවනු ලැබු අවසථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව කළ පරීක්‍ෂණ කටයුතු අවසන් කර ඇති බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හෙරොයින් අල්ලනවා කියන එක හරිම විහිළුවක්. අහුවෙනවා, පසුව ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා, ඉන්පසු වෙන දෙයක් ගැන සද්දයක් නැහැ. මේ වෙනකන් කන්ටේර් ගණන් සහ සිල්ලරට ආ ගංජා, හෙරොයින් සහ කොකේන් වලට මොකද වුණේ? මේ ගෙනෙන අය පමණයි අසුවෙන්නේ. සම්බන්ධ ලාංකික මහා මොළකරුවන් අහුනොවෙන්නේ ඇයි? පිරිසිදු ක්‍රියාවලියක් නම් සත්‍ය රටට පෙන්වා හෙළි කළයුතුයි (නි)
කුඩු කිලෝ 111 ක් එක්ක අත්අඩංගුවට අරන් සෑහෙන කාලයක් පරීක්‍ෂණ කරනවා. තවම විත්තිකරුවන්ට නඩු දාන්න බැහැ. මේ වගේ විහිලු ලෝකේ කිසිම රටක නැතුව ඇති. (නි)